(අජිත්ලාල් ශාන්තඋදය)
රබර් මිල පහළ බැසීම නිසා කුඩා සහ මහා පරිමාන රබර් වතු හිමියන් මෙන්ම රබර් ක්ෂේත්රය ආශ්‍රිතව විවිධ රැකියාවල නියුතු පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිති.
මේ දිනවල වේලන ලද ෂීට් රබර් කිලෝවක මිල රුපියල් දෙසිය විස්සත් දෙසිය පනහත් අතර පහළ මට්ටමක පවතින බව රබර් වතු හිමියෝ කියති. රත්නපුර, කලූතර, ගාල්ල, මාතර සහ මොණරාගල දිස්ත්‍රික් ආශ්‍රිතව රබර් වගාකරුවෝ වැඩිපුර සිටිති.
මහා පරිමාන වතු සමාගම් ද රබර් මිළ පහළ බැසීමෙන් දැඩි අසීරුවට පත්ව සිටිති. කර්මාන්ත නඩත්තු සේවක වැටුප් ගෙවීම් ආදී ගැටලූ රැසකට ඔවුහුද පත්ව සිටිති.
ලංකාවේ රබර් ආශ්රිත කර්මාන්ත රැසක් ක්‍රියාත්මක නමුත් ඒවාට අවශ්‍ය රබර් කිරි අඩු මිලට පිටරටින් ආනයනය කිරිම නිසා මෙරට රබර් කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුව බව ද රබර් ක්ෂේත්රයේ නියැලි සිටින පිරිස් කියති.
දැනට වසර පහ හයක සිට රබර් මිල පහත වැටීම ආරම්භ වූ බව පවසන රබර් වතු හිමියන් පැවති හෝ පවතින කිසිදු රජයක් මේ රබර් මිළ පහත වැටීමේ ගැටලූවට විසඳුම් ලබාදීමට අසමත් වූ බව කියයි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රබර් මිල පහළ බසී
raawana Sunday, 18 February 2018 06:21 PM
ගෙනාපල්ලා තවත් රබර් කිරි පිට රටින්.ගම්මිරිස් වලට කලෙත් ඔය දේමනේ.බිස්නස් කාරයින්ටම හදපියවූ.
PerakumMonday, 19 February 2018 03:48 PM
ඇයි අපේ ඊනියා දේශපාලුවන්ට මේවා නොපෙනේද? විපක්ෂයේ ඉන්න අයට ඇති එකම අරමුණ කෙසේ හෝ බලයට ඒමයි. ආණ්ඩු පක්ෂයේ ඇති එකම අරමුණ කෙසේ හෝ බලයේ රැදී සිටීමයි. ජනතා ප්‍රශ්න විසඳීමට මොකෙක්වත් නෑ.
PerakumTuesday, 20 February 2018 03:51 PM
දන්නේ නැද්ද මේක ඉන්දියන් සාගරයේ අමුතු ඇටයනේ...
prabash Wednesday, 21 February 2018 12:42 PM
රටේ කිසි ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ. මේ අය කරන එකම දේ පක්ෂයේ ප්‍රශ්න ගැන කතාකරන එක විතරයි. පක්ෂය හැදුවට රට හැදෙන්නේ නැහැ. රට හැදුවොත් පක්ෂය නිකන්ම හැදෙනවා. මෙහෙම රටක් කවදවත් දියුණු වේවිද? ටී.වී, රේඩියෝ කාරයින්ට වෙන කියන්න කිසිම විස්තරයක් නැහැ. ප්රවෘත්ති බැලුවොත් පක්ෂයක් ගැන විස්තරයක් විතරයි.
KirikapannaaSaturday, 24 February 2018 11:13 AM
රබර් මිල වසර පුරා නිශ්චිත මට්ටමක පවත්වා ගැනීමට රබර් වගාවට අදාළ ආයතන කටයුතු කළ යුතුයි.
Sajith sasindu Tuesday, 22 January 2019 02:47 PM
රබර් මිල ඉහල දැම්මොත් හොදයි
නයනී වරාගොඩ Sunday, 12 February 2023 02:10 PM
රබර් මිල මෙහෙම එකපාරට අඩුකරන එක අසාධාරණයි... හයසීයේ ඉඳන් පහළ දැම්මා. ඩයමන්ඩ් කරන්න රොටියකට දහයක් දීලා ඇසිඩ් බෝතලයක් දාහකට අරන්..., වේලන්න විසිපහක් ගෙවලා මිනිස්සුන්ට ලාභයක් කෝ...!