(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ජපානයේ සාත්තු සේවිකා රැකියා අවස්ථා සියයක් හිමිව ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
විදේශ රැකියා අමාත්‍යංශය හා අයි එම් ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා ලබා දී ඇතැයි ද කාර්යංශය කියයි.
මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස සාත්තු සේවිකා වෘත්තිය සඳහා කාන්තාවන් 100 කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනෙන අතර මෙම ශ්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රුපියල් 135,000 කට ආසන්න මුදලක් හිමි වනු ඇත.
මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති අපේක්ෂිකාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇති බවත් කාර්යාංශයේ 011 2791814 යන අංකයට දුරකතන ඇමතුමක් ලබාදීම මගින්ද වැඩි විස්තර ලබාගත හැකි බවත් පැවසේ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලාංකික කතුන්ට ජපානයේ රැකියා 100ක්
hira Thursday, 11 January 2018 08:50 AM
මේ සියය තෝරන්නේ අනිවාර්යෙන්ම දේශපාලන අධිකාරියට අනුව. එක ඉර හද වගේ විස්වාසයි.
rama Thursday, 11 January 2018 09:35 AM
මේ ඔක්කොම යන්නේ තලතා අතුකෝරලගේ හිතවත් අය නේද????????????????
sachith Thursday, 11 January 2018 10:56 AM
මේ රට ලබල තියෙන දියුණුව පේනවා නේද අවුරුදු 70ක් තිස්සේ ? රටේ සාක්ෂරතාවය 95% වැඩියි, එත් තම රටේ ප්‍රධාන අදායම් මාර්ගය සාත්තු සේවිකා රැකියා, පසුව ඇගලුම් හා තේ. හැබැයි දේශපාලකයන්ගේ පම්පොරියනම් ලබන අවුරුද්දේ අගහරුට යන්න වගේ.
Raveendra Thursday, 11 January 2018 02:18 PM
කාන්තාව පිටරට රැකියාවට යවලා පිනට කකා බිබී ඉන්න පිරිමිත් අපේ රටේ තවමත් සිටීම කනගාටුවකි.
Don Thursday, 11 January 2018 04:57 PM
මේ 135000 න් එහෙ මාසේ වියදම් ටික ගියහම ඉතුරු කරගන්න වෙන්නේ රුපියල් 35000 ක් තමයි .
sadun Thursday, 11 January 2018 11:44 PM
ජපානයේ ජිවන වියදම ඉතා අධිකයි. නිවෙස් වල කුලිය ඉතා අධිකයි. රු. 35000 ක් වත් ඉතිරි කරගන්න බැහැ ටෝකියෝ වගේ පැත්තක නම්. නමුත් ඉතිං රජ සැපට පිරිසිදුව හොද ආහාර හොඳ දේවල්නි පරිහරනය කරමින් නිතිගරුකව තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන රස්සාව කරගෙන සාමාකාමිව ඉන්න පුළුවන් රටක්. ප්‍රශ්න විසඳන්න කියලා නිලධාරින්ට රවුම් ගහනන් එන්න ඕනෙ වෙන්නෙ නැහැ ජපායට නම්.
නුමාFriday, 12 January 2018 11:34 AM
හරියටම හරි. නිදහසේ ඉන්න නම් කියාපු රට. හැබැයි ගෙවල්/ලයිට්,වතුර බිල්/ රක්ෂණ නැතුව නම් 135000 කින් ජීවත් වෙන එක ටිකක් අමාරු වෙනවා. මම හිතන්නේ අඩුම ගණනේ නවාතැන්වත් දෙනවා ඇති. සාමකාමීව ජීවත් වෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ජපන් මිනිසෙක් සමඟ ප්‍රශ්නයක් ඇතිවුණොත්, බොහෝවිට වරදකරු වන්නේ පිටරැටියා. ලංකාවේ විදිහට නැතුව ජපානයේ විදිහට ඉන්නවා නම්, මොනවත් ප්‍රශ්ණ නැහැ. පිරිසක් එක නිවසක ජීවත් වීම ලාභදායී නමුත්, ප්‍රශ්ණ වලට අත වැනීමක්. මෙහෙ හවුලේ ජීවත් වන ලාංකිකයින්ගෙන් දකින්නට ලැබෙන්නේ එහෙම තත්ත්වයක්.
upali Friday, 12 January 2018 12:55 PM
පුළුවන්නම් ගිහින් ජපානයේ රෝහල් ටිකත් ඉවර කරලා දැම්මනම් හරි.
emerson Friday, 12 January 2018 03:32 PM
ඉල්ලුම් පත්‍ර දැම්මට වැඩක් නැ. යවන කට්ටියව තෝරාගෙන ඉවරයි. ගිහිල්ලා ලෙඩ්ඩුන්ට සලකන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හැබැයි ඇඟිලි සලකුණු යන්ත්‍ර එපා කියලා ස්ට්‍රයිඩ් කරන්න නම් ලෑස්ති වෙන්න එපා. පහුවදාට අතින් ටිකට් අරන් ගෙදර එන්න වෙයි.
Nuwan Tuesday, 16 January 2018 09:49 AM
ඇඟිලි සලකුණු යන්ත්‍ර එපා කියලා ස්ට්‍රයික් කරලා ලෝකෙටම පෙන්නපුවම ලාංකිකයන්ගේ ගෝත්‍රික භාවය නැවත මේ වගේ අවස්ථා ලැබෙන එකක් නැහැ