IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාවට කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය ශ්‍රී ලංකාව සඳහා කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක් අද (26) හඳුන්වා දුන්නේය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා එක්වෙමින් ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය මෙම කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුව සකස් කර ඇත.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උත්සවයකදී කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුව ඇතුළත් එම කෙටුම්පත එළිදැක්විණි.

සැලසුම් රාමුව ඇතුළත් මෙම කෙටුම්පතෙන් ශ්‍රී ලංකාව කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණික ක්‍රමවේද පුරවැසියන්ගේ යහපත උදෙසා භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි මග පෙන්වීමක් කරන බව ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය මෙහිදි සඳහන් කළේය.
වගකීම් සහගත කෘත්‍රිම බුද්ධි සංවර්ධනයේ ප්‍රධාන අංග 3 වන විනිවිදභාවය, තමන්ට පෙර රට සංකල්පය සහ දත්ත පදනම් කරගත් නිර්දේශ යන මාර්ගෝපදේශ මූලික කරගනිමින්, අධ්‍යාපනය, තාක්ෂණය, ආචාරධර්ම, ප්‍රමිතිකරණය සහ ප්‍රතිපත්ති යන අංශ ඔස්සේ බහුතල ප්‍රවේශයක් ලබාගැනීම මෙම සැලසුම් රාමුව මගින් යෝජනා කර තිබේ.

එයින් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල දැනුම සහ නව තාක්ෂණික ක්‍රමවේදවලට අනුකූලව හැඩ ගැසීමේ හැකියාව පුළුල් කිරීම, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සාධාරණ තරග බිමක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නීතිරීති හඳුන්වා දීම, කෘත්‍රිම බුද්ධි දේශයක් බවට පත්වීම සඳහා පුද්ගලයන් සහ සමාජය වඩාත් හොඳින් සූදානම් කරවීම, කෘත්‍රිම බුද්ධිය යහපත සාක්ෂාත් කරන උපාංගයක් ලෙස හඳුන්වා දීම, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ මූලධාර්මික සහ ප්‍රායෝගික පර්යේෂණ දිරිගැන්වීම, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සුවිශේෂී අවස්ථා හඳුනාගැනීම සහ ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණ හා කෘත්‍රිම බුද්ධි සමාගම් මෙරටට ආකර්ෂණය කරගැනීම යන ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වේ.

අධ්‍යාපනය, රාජ්‍ය පාලනය, කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය සේවය යන අංශ සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙම සැලසුම් රාමුවෙන් මගින් පැහැදිලිව පෙන්වා දී තිබෙන බව ද එය දැනට පවතින ක්‍රමවේදයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන අතරම, නව විසඳුම්, ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්ති යෝජනා කරන බව ද ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය මෙහිදි තවදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ලංකාවට කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක්

charlie wick Friday, 28 June 2019 03:47 AM

පාර්ලිමේන්තුවේ ඉන්න 225 තමයි මේවා ඕන. මම කිවුවේ අලුත් මොළ "Not Artificial intelligence"

:       3       11

wimal Monday, 01 July 2019 07:10 AM

දැනටමත් අපි ගොඩක් දෙන වැඩ කරන්නේ කෘතීම බුද්ධියෙන් තමයි. ඒ ගොල්ලන්ටත් අපෙන් ඉගෙන ගන්න පුළුවන්.

:       0       4

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1183 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site