IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රුපියලේ අගය අවප්‍රමාණය දේශපාලන ඝෝෂාවකි

මහින්ද ගේ ආර්ථික විශේෂඥයන්ට ද රුපියල අවප්‍රමාණය පාලනය කළ නොහැකි වී තිබේ. රනිල් ගේ ආණ්ඩුව රුපියල පාලනයට අසමත් බවට තර්ක ඉදිරිපත් කළ දේශපාලනඥයෝ නිහඬ වී ඇත.

ආර්ථිකයේ ප්‍රාතිහාර්ය නැත. මැජික් විසඳූම් නැති බව සඳහන් කළ යුතුය. දේශපාලනඥයෝ විනිමය අවප්‍රමාණය ගැන නගන ඝෝෂාව තුළ ජනතාව ගැන කැක්කුමක් නැත. එය බලය අල්ලා ගන්නට තනන ඉනිමගේ එක වාරුවක් පමණකි.

විනිමය අනුපාතය වෙනස්වීම තුළ වාසි හා අවාසි දෙකම තිබේ.

ඉලක්කම් දෙස ඇඟිල්ල දිග්කර පෙන්වන දේශපාලනඥයෝ දකින්නේ තලියේ කිඹුලන්ය. ආර්ථික විශේෂඥයන් කතා නොකරන්නේ ඇයි? ජනතාවගේ හඬට ඉඩක් තිබේද? ව්‍යවසායකයන් හෝ අපනයනකරුවන් නිහඬ මන්ද?

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වන විට සමාජයේ එක පැත්තකට අන්ධකාරය උදාවෙයි. අනෙක් පැත්තට ආලෝකය නැගෙන බව දේශපලනඥයෝ සඟවති. අනෙක් වැදගත් කාරණයක් තිබේ. ඉල්ලුම හා සැපයුම විනිමය අනුපාතයේ සැලකිය යුතු සාධකයකි. ඩොලර් ඉල්ලන තරමට දෙන්නට වත්කමක් නැති අවස්ථාවක මිල ඉහළ නගී. ඉල්ලුම අඩු කළහොත් අවප්‍රමාණය පාලනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ පොදු ජනතාව සිය විනිමය අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් ඉල්ලන අවස්ථාවේ නීති පනවා පාලනය කිරීම යුක්ති සහගත නැත. ඉල්ලුම තෘප්ත කරන්නට පියවර ගැනීම හැර දේශපාලන පොරපිටියේ නායක ඉත්තන් මාරු කිරීමෙන් රුපියල ශක්තිමත් නොවේ.

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන ගැසට් නිවේදනය නිකුත් කළ ඉකුත් ඔක්තෝම්බර් 26 වැනි දා ඇමරිකානු ඩොලරයක සාමාන්‍ය මිල රු. 172.82 ක් විය. නොවැම්බර් 29 වැනි දා එනම් මාසයකුත් දින තුනකට පසු එය රු. 180.04 ක සාමාන්‍ය අගයකය. මහින්ද ආණ්ඩුවට ප්‍රාතිහාර්ය කළ හැකි නම් රුපියල ශක්තිමත් අගයකට පත් වනු සිකුරුය.

මෙරට ජනගහනයෙන් ලක්ෂ විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටී. ආණ්ඩුවට අනුව එම පිරිස රටවිරුවන්ය. එතෙර වැඩ කර රටට විනිමය එවයි. 2016 මාර්තු අග ඇමරිකානු ඩොලරයක මිල රු.146.00 කි. අවුරුදු දෙකහමාරකට පසු රු.180.04 කි. ඇමරිකානු ඩොලර් 1000 ක් තමන්ගේ ගෙදරට එවන රට විරුවෙකුට එදාට වඩා රුපියල් 34,500 කට වැඩි මුදලක් අතිරේකව ලැබේ. රුපියල බාල්දුවීම වැඩකරන ජනතාවට ප්‍රශ්නයක් ද?

අපනයනකරුවන්ට එය ඉතා වාසිදායකය. තේ හෝ ඇගළුම් අපනයනය කරන ව්‍යාපාරිකයෙකු ඩොලර් අවප්‍රමාණයවන තෙක් බලා සිටී. තේ කිලෝවක් විකුණා ලැබුණ එක ඩොලරයකට එදා ලැබුණ මිල හෝ අද ලැබෙන මිල සසඳන්න. අපනයන ක්‍රියාවලියෙහි නිරත කිසිවෙකු රුපියල වැටෙනවා යැයි විලාප දෙන්නේ නැත.

