IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න කටයුතු කළ යුතුයි

 (නිමල කොඩිතුවක්කු)
පාස්කු ප‍්‍රහාරයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් රටේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
 
රටේ සංවර්ධන ක‍්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, ඒ සියලූ උත්සාහයන් පරාජය කොට සංවර්ධන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් පියවර ගත යුතු බවත්  වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩුව ඉදිරියට ක‍්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් සමග අද (29)  පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.
 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
 
"ආණ්ඩුව ඉදිරියට ක‍්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කළා. අපේ‍්‍රල් 21 වනදා සිට මේ දක්වා අප ගත් තීන්දු තීරණ නිසා මාසයක් ගත වීමටත් පෙර අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් ලෝකයේම සිදුවී තිබෙන්නේ කිහිපයක් පමණයි.
 
පාසල් පැවැත්වීම කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ ගත්තත් මේ වන විට පාසල් සාමාන්‍ය පරිදි පවත්වනවා. ඒ වගේම මුස්ලිම් දේවස්ථානවල යාඥාවන් සහ කතෝලික දේවමෙහෙයන් සාමාන්‍ය පරිදි සිදු කරනු ලබන අතර ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් උත්සවය ද අප ඉහළින් සැමරුවා. මේ වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් රටේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුව තිබෙනවා. 

එම කාලය තුළ ඇතැම් ව්‍යාපාරිකයන්ට තම ණය ගෙවීම පිළිබඳව ගැටලූ ඇති වූ නිසා ඒ අයට කෙටි කාලීන සහන ලබා දෙන ලෙස බැංකුවලින් අප ඉල්ලා සිටියා. පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් අපේ අපනයන අඩු වී නොමැති අතර නිෂ්පාදන අංශ ගණනාවක් සිය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා.

පාස්කු ප‍්‍රහාරය නිසා විශාල බලපෑමක් ඇති වූ අංශ පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. මේ ප‍්‍රහාරයෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි.

පාස්කු ප‍්‍රහාරයත් සමග ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට සඳහන් කරමින් විදෙස් රටවල් ගණනාවක් ශ‍්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබුණා. නමුත් මේ වන විට ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ශ‍්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට තිබෙනවා. තවත් රටවල් කිහිපයක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.


ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාව, චීනය සහ යුරෝපය ඇතුලූ රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් පසුගියදා  රැස්වූ කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක කළා.

මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට අප කටයුතු කරනවා. සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත සියලූ දෙනාගේ ණය වෙනුවෙන් සහන ලබාදීමට ද ඒ අනුව කටයුතු කරනවා. 

ශ‍්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කිරීමත් සමඟ අගෝස්තු මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී දෙසැම්බර් මාසය වන විට අපේ ඉලක්කගත සංචාරකයින් ප‍්‍රමාණය පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ගම්පෙරලිය සහ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන් වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් ප‍්‍රමාණය තවත් වැඩි කර තිබෙනවා. එම නිසා තම ආසනවලට ගොස් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස අපේ සංවිධායකවරුන්ට දැනුම් දෙනවා."



අදහස් (13)

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න කටයුතු කළ යුතුයි

upali Wednesday, 29 May 2019 01:41 PM

ඔව්වට බැංකු කඩමින්, ජාතික දේපල විකුණමින්, වෙඩි නොවදින වාහනවල ගමන් යමින් ඉන්නේ.. මොවුන්ට වැහි නැති හෙණ වදිනවාමයි..

:       5       512

godfreyWednesday, 29 May 2019 02:56 PM

අනේ උපාලි, ඔබගේ ඉල්ලීම කිසිම වැඩක් නැත... මොවුන්, වහින වෙලාවට පාරට බහින්නේ නැත්නම්, අව්වකට පාරට බහින්නේ නැත්නම්, බෝම්බ පත්තුවෙන බව දැන එළියට බහින්නේ නැත්නම්, ඔබගේ ඉල්ලීම දෙවියෝ කොහොමද ඉටු කරන්නේ? ඕනෑ නම් යක්ෂයාට යාඤ්ඤා කළ හැකියි. වෙනත් ක්‍රමයකට ඉක්මනට ගනින් කියල. එසේ නොකර වෙනත් ක්‍රමයකට මොවුන්, ඉවත් කිරීම අද ලේසි නැත.

