IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලෝකයේ ප්‍රමුඛ ගුවන් සමාගම අතර 5 වැනි තැනට ශ්‍රී ලංකන් පත්වෙයි

ගෝලීය පියාසර කිරිමේ නවතම සංඛ්‍යා ලේඛන අනුව , මෙම වසරේ පළමු මාස හය තුළ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වී ඇතැයි ශ්‍රී ලංන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි. 

ශ්‍රී ලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කාර්යසාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවත් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන් අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.



අදහස් (29)

ලෝකයේ ප්‍රමුඛ ගුවන් සමාගම අතර 5 වැනි තැනට ශ්‍රී ලංකන් පත්වෙයි

aravinda Thursday, 03 August 2017 09:58 AM

ලබන පාඩුව සහ ණය බර අතින් මේ සමාගම කුමන ස්ථානයකටද එන්නේ?

:       87       145

බණ්ඩාර(කැකිරාව) Thursday, 03 August 2017 10:23 AM

ඉස්සර නම් (2010-2012) ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතා ඉහළ මට්ටමින් පැවතුණා. එහෙත් දැන්නම් එහෙම දෙයක් නැහැ. ශ්‍රී ලන්කන් ගුවන් යානාවල යන මගියෝ හැමෝම දන්නවා අපේ ගුවන්සේවයේ තියෙන ගුණ සහ අගුණ. 2010 වසරේ ඉතාම පහළ මට්ටමක තිබුණ කටාර් එයාර්වේස් වැනි ගුවන් සමාගම් අද තරු පහේ (ෆයුව් ස්ටාර්) ගුවන් සමාගම් බවට පත්වෙලා.

:       168       273

ranjan Thursday, 03 August 2017 10:24 AM

දැන් මොන සඟරාවේද, නැතිනම් මොන වෙබ් අඩවියේද මෙහෙම තියෙන්නේ?

:       1       72

PerakumThursday, 03 August 2017 02:13 PM

එකනේ රන්ජන් කියන්නේ මේක තමුන්ම තමා ගැන කියන කතාවක් විතරයි

:       0       39

arunaluFriday, 04 August 2017 08:02 AM

මේකට කියන්නේ "මගේ චූන් මටම චුන් '' කියලා.

:       0       18

aravindaFriday, 04 August 2017 10:53 AM

සමහරවිට මෙය පලවෙන්න ඇත්තේ "සිදත් සගරාවේ" වෙන්න ඇති.

:       73       90

kamal Thursday, 03 August 2017 11:31 AM

කාටද අප්පා මෙහෙම බොරු කියන්නේ? අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ?

:       0       93

kumar (galf) Thursday, 03 August 2017 12:19 PM

මේක නම් බොරුවක්, මීට මාසයකට පමණ ප්‍රථම ශ්‍රී ලංකා ගුවන් සමාගම තත්ත්ව පාලනයෙන් අඩුව පවත්වාගෙන යාමේ කටයුතු කරනවා කියා ජාත්‍යන්තරයෙන් පැමිණිලි පවා තිබුණා.

:       0       104

dewa Thursday, 03 August 2017 03:14 PM

ලංකාවේ මිනිහෙක් විදිහට හදවතින්ම සුබපතනවා..

:       67       90

mahinda italy Thursday, 03 August 2017 03:53 PM

මේක නම් මම හිතන්නේ පට්ටපල් බොරුවක් කියලයි.

:       0       61

banda Thursday, 03 August 2017 04:23 PM

අර හොදම මුදල් ඇමති සම්මානය දුන්න සංවිධානයේ අයගේ වැඩක්ද ?

:       0       163

Nalaka Thursday, 03 August 2017 07:59 PM

67 තිබ්බ එක 81 ට ගිහින්

:       0       39

gayan Friday, 04 August 2017 01:43 AM

ලෝකයේ ආරක්ෂිතම ගුවන් සේවා 10 න් එකක් .

:       41       86

ප්‍රියත් ලියනගේ Friday, 04 August 2017 01:58 AM

ඉතාමත්ම ගුණාත්මක භාවයක් තිබුණු ශ්‍රී ලාංකීය ගුවන් සමාගම් තමයි එයාර් සිලෝන් , පසුව එයාර් ලංකා ඉන්පසුව මුල් වකවානුවේ ශ්‍රී ලන්කන්. පසු කාලීනව ශ්‍රී ලන්කන් එමිරේට් සමාගමෙන් නැවත ලබාගත් පසුව තත්වය ඉතාමත් දුර්වල වුණා. ජනප්‍රියත්වය ඉතාමත් පහල වැටුණා. කරන්න දෙයක් නැති නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාවිච්චි කරන මගීන් පිරිසකුත් බිහිවුණා. බොහෝ මගීන් වෙනත් ගුවන් සේවා වල පිහිට පැතුවා එම ගුණාත්මක භාවයේ පසු බෑම නිසා. සමහර ගුවන් සේවක සේවිකාවන් මගීන්ට හරියට කතා කරන්නවත් දන්නේ නැති තැනට පත් වුනා. වරක් මට මතකයි ඉතාමත් ඉහල ස්ථානයක් ලබා ගැනීමට එයාර් ලංකා සමත් වුනා. එකල අපද හරිම ආසාවෙන් එය පරිහරණය කලා, යොදා ගත්ත ගුවන් ගමන් සඳහා. සේවය එතරමට සුපිරියට තිබුණා. නමුත් මෑත භාගයේදී ශ්‍රී ලංකන් මගීන්ට එපා වෙන තරමට සේවය පිරිහුණා. බලධාරීන් මේ ගැන සොයා බලල තත්වයෙන් ඉහල දැමීමට සිතා ගත්තද මන්ද මට මෙය කියවූ විට හැඟුනේ එයයි. නමුත් ශ්‍රී ලාංකිකයකු හැටියට ගුණාත්මක භාවයෙන් යුතු ගුවන් සේවයක් හිමිවනවා නම් අපට එය ඉතාමත් අගය කොට සැලකිය යුතුයි. පසුගිය මෑත වකවානුවේ නම් සේවය ඉතාමත් පිරිහී තිබුණා.

:       0       119

aseFriday, 04 August 2017 10:52 AM

ඔය අයට රාජපක්ෂවරුන්ගේ උණ තිබුණානේ...

:       2       84

D. P. Liyanage Friday, 04 August 2017 02:02 AM

2017 වර්ගීකරණය අනුව ශ්‍රී ලන්කන් තිබෙන්නේ 81 වැනි ස්ථානයේ...

:       19       103

Deepak Karunaratne Friday, 04 August 2017 02:07 AM

මම හිතන්නේ කිඹුලා බනිස් වගේ අලුත් කෑම වර්ග මගීන්ට කන්න දීලා, ජාත්‍යන්තරයට ඒවා හඳුන්වා දුන් ගුවන් සමාගම් අතරින් පස් වන ස්ථානය වෙන්න ඇති.

:       20       530

hewawitharana Friday, 04 August 2017 03:09 AM

මම හිතන්නේ ගුවන්යානා සමාගම් පහක් පමනයි ලෝකයේම තිබෙන්නේ

:       21       71

siri- Oman Friday, 04 August 2017 06:54 AM

කාටද මේ බොරු කියන්නේ? ටොප් 100 එයාර් ලයිනර් 2017 බැලුවොත් හිමි තැන පේනවා 81 ක් කියලා.

:       31       169

anu Friday, 04 August 2017 07:23 AM

ඒකනම් බොරු කතාවක්... දැන් තිබුණු පහසුකනුත් කපලා..