සංචාරක කර්මාන්තයට එයට වඩා වෙනස් ආකාරයට බලපා තිබේ. රටට එන විදේශිකයෙකු ගුවන් තොටුපොලේ දී විනිමය මාරු කරන අවස්ථාවේ දී අතට ලැබෙන රුපියල් ගණන වැඩිය. එයින් රට තුළ කරන වියදම පහසුවෙයි. විදේශ ආයෝජකයන්ට ද එය අනෙක් පැත්තකින් ලාබ අත්වන දෙයකි. ඇමරිකානු ඩොලර් මිලියන තුන් හාර සියයක ආයෝජනයක් වෙනුවෙන් රටට ගෙනෙන ධනය මාරු කළ විට ව්‍යාපෘතියට ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩුවෙන් දේශීය ආයෝජන පිරිවැය කළමණාකරනය කරගත හැක.

අනෙක් පැත්තක් ද තිබේ. රටට ගෙන්වන ඉන්ධන වල මිල ඉහළ නගී. මෙරට ආනයන වියදමෙන් 25% ක් පහක් ඛනිජ තෙල් බව ප්‍රකාශ වෙයි. කර්මාන්ත හා ව්‍යාපාර වලට ගෙන්වන අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර හා මෙවලම් වෙනුවෙන් මිල වැඩිවෙයි. යාන වාහන ආනයනය සඳහා අතිරේක බරක් පැටවෙයි. සෑහෙන සිසු සිදුවියන් පිරිසක් විදේශතව අධ්‍යාපනය ලබයි. ඔවුන්ගේ දෙමාපියන්ට විදේශ මුදලින් ගෙවන වියදම තරමක් බරට දැනේ.
රුපියලේ අගය පිරිහීම මත විදේශ ණය බර වැඩිවන කතාව අසත්‍යයකි. එය රුපියල් වලින් ගණන් බැලීමෙන් පමණකි. රටවල් වලින් හෝ ජාත්‍යන්තර සංවිධාන වලින් ලබා ගත් ණය හා ඒවායේ පොලිය ගෙවන්නේ විදේශ විනිමය වලින්ය. විනිමය උපයාගෙන ඒවා ගෙවීම සිදුවෙයි. කිසිම රටක් හෝ අඩුම තරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ණය වාරිකය වෙනුවෙන් රුපියල් නෝට්ටු භාරගන්නේ නැත.

හැබෑව මිත්‍යාවෙන් ආවරණය කරන්නට පුලුවන්කමක් නැත. ඉල්ලුම හා සැපයුම සියල්ල තීරණය කරයි. දේශපාලනඥයෝ පටු වාසි තකා මෙම සත්‍ය වසන් කරති.

රුපියල අවප්‍රමාණයවීම විශාල විනාශයක් බවට ප්‍රචාරය කරයි. ලෝකයේ කිසිම රටක් විනිමය අගය අවප්‍රමාණය මත ලෝක සිතියමෙන් අහෝසි වී නැත. ඉතාම විශාල ණය කන්දක සිටි බ්‍රසීලය අද ඉතාම දියුණු ආර්ථිකයකය. තායිවානය ද එසේය. රැසියාව ගැන අමතක කරන්නේ ඇයි? ග්‍රීසිය ද විනිමය අගය පිරිහීම මත දුෂ්කර තැනකට පත් වූ රටකි.

මෙම රටවල් විදේශ වත්කම් පිරිහී ආර්ථිකය දරුණු අර්බුදයකට මුහුණ දුන්නේය. පසුව නිසි ප්‍රතිසංස්කරණ අනුව නිවැරදි මාවත තෝරා ගෙන තිබේ. නිසි අවස්ථාවේ දී නිසි වෙනස්කම් අවශ්‍යය. ඒවා දුෂ්කරය. සමාජයට තේරුම් කර දීම පහසු නැත.