:       0       45

RaveendraWednesday, 29 May 2019 03:26 PM

උපාලි මයා වෙත, බිය නොවන්න. හොඳින් සූත්තර පුංචාගේ පසුබිම හොයා බැලීමට උත්සාහ කරන්න. එවිට ඔබට හැකිවෙයි වැහි නැති හෙණ වදිනවට වඩා හෙන වැදිලා තියෙන්නේ. මේ රිලව් 225ම බොරුවට " අටෝගෙන " ඉන්නේ. පුලුවන් නම් එක රිලවෙකුගේ හෝ පසුබිම හොයන්න නිස්කලංකව.., " මහා අඳෝනාවන් ඇතුලාන්තයේ " තියෙන්නේ. පවුල් සංස්ථාව, අඹුදරුවෝ, දූදරුවෝ හොඳින් ඉගෙනගෙන සතුටින් කල් ගතකරනවද? ලෙඩදුක් නමුත් රඟමින් ඉන්නේ. සරලවම කියනවා නම් "හිත නිදහසේ වැසිකිලි යාමටත් නොහැකි " මහා පව්‍කාරයන් 225 ක් මේ ඉන්නේ. එයට එකම එක හේතුව අහිංසක මිනිසුන්ගේ සාපය.. මෙය විහිළුවක් නොවේ. අප කිසිවෙකුට උසුළු විසුළු කරනවා නොවේ මෙය තමයි යතාර්ථය.

:       0       73

Rasika Wednesday, 29 May 2019 04:00 PM

2015 දී අපිත් මොවුන්ව පත් කරන්න ඡන්දෙ දුන්නා.. ඒ දුන්නේ යහපත් අනාගතයක් වෙනුවෙන්. මොවුන් කිසිදාක වෙනස්වෙලා නැහැ කියලා.. මොන සුරඟන කතා කිව්වත් නැවත කිසිදිනක මම එජාපයට එකට ඡන්දෙ දෙන්නේ නැහැ.. ඒ තරමටම රට විනාශ කළා..

:       2       213

NimalWednesday, 29 May 2019 05:16 PM

අනේ රසික මහත්තයෝ අපේ කරුමේ... මෙහෙමත් මතක් කරන්නේ ඇයි?

:       0       33

Nimal Wednesday, 29 May 2019 05:15 PM

එ්කනේ යාළුවාට වෙඩි නොවදින කාර් එකක් ඕඩර් කරලාම ආර්ථික සංවර්ධනයට යන ගමන පටන් ගත්තේ..

:       0       37

chandima Wednesday, 29 May 2019 06:22 PM

මේ තරම් කල් කලේ පස්සට ගෙනියන එකද?

:       0       64

samanThursday, 30 May 2019 03:40 PM

ඔව්... දිගටම පස්සට, ඡන්දෙ ළංවෙනකොට ඉස්සරහට... සමනල් කට්ටියනේ...

:       0       0

chathuri Thursday, 30 May 2019 02:44 AM

ගොඩක් කාලෙකින් හොරකන්නත් බැරි වුනානේ කට්ටියට ඊට වැඩිය හොඳ නැතිද රැජිනට නැවත රට බාර දුන්නනම්

:       0       27

Ratna P Thursday, 30 May 2019 07:53 AM

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නලා උසස් තනතුරක් දෙන්න. එයා ආර්ථිකය හදල දෙයි.

:       0       0

isurandi Thursday, 30 May 2019 08:16 AM

මොන පැත්තෙන්ද මහත්තයෝ රටේ ආර්ථිකේ ශක්තිමත් කරන්නේ? තියෙන ටිකත් කාබාසිනියා කරලා තියෙද්දී තව මොන සංවර්ධනයක්ද!

:       0       0

wimal Friday, 31 May 2019 06:13 AM

අපි දැන් ගොඩාක් ඉදිරියටම ගියානේ දැන් මහන්සි ටිකක් නිවාගෙන නැවත ඉදිරියටම යමු.

:       0       0

Hafeel Friday, 31 May 2019 07:35 AM

එක කොව්ද කලයුතු? ජනතාවද? බොහොම ලස්සනට ගතවූ අවුරුදු හතරම කලානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 62 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 44 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site