IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලක්-සිංගප්පුරු වෙළඳ ගිවිසුම ගැන දිනෙක විවාදයක් ඉල්ලයි

(සුජිත් හෙවාජුලිගේ)

ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දි‍නෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ  නායක, කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තුෂාණි රෝහණධීර මහත්මියගෙන් කළ විමසුමකදී  ඇය සඳහන් කළේ දිනේෂ් ගුණවර්ධන මහතා මේ ඉල්ලීම් ලිඛිතව කර තිබෙන බවයි.

විවාදය බොහෝ දුරට ලබන 18 වැනි දා පැවැත්වෙන ඇතැයි ද රෝහණධීර මහත්මිය පැවසුවාය.

මේ අතර ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ තොරතුරු කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි ඒකාබද්ධ විපක්ෂය පසුගියදා රජයට චෝදනා කළේය. 



අදහස් (16)

ලක්-සිංගප්පුරු වෙළඳ ගිවිසුම ගැන දිනෙක විවාදයක් ඉල්ලයි

dhamneth Tuesday, 26 June 2018 01:36 AM

සිංගප්පුරුවේ ලංකාවට වඩා වැඩි වැටුප් දෙනවා කියනවනේද .එනිසා සිංගප්පුරු ජනයා මෙහෙ අඩු පඩියට වැඩකරන්න ඒවිද? පොදුවේ මන්ත්‍රීවරුන්ගේ පඩි හා දීමනා වැඩිකරන්න ගෙනෙන යෝජනාවකට හැර ආණ්ඩුව ගෙනෙන අනික් සෑම යෝජනාවකටම ඔබ විරුද්ධ වෙනවා ඔබ විපක්ෂයේ සිටින විට..

:       138       524

Saththaya Tuesday, 26 June 2018 02:47 AM

විවාද ඉල්ල ඉල්ලා රට අගාදයට දාන්න. රටේ කාලය නාස්ති කරන්න එපා. තව වැඩි වයසක් නැහැ නේද විවාද කර කර ඉන්න. ජනතාවට සේවයක් කරන්න, ගන්න වැටුපයි අනිකුත් දීමනා වලටයි හරියන්න. ඒවා මහජන මුදල්.

:       257       655

හෙන්රි Wednesday, 27 June 2018 02:10 AM

ඔබ කියන්නේ සිංගප්පුරුවේ විෂබීජ සහිත කුණු මෙරටට ගෙන්නන්න කියලාද...? මොලේ අඩුවක් ඇති බව නම් පෙනෙනවා..

:       453       55

Ruwan Tuesday, 26 June 2018 08:32 AM

දියුණු රටක මිනිස්සු මේවගේ නොදියුණු රටක "අමන මැති ඇමතිලත් එක්ක" වැඩ කරන්න ඒවිද. නිකන් මිනිස්සුන්ව ගොනාට අන්දන එක දැන්වත් නවත්ත්වන්න මහත්තයෝ. ඔයාගේ පාසල් කාලේ මිත්‍රයත් ඔයාවගේම තමයි අගමැති වුනාට.

:       108       223

rasika Tuesday, 26 June 2018 07:35 PM

මෙතැන් තියෙන්න ප්‍රශ්නේ සිංගප්පුරු වැසියන් මෙහෙ එන එක නොවේ. මේ ගිවිසුම හරහා ඉන්දීය ජාතිකයන්ට මෙහෙ වැඩ කරන්න එන්න අවස්ථාව තියෙනවා. ඉන්දියානු සමාගමක් සිංගපූරුවේ ලියාපදිංචි කලොත් එක ලංකාවේ බ්‍රාන්ච් එකක් දැම්මොත්, එයාලට පුළුවන් ඉන්දීය ජාතිකයන්ව වැඩට ගන්න. එකයි ගැටලුව. දන්නේ නැති නිසා තමා විවාදයක් ඉල්ලන්නේ. ජනතාවට දැනුවත් වෙන්න. අර 20 වෙනි සංශෝධනේ ගැන දැනගත්ත වගේ.

:       628       245

kapThursday, 28 June 2018 05:45 AM

දෑනුත් ඒ වෑඩේ කරන්න පුලුවන්.. වෑඩේ වෙනවා.

:       4       47

Rasika Friday, 29 June 2018 02:37 PM

හරි... දැනුත් කසිප්පු පෙරනවා කියලා එ්ක නීතියෙන් සම්මත කළොත් මොකද වෙන්නේ?

:       71       51

athuraThursday, 05 July 2018 07:59 AM

ඔබ තුමාට ප්‍රශ්නේ ඉන්දියාවේ අය එන එකනේ ඔබතුමා හිතන විදිහට චීන කට්ටිය කියක් විතර දැන් ලංකාවේ ඉන්නවද?

:       0       0

Ajith Nissanka Tuesday, 26 June 2018 08:02 PM

අනේ හැම මගුලටම අදිරාජ්‍යවාදී ලේබල් ගහන්නේ නැතුව අඩු පාඩු තියනවානම් දෙගොල්ලෝ කතා කරලා හදාගෙන මේ වෙළද ගිවිසුම් සාර්ථක කර ගැනීම මේ දෙගොල්ලොගෙම වගකීමක්! සාර්ථක වෙළද ගිවිසුම් මගින් හැමෝටම ආර්ථික වාසි ගන්න පුළුවන්.

:       0       131

Thilanka Wednesday, 27 June 2018 05:02 AM

විවාද කරනවා කියන්නේ රටේ කාලේ කා දැමීමක් නොවේ. විවාද කිරීමෙන් රටට අහිතකර දේ තිබෙනවා නම් නිවැරදි කරගත හැකියි. රටේ මිනිස්සු ඒ දේවල් දැනගත යුතුයි.....

:       185       85

Banda Wednesday, 27 June 2018 11:58 AM

මෙයා අපේ රටට කරපු වැඩක් කියන්නකෝ කවුරු හරි දන්නවනම්.

:       0       361

Chandra Wednesday, 27 June 2018 01:54 PM

බණ්ඩා මයා, ඇයි දූෂණයට කඩේ යාම.... ලේසි පහසු වැඩක් නෙමේ...

:       38       2

ආනන්ද Wednesday, 27 June 2018 10:47 PM

රජය ඉදිරිපත් කරන සැම යෝජනාවකටම දේෂපාලාන වාසි තකා විරුද්ධ වීම නොව ඒවා ගැඹුරින් අධ්‍යනය කල යුතුය. දැන බලන්න අපේ ප්‍රදේශවල මේෂන් බාස් කෙනෙක් වඩුවෙක් සොයා ගැනීම අතිශයින් අපහසුය. සිංගප්පුරුවෙන් ඉන්දියානු කාර්මිකයන් පැමිනෙන්නේනම් මෙම තත්ත්වයට විසඳුමක් ලැබේ. අනික, රජයේ සේවක වෛද්‍ය වෘත්තිකයන් විසින් ලෙඩුන් ප්‍රාන ඇපයට ගැනීමට නොහැකි වන පරිදි සිංගප්පුරුවෙන් හා ඉන්දියාව අතුළු වෙනත් රටවලින්ද මෙවැනි ගිවිසුම් හරහා මෙරටට වෛද්‍ය වෘත්තිකයන්ට පැමිනීමට ඉඩ දිය යුතුය. එයට ඉඩ ලබෙන පරිදි ,මහා බ්‍රිතාන්‍යයේ මෙන් ලංකාවේද මෙඩිකල් කවුන්සිලයේ SLMC සංයුතිය පාර්ලිමේන්තු පනතකින් වෙනස් කල යුතුය.

:       1       997

ජාලිය Friday, 29 June 2018 03:39 PM

මිනිස් ජාවාරම අද ලෝකේ ලාභදායකම වෙළඳාමක්... මේ යටතේ ඉන්දුනීසියානු සහ ඉන්දියන් ශ්‍රමිකයින් ලංකාවට එවන්න පුළුවන්..

:       57       1

Pabath Saturday, 30 June 2018 04:29 AM

මෙයා මේ සිංගප්පූරු ගිවිසුම් ගැන කතා කරනවා. මහරජාගේ කාලේ නැට්ට පස්සේ ගහගෙන හිටියේ... මේ රටේ මොනතරම් අකටයුතුකම් වුණාද ඒ කාළේ? කතරගම දේවාලගම් ඉතිහාස පනත් හොරෙන් වෙනස් කරලා තමන්ගේ ගෝල බාල හමුදුරුගොල්ලෝ දාගෙන දේවාලේ පවා බලය රජා අතට ගත්තා.

:       0       718

ආනන්දSunday, 01 July 2018 09:07 AM

සංවාදයට ඉතා හොඳ අදහසක්. කුරුකුලසරිත්තම් නැමැති ද්‍රවිඩ දෙමළ ඉතිහාස පොතේ කතරගම දේවාලය දුටුගැමුණු රජු විසින් කරවන ලද බවත් එහි දේවාලයේ කටයුතු පහත රට එක ප්‍රදාන කුලයකට අයත් අයව පත් කල බවත් සඳහන් වෙනවා. මෙය රාජ නියෝගයක් බැවින් අද දක්වා කපුවන් එම කුලයට අයත් අය විය යුතුය.!

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 84 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 48 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site