එක කොටසකට වාසි සිදුවන විට තවත් කොටසකට අවාසි සිදුවෙයි. එය සමබර කිරීම සාර්ථක ආණ්ඩුවක ලක්ෂණයයි. ආර්ථිකය පාලනය කරන පුද්ගලයාගේ ප්‍රතිරෑපය වැදගත් නැත. ඔහුගේ තරම හෝ තරාතිරම අනවශ්‍ය කාරණයකි. මහින්දගේ හැඩ අනුව ආයෝජකයෝ පැමිණ ඔවුහු රැගෙන එන විනිමය හෙයින් රැපියලේ අගය අවප්‍රමාණයවීම නතරවන්නේ නැත. බටහිරට හිතැති රනිල් ගේ පාලනයට කැමැත්තෙන් ආයෝජකයෝ රටට එන්නේ ද නැත. ආධාර දෙන්නේ ද නැති බව සහතිකය. ස්ථිර ප්‍රතිපත්ති වලින් පමණක් රටට අප්‍රමාණ වාසි අත්පත් වෙයි.

මෑත කාලීනව ශ්‍රී ලංකාව උග්‍ර විනිමය හිඟයකට මුහුණ පා ඇති බව නොරහසකි. එයට හේතුව රට තුළ ඇති ඉල්ලුමට ප්‍රමාණවත් තරමට විදේශ විනිමය නොතිබීම බව දැක්විය යුතුය.

ශ්‍රී ලංකාවේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් වන විට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11 කි. මෙම පරතරය පියැවීම හැර විකල්පයක් නැත. එයට කළ යුතු අපනයනය නැංවීමය. මොනවා හෝ නිපදවා පිටරටට විකුණන්නට පියවර ගත යුතුය. නැත්නම් සංචාරක ව්‍යාපාරය නැංවීම අවශ්‍යය. සෘජු හෝ වක්‍ර විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ද එක පියවරකි. ඒ සියල්ල අසාර්ථක අවස්ථාවක වාසිදායක කොන්දේසි යටතේ විදේශ ණය ගෙන ඉතා ඉක්මනින් විනිමය ඉපැයීමට හැකි පසුබිම සකස් කළ යුතුය.

චින්තනී එස්. සියඹලාගොඩ

 

 



අදහස් (3)

රුපියලේ අගය අවප්‍රමාණය දේශපාලන ඝෝෂාවකි

Rohana Sunday, 02 December 2018 01:31 AM

ඩොලරය ශක්තිමත්වීම බොහෝ දුරට ඇමෙරිකානු ආර්ථික ප්‍රතිපත්ති වල බලපෑමෙන් සිදුවූබව පිළිගැනීමට සිදුවේ. නමුත් රටේ ආර්ථික කළමනාකරණය තුළින් මෙම පීඩනය තරමක් දුරට වලක්වා ගතහැකිව තිබුණි. එම නිසා ආණ්ඩුව සහ ප්‍රතිපත්ති සම්පදකයින්ගේ වගකීම නොමැතිවීමේ අඩුපාඩුව මෙතන දකින්න තිබෙනවා.

:       15       2

jaya Monday, 03 December 2018 01:04 PM

ලෝකයේ කිසිම රටක් විනිමය අගය අවප්‍රමාණය මත ලෝක සිතියමෙන් අහෝසි වී නැත. වෙනුසුවෙලාව

:       1       0

tommy Tuesday, 04 December 2018 11:25 AM

අද ඇතිවී ඇති රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවනතාවය නිසා, බොහෝ අපනයන කරුවන් රුපියල තව දුරටත් අවප්‍රමාණ වේ යයි සිතා, තමන් උපාය ගත් විදේශ විනිමය රට තුළට ගෙන එමෙන් වැළකී සිටිනවා. මෑතකදී බන්දුල ගුණවර්ධන කල ප්‍රකාශයකට අනුව මෙලෙස අපනයන කරුවන් රටින් පිට රදවාගෙන තිබෙන මුදල ඩොලර් බිලියන 8 ක් පමණ වේ. මේ ඩොලර් හිඟය ලබන වසරට ඇති විදෙස් නය වාරික ගෙවීම සහ, රටට අවශ්‍ය ආනයන සඳහා පීඩනයක් ඇති කරමින් සිටී. මේ ප්‍රශ්නය ලබන වසරට අය වැයක් ඉදිරිපත් නොකළ හැකි තත්වයක් දක්වා ඔඩු දුවා ඇති අතර, මා සිතන්නේ වර්තමාන දේශපාලන අර්බුදයේ මුලාශ්‍රය මේ රුපියල අවප්‍රමාණය වීම යයි කියායි. මෑතකදී රුපියල අවප්‍රමාණය වුයේ ඇමෙරිකානු පොලි අනුපාතය ඉහල යාම නිසා වූ අතර, අවාසනාවකට එවැනි දෙයක් ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට පාලනය කල නොහැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 20 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2004 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site