IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලංකාවේ නිරපේක්ෂ දරිද්‍රතාවය 3.8 කින් අඩුවෙයි

හර්ෂණ තුෂාර සිල්වා 
 
ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දරිද්‍රතාව සියයට 3.8 දක්වා අඩු වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (10) කොළඹදී ප්‍රකාශ කළේය. 
 
එහෙත් දරිද්‍රතාව රේඛාව දිනකට රුපියල් 400කට ආසන්න අගයකට ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සැළකිය යුතු ලෙසින් ඉහළ යන බවත් මෙරට වැඩි ජනගහගනයක් සිටින්නේ එම සීමාවේ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීය.
 
ඒ අනුව ආර්ථිකමය වශයෙන් අනාරක්ෂිත ජනගහනය ඉතා ඉහළ යන බව ද හෙතෙම කීය.
 
තරුණ ව්‍යවසාකයන් ඇගයීම වෙනුවෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය.
 
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
 
“ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දරිද්‍රතාව මට්ටම පහළ ගිහින්. එම ජනගහනය සියයට 3.8ක් දක්වා අඩුවෙලා. එය ඉතාමත් අඩු අගයක්. එය ඉතා හොඳයි. නිරපේක්ෂ දරිද්‍රතා මට්ටම රේඛාව වූයේ දිනකට එක්සත් ජනපද ඩොලර් 1.30 (ආසන්න වශයෙන් රුපියල් 200ක්) එහෙත් එම රේඛාව එක්සත් ජනපද ඩොලර් 2.50ක් දක්වා (ආසන්න වශයෙන් රුපියල් 400ක්) දක්වා ඉහළ දැමුවහොත් ලංකාවේ අතිබහුතරයත් එම කොටසේ සිටිනවා. ආර්ථිකමය වශයෙන් අනාරක්ෂිත පිරිස ඉතා වැඩි.
 
ඒ නිසා ඒ මට්ටම් වලින් ජනතාව මුදා ගැනිය යුතුයි. එසේ කළ හැකි ප්‍රධානතම ක්‍රමවේදයක් ලෙස ග්‍රාමීය ව්‍යවසායකත්වය පෙන්වාදෙන්න පුළුවන්. ව්‍යාවසායකයන්ට විශේෂයෙන් රටේ තරුණ ප්‍රජාවට ව්‍යවසායකත්වය තුළින් ඔවුනොවුන්ගේ ජනජීවිතය උසස් කරගන්න පුළුවන්” යැයි හෙතෙම වැඩිදුරටත් කීය. 
 
 
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (4)

ලංකාවේ නිරපේක්ෂ දරිද්‍රතාවය 3.8 කින් අඩුවෙයි

vidya Friday, 11 May 2018 02:59 PM

හිස්පුටු ගොඩක් තියෙන්නේ දරිද්‍ර තත්වයෙන් පෙලෙන මිනිස්සු දවසේ වේල හොයා ගන්න ගිහින් ඇති.

:       1       86

Raveendra Sunday, 13 May 2018 06:18 AM

අප මේ රවටන්නේ කාවද ???

:       24       22

dhamneth Tuesday, 15 May 2018 03:30 AM

අපේ පළාතේ නම් දිනක අවම වැටුප රු.1500යි. රු. දාහකට අඩුවෙන් මොන පළාතෙන්ද සේවකයෝ ලබාගන්න පුළුවන්? කව්රුත් කියන්නේ කෙනෙක් වැඩට එනවනම් අවම වශයෙන් දිනකට රු. දාහක් ගන්නා බවයි.

:       0       66

hewawitharana Wednesday, 16 May 2018 08:39 PM

බැංකු අධිපති වරයා ඉංගිරිසියෙන් කළ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන විට පොඩ්ඩක් වැරදිලා වගේ

:       0       24

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site