:       11       71

srimala Friday, 04 August 2017 09:21 AM

කුලියට ගත් ගුවන් යානා හතරක්, පහක් තියාගෙන කොහොමද ලෝකයේ පස්වැනි තැනට පත්වන්නේ? එතකොට ගුවන් යානා සියගණන් තියන ලෝකයේ සංවර්ධිත රටවල්වල ගුවන් සමාගම් අපේ එකට වඩා නරකද? කෝටි ගණන් පාඩු ලබමින් කියන මේ බොරු කතා..

:       19       105

උත්තරා බන්ඩාර Friday, 04 August 2017 09:29 AM

මේක කවදාවත් ඇත්තක් වන්නට බැහැ. නැතිනම් තෝරපු අය ගුවන් සමගම් 5 ක් පමණක් අරන් ඒකෙන් පස්වෙනි අපේ එකට ලැබෙන්න ඇති... අහපු අහපු අය කියන්නේ ලෝකයේ දෙනට පවතින ගුවන් සේවා වලින් පහත්ම ගුවන් සේවාව අපේ ගුවන් සේවාව කියායි. ඊට හේතු ලෙස රස්තියාදු කිරීම, අවම සේවය, ප්‍රමිතියෙන් තොර ගුවන් සේවක සෙවිකාවන් සිටීම, නිසි කලට නඩුත්තු නොකරන පරණ ගුවන් යනා, සේවක සේවිකාවන් බඳවා ගැනීමේදී එයට අනුකූල නොවන ක්‍රම එහෙත් දේශපාලන සම්බන්ධකමට හෝ යාළුකමට හෝ සේවාවන් ලබා දීමට කැමති සේවිකාවන් ගැනිම යන කරුණු නිසා අඩු මට්ටමකින් යුතු බව කිව යුතුය.

:       1       102

hardly Friday, 04 August 2017 04:18 PM

අර ලංකාවේ මුදල් ඇමති කෙනෙකුට හොදම මුදුල් ඇමති සම්මානයත් ලැබුන කිවනේ. මේකත් පස්සේ සංශෝදනය වේවි. මේ ලංකාවේ තරම් සම්මාන හම්බුවෙන ආයතන සහ පුද්ගලයන් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති.

:       0       6

Pradeep Liyanage Friday, 04 August 2017 05:16 PM

තමන්ගේ චරිත සහතිකේ තමන්ම ලියාගෙන.

:       0       15

shihan perera Saturday, 05 August 2017 03:48 AM

ලංකාවේ මිනිසුන්ට හරියට සිංහල කියවා තේරුම් ගැනීමේ හැකියාව වත් නැත. මොකද හැම දෙයක් දිහාම දේශපාලන ඇසකින් බලන්නේ.. මේකෙ කියල නැ, sri lankan airline ලෝකෙ හොදම airline වලින් 5න් එක කියලා..

:       7       53

Mahinda Wickramaratne Saturday, 05 August 2017 05:48 AM

මෙවැනි තොරතුරු තිබෙන සඟරා ගෙන්වා ගන්න ආසයි .!

:       0       32

etarahelaya Saturday, 05 August 2017 08:27 PM

මේකත් හිටපු මුදල් ඇමැතිතුමාට දීපු සහතිකේ වගේ...

:       0       27

Bimal Sunday, 06 August 2017 03:31 AM

ගුවන් සේවිකාවන්ගේ උද්දච්චකම අතින් පස් වැනි තැන වෙන්න ඇති. අපේ කට්ටිය පියාඹන්නේ යානාවටත් මීටර් 20 ක් උඩින්. පාරිභෝගික සේවාව ගැන කියලා වැඩක් නැහැ.

:       0       44

upasena Monday, 07 August 2017 05:53 AM

ඒ ගොල්ලෝ හම සුදු අයට එහෙම උද්දච්චකම් දක්වන්නේ නැහැ. ඒ මදැයි. මේ තත්වේ හුඟක් ආසියානු රටවල වෙළඳ සේවිකාවන් අතර පවා තියෙනවා. මට මැලේසියාවේදී මෙහෙම අත්දැකීමක් වුණා.

:       6       16

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1864 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 641 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site