හර්ෂණ තුෂාර සිල්වා
මෙරට ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා ප්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම යන්න අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම’ දියත් කිරීමේ උත්සවය අද (17) පස්වරුවේ පැවැත්විණි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහභාගී වූ අතර ආලියන්ස් ආයතනයේ කලාපීය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය රූඩිගර් ශේෆර් මුඛ්‍ය දේශනය කළේය.
‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම’ දියත් කිරීමේ පස්වැනි අදියර ලෙසින් පැවැති මෙම උත්සවය ජර්මානු තානාපති කාර්යාලයේ සහයෝගීත්වයෙන් පැවැත්විණි.
ජර්මානු වෙළෙඳා සන්නාම 100කට අධික සංඛ්‍යාවක් නැවත වරක් නව මුහුණුවරකින් දියත් කිරීමේ මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය මෙහෙයවන ව්‍යාපාරික සමුළු ති‍්‍රත්වයක් ලබන 24 වැනිදා සිට 26 වැනිදා දක්වා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්, හැම්බර්ග් සහ බර්ලින් යන නගරවලදී පැවැත්වේ.
කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්රයේ ප්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික හවුල්කාර රටක් බවට පත්ව ඇත. පසුගිය වසරේදී මෙරටින් ජර්මනියට අපනයන යූරෝ මිලියන 654ක් දක්වා සියයට 13කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය සඳහන් කරයි. එම ආයතනයේ දත්තවලට ජර්මනියෙන් කරන ලද ආනයන සියයට 81කින් යූරෝ මිලියන 570ක් දක්වා වර්ධනය වී තිබේ. ඊට අමතරව ජර්මානු සෘජු විදෙස් ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු බවත් ශ්‍රී ලංකාවේ තිබෙන මුළු ජර්මානු සෘජු විදෙස් ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යන් රොහෙඞ්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනයේ ප්‍රධාන නියෝජිත ඇන්ඞ්රියස් හර්ගන්රොතර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාවේ ප්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම දියත් කෙරේ