( තිළිණි ද සිල්වා )
ඉතියෝපියාව තුළ ලාංකික විදුලි උත්පාදන නිෂ්පාදන හඳුන්වා දීමට ශ්‍රී ලාංකික සමාගමක් පියවර ගෙන ඇතැයි ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ හා විදේශයන් හි දැවැන්ත විදුලි ව්‍යාපෘති සඳහා විදුලි පුවරු නිෂ්පාදක සමාගමක් වන වෙනෝලා ලංකා බලශක්ති පුවරු පෞද්ගලික සමාගම විසින් මෙලෙස විදුලි බලය ලබාදෙන පාලන පද්ධති නිෂ්පාදන ආරම්භ කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියි.
මෙම සමාගම ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින, මියන්මාරය, සීෂෙල්ස් සහ කෙන්යාව යන රටවල බලශක්ති උත්පාදන කටයුතු සඳහා විද්‍යුත් පැනල් පුවරු සපයනු ලබන සම්මානීය සමාගමකි.
නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ඇඩිස්බාබා හි හර්මෝනි හෝටලයේදී පැවැත්වූ අතර ඊට ඉතියෝපියානු ව්‍යාපාරික ප්‍රජාව සහ ඉදිකිරීම් කර්මාන්තය, විදුලි ඉංජිනේරුවන්, විදුලි උපදේශකවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් ඇතුළු 50 කට අධික පිරිසක් සහභාගි වූහ.
මෙම උත්සවයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා කියා සිටියේ ඉතියෝපියානු වෙළඳපොළේ ලාංකික නිෂ්පාදන එළිදැක්වීමෙන් දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාම සහ ආයෝජනය සඳහා ඇති කදිම අවස්ථාවක් බව කියා සිටියේය.
මෙවැනි පසුබිමක් යටතේ ඉතියෝපියානු ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා පැමිණෙන්නැයි ආරාධනා කළ තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සංචාරක, වෙළඳ හා විදේශීය ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව පැමිණි සිටි දැනුවත් කළේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලක් විදුලි උත්පාදන නිපැයුම් ඉතියෝපියාවට හඳුන්වා දෙයි
vidya Tuesday, 16 October 2018 03:26 PM
අනේ ඔය තාක්ෂනය අපේ ගම වලටත් හඳුන්වල දෙන්නකෝ. අපි බොහෝවිට ඉන්නේ කරුවලේ.
Kumar Saturday, 20 October 2018 04:26 PM
මම දන්නා තරමට 1980 වෙනි දශකයේ ගම්වවල සූර්ය කෝෂ සවිකිරීමේ ව්‍යාපෘතිය විදුලිබල මණ්ඩලය පටන් අරගෙන තිබුණා. එය අතහැර දැමීමට හේතුවනම් දන්නේ නෑ.