(හර්ෂණ තුෂාර සිල්වා)
ලෝ ප්‍රකට සී.එන්.එන්. පුවත් සේවය මේ වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.
සී.එන්.එන්. පුවත් සේවයේ ‘සී.එන්.එන්. ට්‍රැවල්’ වෙබ් අඩවියේ කර්තෘවරු වාර්ෂිකව එලෙස සංචාරයට හොඳම ස්ථාන නම් කරති. එම ස්ථාන ඔවුන්ගේ වාර්ෂික ලැයිස්තුවට එක් කෙරේ.
සී.එන්.එන්. ට්‍රැවල් වෙබ් අඩවිය මේ අයුරින් 2018 වසරේ දී ස්ථාන 18ක් ද 2019 වසරේදී ස්ථාන 19ක් ද නම් කළේය.
2020 වසරේ සඳහා හොඳම ස්ථාන 20 අතරට ඇතැම් රටවල් ද ඇතැම් රටවල නගර හා ස්ථාන ද නම් කර තිබේ.
පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වුවද ඉතිහාසය, විහාරස්ථාන, ඉපැරැණි මාලිගා, පෞරාණික නටඹුන්, වනජීවින් හා සොබා සම්පත නිසා ශ්‍රී ලංකාව නැරැඹිය යුතුම ස්ථානයක් ලෙස තවමත් නොනැසී පවතින බව සී.එන්.එන්. ට්‍රැවල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
දකුණු ආසියානු කලාපයේ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව වසර 2,000ක ඉතිහාසයකින් සමන්විත සංකීර්ණ හා ශක්තිමත් පෞඪ ශිෂ්ටාචාරය හිමි රටක් වීම එම ලැයිස්තුවට එක්වීමට ප්‍රධාන වූ හේතු යැයි එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ, පොළොන්නරුව, සීගිරිය, දළදා මාලිගාව සහ මහනුවර ඇසළ පෙරහර, මින්නේරිය ජාතික උද්‍යායනය, වන අලි ශ්‍රී ලංකාවේ වටිනාකමටත් ‘සී.එන්.එන්. හොඳම 20’ එකතුවීමටත් ඉහළ දායකත්වයක් දී තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව චිලී රාජ්‍යයේ ‘චිලියන් ලේක් දිස්ත්‍රික්’, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර, ජෝර්දානයේ මළ මුහුද, ඩොමිනිකා රාජ්‍යය, එස්තෝනියාව, අයර්ලන්තයේ ‘ගල්වේ’, ජැමෙයිකාව, කිර්ගිස්තානය, ජපානයේ ‘කියුෂු’ දූපත, ප්‍රංශයට අයත් භූමි ප්‍රදේශයක් නිව් කැලිඩෝනියාව, බ්‍රසීලයේ පරාටි නගරය සහ ඉල්හා ග්‍රාන්දේ දූපත, මධ්‍යම අප්‍රිකාවේ සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ රාජ්‍යය, රුසියාවේ ශාන්ති පීටර්ස්බර්ග් නගරය, ටියුනීසියාව, බිටිෂ් කොලොම්බියාහි වැන්කුවර් දූපත්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ජර්මනියේ වුපර්ටන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ වයෝමින්ග් සහ සැම්බියාව 2020 සංචාරයට හොඳම ස්ථාන ලෙස නම් කර තිබේ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව
chandima Monday, 06 January 2020 05:53 PM
කටුනායකට එනකන් නම් හොදයි තමයි එතනින් එහාට යන්න ගියාමනේ එපාවෙන්නේ. එක ජර්මානු සංචාරක සඟරාවක තිබුන ප්‍රහාරක ජෙට් නියමුවෙකුටනම් කිසි බයක් නැතුව වහනෙක ඉස්සරහ ආසනේ හර්ද රෝහයක් නොහැදී ගමන් කරන්න පුළුවනි, ත්‍රිරෝද රථ ඇන්දේ හැප්පීන වගේ ඉස්සරහින් විරුද්ද දිශාවින් ඇවිත් ළඟටම ඇවිත් හරවල යනවා කියල. වාහන තදබදේටනම් නීති හදන්නම වෙනවා.
vidya Tuesday, 07 January 2020 03:28 AM
අපි ඉතාම සතුටු වෙනවා මෙහෙම අහන කොටත්. කරුණා කරලා ආණ්ඩුව හෝ පළාත් සභා එකතුවෙලා බොන්නට පිරිසිදු වතුර ටිකක් සහ පිරිසිදු වැසි කිලි ටිකක් හදන්න කටයුතු කරන්න .විශේෂයෙන්ම ගුවන් තොටුපොල ඉදිරිපිට තියන වැසිකිලිය හතර මහා අපායක්.
Sthyavadi Thursday, 09 January 2020 04:34 PM
බොරු ගොඩක්...