IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොව හොඳම සෞඛ්‍ය සේවා සහිත රටවල් 34 ට ශ්‍රී ලංකාවත්

ලෝකයේ රටවල් 144ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජීවිත රැකවරණය ඇති හොඳම රටවල් 34ට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇතැයි ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
 
එම දර්ශකයට අනුව සෞඛ්‍ය සහ පැවැත්ම සඳහා ශ්‍රී ලංකාව පළමු ස්ථානය හිමිකරගෙන ඇති අතර, අධ්‍යාපන මට්ටම අනුව 86 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.  දේශපාලන බලගැන්වීම අතින් 65 වැනි ස්ථානය හිමිකරගෙන ඇති ශ්‍රී ලංකාව ආර්ථික සහභාගීත්වය සහ අවස්ථාවන් සඳහා 123 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

එමෙන්ම මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ පරතරය 0.669 කි.  
 
දේශපාලන බලගැන්වීම් දර්ශකයේ පළමු ස්ථානයද ආර්ථික සහභාගීත්වය සහ අවස්ථා දර්ශකයේ 14 වැනි ස්ථානයද හිමිකරගෙන සිටින අයිස්ලන්තය අධ්‍යපන මට්ටම සඳහා 57 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. සෞඛ්‍ය සහ පැවැත්ම දර්ශකයේ 114 වැනි ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ.



අදහස් (10)

ලොව හොඳම සෞඛ්‍ය සේවා සහිත රටවල් 34 ට ශ්‍රී ලංකාවත්

de silva Sunday, 05 November 2017 10:40 PM

ලෝකේ කුහකම දොස්තරලා සහ ඔවුන්ගේ දෙමවුපියන් ඉන්න රටවල් වල ලැස්තුවක් හැදුවොත් අපේ රට පලවෙනි තුන්දෙනා අතරට ඒවි.

:       552       270

lalith Monday, 06 November 2017 01:23 AM

අර කියපු විදියට එක ලෙඩේට එක ගානේ ඉස්පිරිතාල හදලා ඉවර වුණාම නොම්මර එකට එනවා සිකුරුයි.

:       1       63

RD Monday, 06 November 2017 06:43 AM

බලනකොට ලෝකයේ හොඳම රට ලංකාව. හැබැයි ඇමතිලා ලෙඩ වුනාම යන්නේ සිංගප්පුරුවට. අනික ඒක පෙන්නේ නැහැ.

:       0       34

RaveendraMonday, 06 November 2017 03:41 PM

ආර්.ඩී. මයා වෙත, ඔබගේ අදහසට ගරු කරන අතර අප එය තරයේ හෙළ දකිනවා. මක්නිසාදයත් ඇමති "හොරුන්ට " හැදෙන ලෙඩවලට බෙහෙත් දෙන්න අපේ වෛද්‍යවරුන්ට දන්නේ නැහැ. වැඩිපුරම තියෙන්නේ කිතුල් ගස් කලන්තයට ආශ්‍රිත ලෙඩ කියල තමා ඇමති "හොරුන්ම " කියන්නේ.

:       0       10

Perera Monday, 06 November 2017 06:02 PM

ඔය ලැයිස්තු හදන අය ලංකාවේ රෝහලකට අඩියක්වත් තියලද මන්ද, ලංකාවේ රෝහල්වල රෝගීන් ඇඳන් උඩයි ඇඳන් යටයි, කොරිඩෝ වලයි, දොස්තරලා වැඩිපුරම වැඩ වර්ජන වල, ඕවා මුකුත් මෙයාල දන්නවද මන්ද.

:       111       35

සරත් Monday, 06 November 2017 11:32 PM

කුහක කම තියෙනවා නේ ,අන්න ඒක හැම වෙලාවේම එලියට එනවා ,නොදුවත්වම ! මම මගේ දරුවා ඉස්පිරිතාලෙට රාත්‍රී 8 ට ගෙනගියාට පස්සේ මධ්‍යමරාත්රියත් පසුවෙලා උදේ 2 වෙනකල් දොස්තරවරු 5 දෙනෙක් වෙහෙස මහන්සිය නොබලා වැඩ කළා.ඊට පස්සේ දුටුව අනික් දෙය තමයි එතන සිටි දොස්තර කෙනෙක් පසු දින හවස් වනතුරු සේවයේ යෙදුන (පොඩි විවේකයක් ගන්න ඇති නමුත් එක දිගටම ).ඒ මා කවුද කියාවත් දැනගෙන නොවේ , .දොස්තරලා ට රෝහල් වල ඇති පහසුකම් අඩු රජයේ නොසැලකිල්ල නිසා මිසක දොස්තරලගේ නොසැලකිල්ල නිසා නොවේ .!

:       0       295

JudeTuesday, 07 November 2017 03:54 AM

එක තමයි හැමදාම strike කරන දොස්තරලා කුහක දොස්තරලා ඉන්න රටක්නේ කොහොමද දන්නෑ මේක උනේ...... ඇමතිතුමා හින්ද වෙන්න ඇති එයානේ බෙහෙත් කරන්නේ......

:       30       175

raheem Tuesday, 07 November 2017 04:18 AM

ලොකයේ වැඩිපුරම දොස්තරලා වර්ජනය කරන රටවල් අතරින් පළවෙනි රට ලංකාව කියල කිව්වොත් තම හරි.......

:       140       94

Nimal Thursday, 09 November 2017 07:13 AM

ඒක තමයි අපේ සෞඛ්‍ය ඇමති සහ අනෙක් ඇමතිවරු බෙහෙත් ගන්න පිටරට යන්නේ.

:       0       12

Aka Friday, 10 November 2017 07:06 AM

කව්රු නිසා උනත් දොස්තරලා නිසානම් මේක උනා වෙන්න බැහැ.....

:       2       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 785 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site