SLIM ජනතා සම්මාන ප්රදානෝත්සවය ආරම්භ වූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස සම්මානයට පාත්‍ර විය.
සමාගම විසින් මුල්‍ය වාර්තා එළිදක්වා පිට පිටම 17 වන වතාවටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව තහවුරු කිරීමෙන් මාසයක් ඉක්ම යනවිට සමාගමේ ජනප්‍රියතාවය සැලකිල්ලට ගනිමින් 2021 සම්මාන උළෙලෙ හිදී මෙම සම්මානය ජයග්‍රහණය කිරීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සිදුකරන ප්‍රධානතම සම්මාන ප්රදානෝත්සවය වන SLIM ජනතා සම්මාන මගින් මෙරට විවිධ අංශවල ආධිපත්‍යය පතුරුවා තිබෙන ප්‍රමුඛතම සම්මාන බුහුමනට ලක් කරයි.
‘ජීවිත රක්ෂණයේ ආරක්ෂක දැල මගින් ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ අනාගතයේ අවදානම අඩුකර ගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් දශක තුනකට වැඩි කාලයක් පුරා සහයෝගය ලබාදෙනවා. මීට අමතරව, සමාගම විසින් රක්ෂණ ඔප්පු හිමියන්ට තවත් අමතර ප්රතිලාභ රැසක් ද ලබාදෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. SLIM ජනතා සම්මාන මගින් සමාගම රක්ෂණ ඔප්පු හිමියන්ට අමතරව විවිධ වැඩසටහන් ඔස්සේ සාමාන්‍ය ජනතාව සමගත් ගොඩනගාගෙන තිබෙන ශක්තිමත් බැඳීම පෙනෙනවා’ යැයි ද ඒ මහතා කීය.
2015 වසරේ දී නීත්‍යානුකූලව ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙන්කිරීමෙන් පසුව ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ සමාගම්වලට වෙන වෙනම ‘වසරේ ජනතා රක්ෂණ සේවා සම්පාදකයා’ යන සම්මානය ප්රදානය කළ පස්වන වසර 2021 වේ. මේ ආකාරයෙන් රක්ෂණ කර්මාන්තය කොටස් දෙකකට වෙන්කිරීමට පෙර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම මෙම සම්මානය වසර 10 ක් පුරා සෑම වසරකදීම දිනා ගන්නා ලදී.
2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 150 ක්වූ අතර එම වසරේදී රුපියල් බිලියන 36.9 ක සමස්ත ආදායමක්, රුපියල් බිලියන 22.1 ක රක්ෂණ වාරික ආදායමක්, රුපියල් බිලියන 106.7 ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 133.7 ක් ඉක්මවන ආයෝජන කළඹක් මෙන්ම රුපියල් බිලියන 8.7 ක බදුවලට පෙර ලාභයක් සමාගම වාර්තා කරන ලදී.
සේයාරූ සටහන -
2021 (SLIM) ජනතා සම්මාන ප්‍රදානයට සහභාගි වූ සෙලින්කෝ ලයිෆ් අධ්යක්ෂ ඩෙවාන් කුරේ මහතා ප්රමුඛ නියෝජිත කණ්ඩායම.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාවේ ජනප්‍රියම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ්