IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රට සල්ලි වලින් බදු ගන්නවාට විරෝධය

(නිමල කොඩිතුවක්කු)

විදේශ ගත ශ‍්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදලින් 1% බද්දක් අය කිරීමට මෙවර අයවැයෙන් රජය සැලසුම් කිරීම ඇතුළු ගැටලූ සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂණ  සුබවික‍්‍රම මහතා අද (7) පැවසීය.

ලක්ෂ 30 ක් පමණ වන විදෙස් ගත ශ‍්‍රමිකයන් රුපියල් ටි‍්‍රලියනයකට අධික මුදලක් මෙරටට මාසිකව එවන බවත් ඔවුන්ගේ ගැටලූ වලට කිසිදු විසඳුමක් ලබා නොදෙමින් රජය අසාධාරණ ලෙස බදු අය කිරීමක් පමණක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

තානාපති සේවාව මගින්ද විදෙස්ගත ශ‍්‍රමිකයන්ට කිසිදු සේවාවක් නොවන බවත් ආණ්ඩුමාරුවන ප‍්‍රතිපත්තියක් වෙනුවට ස්ථිර ප‍්‍රතිපත්තියක් රජය විසින් විදේශගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් සිදුකළ යුතු බවද  සුබවික‍්‍රම මහතා පැවසීය.



අදහස් (67)

රට සල්ලි වලින් බදු ගන්නවාට විරෝධය

sasath Thursday, 07 December 2017 11:45 AM

ඔය ආණ්ඩුව ඉල්ලන් කන්නයි යන්නේ... අපි අහන්නම් උණ්ඩි ක්‍රමයටම සල්ලි එවන්නම්. එතකොට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.

:       1       630

shamaFriday, 08 December 2017 02:52 AM

2013/2014 වසර වලදී වි.සේ..නි. කාර්යාංශයෙහි සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ විගණන වාර්තාව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත භාරදුන්නයි කියලා ආන්ඩුව පත්වුනු කාලේ පත්තර වල පළවුනා. කාර්යාංශයේ උත්සවයකට ලක්ෂ විස්සක් ලබාදීම, මුල්ගල් තැබීමකට ලක්ෂ විස්සක් වැය කිරීම, පසුගිය කාලය තුළ ප්‍රචාරක අංශයේ වියදම පමණක් රු. මිලියන 362 ක් බවද, කිරිඅම්මාවරුන්ගේ දානයක් සඳහා කාර්යාංශයේ මුදල් වැය කිරීම, මැයිදින රැලි පාගමන් සඳහා ලක්ෂ ගණන් වැයකිරිම ඇතුළු අයථා ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් මේ වාර්තාවට ඇතුළත් කැර ඇති බවත් පලවුනා. මේ කාගේ සල්ලිද? කොහොමද මේ සල්ලි අසරන මිනිසුන් හෙව්වේ. නමුත් වියදම් කරලා තියෙන්නේ කොහොමද? මේවට නිතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? මේවා එහෙමම යට ගහලා ආයිත් ඡන්දනම් බලාපොරොත්තු වෙන්න එපා කියලා තමයි කියනන් තියෙන්නේ.

:       1       1427

indunilMonday, 11 December 2017 08:33 AM

මේ ඇස් පනාපිට අහිංසයින්ගේ සල්ලි හොරකම් කල අය ප්‍රසිද්ධ කරලා දඬුවම් දිලා අදාල මුදල් කන්දරාව ආපිට අයකර ගන්න අදාල ඇමතිලාගෙන් සහ ඔවුන්ගේ හෙන්චයියන්ගෙන්. ඉන්පසු අපෙන් බදු අය කරන්න අපි ගෙවන්නම්.

:       1       181

රජින්ද Thursday, 07 December 2017 12:08 PM

1%ක් නෙවේ. 001%ක් අපේ විදෙස් ශ්‍රමිකයින්ගේ සල්ලිවලින් මේ යහපාලන නඩය (විශේෂයෙන්ම) කපා ගන්නවාට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. හැබැයි එහෙම බද්දක් අපේ මිනිස්සුන්ගෙන් අය කලොත් ඔවුන් අතර නීති විරෝධී මුදල් භාවිතය මගින් සහ වෙනත් ක්‍රම වලින් රටට මුදල් එවයි. අන්න එදාට මේ යහපාලන හොර නඩය දැනගනීවි තමන්ගේ විදෙස් සංචිත තවත් කොච්චර අඩු වෙලාද කියන එක. පුළුවන්නම් විදෙස් ශ්‍රමිකයින්ගේ දහදියෙන් සහ කඳුළින් නැහැවුණු සල්ලි වලට අත තියලා බලන්න.

:       89       861

kumar (galf) Thursday, 07 December 2017 01:02 PM

අපිට වාහන බලපත්‍රයවත් දෙනවානම් කමක් නෑ. මේක හිගන වැඩක්...

:       0       211

Bamunuarachchi Thursday, 07 December 2017 01:58 PM

විදේශ වලින් එවන මුදල්වලින් සතයක් රජයට දෙන්න එපා. ඕවට ක්‍රම සහ විධි තිබෙනවා. මම මගේ දරුවන්ට කිව්වා සත්‍යයක් ලංකාවට එවන්න. එපා කියලා.

:       0       232

Raveendra Thursday, 07 December 2017 02:39 PM

නොදකින් මේ මෝඩ තීරණ. ලැජ්ජා නැතිව දියවන්නාවේ අයවලුන් මිනිස්සුන්ගේ ලේ, කදුළු, දහදිය වලින් තවත් ගාණක් කපාගන්න නේද මේ සැරසෙන්නේ? පාහරයෝ..තුක් නොදකින්... (.කතෘ තුමා වෙත කරුණාකර මෙය මෙලෙසම පලකරන මෙන් ඉල්ලා සිටිමි.)

:       1       885

piumi Thursday, 07 December 2017 02:44 PM

කෝ මේ තලතා නෝනා?

:       0       136

de silva Thursday, 07 December 2017 02:49 PM

එතකොට විදේශගත ශ්‍රමිකයෝ මුදල්, බැංකු මගින් එවන්නේ නැතුව අයථා ක්‍රම මගින් මුදල් එවාවි... එතකොට වෙන්නේ තිබෙන අාදායමත් නැති වෙන එක... කරන්න තියන එකම දෙය නිවාස සහ ව්‍යාපාරික ණය සඳහා තිබූ පොලි අනුපාතය 2015 තිබුණු මට්ටමට අඩු කරන්න. එතකොට මිනිස්සු ව්‍යාපාරවලට, නිවාස වලට මුදල් ආයෝජනය කරන්න පටන්ගනිවි. මුදල් ජනතාව අතර සංසරණය වෙනකොට රජයට ලැබෙන බදු අාදායමත් වැඩි වෙනවා.

:       0       411

BamunuarachchiThursday, 07 December 2017 04:32 PM

හලෝ ර‍ටක පොලී අනුපාතය නියම වීම බැංකු අධිපතිට හෝ ජනාධිපතිට වුවමනා විදිහට කෙරෙන දෙයක් නොවෙයි. එය ආර්ථික න්‍යායකට අනුව කෙරෙන දෙයක්. මෙතන සිදුවූ බැංකු වංචාවේ ප්‍රතිඵලය තමයි පොලී අනුපාතය ඉහල යාම. ඔබගේ බුද්ධියට ගෝචර නැහැ වගේද?

:       353       201

himalSaturday, 09 December 2017 01:47 PM

බැංකු වංචාවක් නිසා නොවෙයි රජය රටේ බැංකු පද්ධතියෙන් ණය ගන්න කොට කොහොමත් පොළිය වෙනස් වෙනවා. නිදහසේ සිට අද වන තෙක් රජය ණය අරන් තියෙනවා වගේම ඒ ණය ගැණීම් ඉහළ යද්දි ණය පොළිය ඉහළ යනවා. මුදලට තියෙන්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක්. ඒකේ පිරිවැය වෙන්නේ පොළිය. විදේශ ප්‍රේෂණ සෘජුවම බලපාන්නේ ගෙවුම් ශේෂයේ සංක්‍රාම ඉපැයුම් වලට. විදේශ ප්‍රේෂණ අඩු වෙලා විදේශ වත්කම් අඩු වෙනවා නම්, මහ බැංකුව තමන්ගේ විදේශ සංචිත නිදහස් කරනවා, එක්කෝ මුදල් සැපයුම අඩු කරන්න ක්‍රියා මාර්ග ගන්නවා.

:       1       42

BamunuarachchiMonday, 18 December 2017 06:45 AM

හිමාල් මම ඔබට අවදාරනයෙන් කියනවා ඔබේ දැනුවත් වීම සඳහා යූ ටියුබ් එකට ගොස් සැප්තැම්බර් 17 වෙනිදා බන්දුල ගුන්වරදනමහතා සමග තිබූ insight වැඩසටහනට සවන් දෙන්න කියලා. රටේ මොනවාදවෙන්නේ කියා අපි නිතර අප්ඩෙට් හෙවත් කාලාවරෝදී වෙන්න ඕනේ.

:       1       1

himalMonday, 18 December 2017 10:24 AM

බන්දුල ගුණවර්ධනට ඊට කලින් 2500න් කාලා ඉන්න හැටි පෙන්නන්න කියන්නකෝ. මොකද එහෙම කළා නම් ණය ගන්න ඕන නෑනේ.

:       0       0

BamunuarachchiMonday, 18 December 2017 12:28 PM

ඕකනේ අපේ අයට යමක් ඉගෙන ගන්න බැරි පණ්ඩිත කම ඉහවහ ගිහිල්ලා නුවණක්කාරයෙක් නම් කරුණාකර එයට සවන් දෙන්න. මේ කෙලින බොරු පැත්තක දාලා යමක් ඉගෙන ගන්න ඕනේ නම් මෙම මස 17 ඊයේ තිබුණු වැඩසටහන් වැඩසටහනත් බලන්න. දේශපාලන මතිමතාන්තර පැත්තකට දාලා එය බලන්න. මට යම්කිසි කෙනෙක් ඔහොම පණිවිඩයක් දුන්නානම් මම ස්තූතිකරලා ඒ වැඩසටහන බලනවා. වැඩේ අපේ සමහරු උපදින්නේම මහෞෂධ පණ්ඩිතයෝ වගේනේ.

:       1       2

anthony Thursday, 07 December 2017 11:04 PM

මේ රටේ ඉඳලා වැඩක් නැති කමට ණයවෙලා හරි ගානක් ගෙවලා හොරෙන් පිට රටකට යන අයවත් අල්ලාගෙන ඇවිත් නඩු අහලා හිරේ දැම්මම ඒ මිනිස්සුන්ගේ නඩත්තුවට සල්ලි ඕනෑ...

:       2       23

Dr. Edward Perera Germany Friday, 08 December 2017 12:48 AM

2008 වසරේදී අප විසින් හිටපු ජනාධිපතිට ව්‍යපෘති සැලැස්මක් ඉදිරිපත් කළා. මැද පෙරදිගට අපේ නුපුහුණු ශ්‍රමය යවනු වෙනුවට පරිගණක අධ්‍යාපනයක් තුලින් දියුණු රටවල ශ්‍රමහිඟතාවයට ගැලපෙන අයුරින් විදේශ සේවාව නවීකරණය කරනවා මෙන්ම මානුෂිකවද කළ යුතුයි කියා. එදා අපකළ යෝජනාවට ධනාත්මක ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුනේ නම්, විදේශ ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාව ලබන ආදායම මීට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි වනවා පමණක් නොව ශ්‍රමික කාන්තාවන් මිනීපෙට්ටි තුලින් ආපසු මව් බිමට එන්නේත් නැත. රාජ්‍ය නායකයෙකු බුද්ධිමත්ව ප්‍රශ්නයක් නොවිසඳූ විට මතුවට බලයට එන අයත් කරන්නේ ඒ වැරැද්දමයි. මරු කතරේ ලේ දහදිය හෙළමින් ධනවතුන් තව තවත් පොහොසත් කරන්න 1% ක හෝ බද්දක් මේ අසරණයින්ගෙන් අය කරන්න කුමන රජයක් හෝ පෙළඹේ නම් ඒ රජයේ ඉරණම ජනතාව විසින් තීරණය කළ යුතුයි.

:       3       534

SARATH Friday, 08 December 2017 06:52 AM

විදේශ ගත ශ්‍රමිකයෝ මුදල් උපයන්නේ බොහොම කැපකිරීම් එක්ක.පවුල් වලින්,ළමයින්ගෙන්,දෙමාපියන්ගේන් ඈත්වෙලා හම්බ කරන මුදල් මේ විදියට ගසා කන එක හරිම නින්දිතයි.

:       35       575

saiman Friday, 08 December 2017 08:03 AM

විදේශගත ශ්‍රමිකයෝ මුදල් එව්වේ නැත්නම් එක එක කාර්යාංශ නඩත්තු කරන හැටි, රට කරන හැටි බලාගන්න පුළුවන්.... එහෙම එවන එකටත් බදු ගහනවා. හැබැයි ප්‍රකෝටි ගණන් වත්කම් උපයලා ඒවා හෙළි නොකළාම දඩය රු.1000 යි මේ සිරිලකේ. මෙහෙමත් රටක ඉපදුනානේ අම්මපා..

:       1       465

himal Friday, 08 December 2017 08:17 AM

විදේශ ප්‍රේෂණයන්ගෙන් බදු අය කල යුතු නම්, කළ හැකි විකල්පයක් වන්නේ ශ්‍රී ලංකාව සමඟ ද්විත්ව බදු අයවීම් වැළක්වීමේ ගිවිසුම් නොමැති රටවලින් සිදු කරන ප්‍රේෂණ සඳහා මේ බද්ද හඳුන්වා දීමයි. මෙතන නීති විරෝධී ක්‍රම වලින් සල්ලි එවන්න කතා කරන අයටනේ ඒකේ රඟ තේරෙන්නේ... ඒ සල්ලි ගන්න වෙන්නේ මෙහෙ ඉන්න අය අහු වෙච්ච දවසට. මොකද ඔය කියන දැඩි ක්‍රියාමාර්ගය කියලා සල්ලි නොඑවා ඉන්න බැහැනේ. රට සල්ලි ලංකාවට එව්වම, ඒකේ ආර්ථික දායකත්වය පෙන්නුවට, ඒ සල්ලි ලංකාවේ මුදලින් ඒ අයගේ යැපෙන්නන් ලබා ගන්නවා. ඔය කියන බලපෑම වෙච්ච ගමන් මුලින්ම අමාරුවේ වැටෙන්නේ ඒ යැපෙන්නො තමයි.

:       10       97

BamunuarachchiFriday, 08 December 2017 11:24 PM

රට සල්ලි එවීම වැඩිකර ගන්න මහින්ද මහතා යෝජනා කලේ මෙහෙ... එන්.ආර්.එෆ්.සී. තැන්පත් කර ඇති මුලට ලැබෙන පොලියෙන් සියයට 20 රුපියල් වලින් බෝනස් එකක් දීමටයි. එයා අවුරුදු 2ක් පමණ දුන්නා. ඊටපසු මහබැංකුවට ඒ මුදල ගෙවීමට නොහැකිබව කියා එම ගෙවීම 2009 දී නැවතුණා. මටත් එම බෝනස් එක ලැබුණා. අවුරුද්දකට ඩොලර් 2000 ක පොළියක් ලබන කෙනෙකුට පොළියට අමතරව රුපියල් 40000 පමණ... ඒ කාලේ 2008 දී ලැබුණා. අන්න එහෙමයි එන්.ආර්.එෆ්.සී. එකේ මුදල් තැන්පත් කිරීමට මිනිසුන් උනන්දු කලේ මහින්ද මහතායි. එ්කට තවටික දවසකින් කුරුඳු පොලුවලින් ගහලා මිනිසුන්ගෙන් සල්ලි ගනීවි.

:       3       28

BamunuarachchiSaturday, 09 December 2017 01:02 AM

කොහොම නමුත් විදේශගත ශ්‍රමිකයින් උපයන මුදලින් බදු ගැනීම නොකලයුතුයි. විදේශ ගත ශ්‍රමිකයිනුත් බදු නොගෙවා බේරීමට ක්‍රම සොයා ගත යුතුය. මමනම් සොයාගෙන ඇත.

:       0       39

pakeer Saturday, 09 December 2017 05:48 AM

කාලකණ්ණි දේශපාලකයෝ රකින්න විදේශවලට ගිහිල්ලත් හම්බ කරන්න වෙලා. මේ අය ලබන ආත්මේ ඉපදෙන්නේ පනුවෝ වෙලා තමයි.

:       1       135

manulSunday, 10 December 2017 02:24 AM

දේශපාලකයෝ ටික එහාට මෙහාට වුනා. හොර නිලධාරින් තවම යසට ඒ පුටුවලම ඉන්නවා.

:       0       126

[email protected] Saturday, 09 December 2017 06:06 AM

මේක නම් මෝඩ තීරණයක්... !!!

:       1       27

THUSITHA Saturday, 09 December 2017 10:16 AM

යහපාලනයට මාර අමාරුවක් තියෙන්නේ... හරියට නිකන් එයාලගේ සල්ලි වගේ. මේ අය ඉන්නේ ඇඳුම් ඇඳගෙන නේ... මෙහෙ හොයන්නේ අපේ කාර්, අපේ පෙට්ට්‍රල් වලින්. මෙලොවටත් සුගතියක් නැහැෙ. එලොවටත් සුගතියක් නැහැ.

:       0       83

denesh Saturday, 09 December 2017 01:33 PM

අපි ඉදිරියේදී බැංකුවලට සල්ලි එවන්නේ නැහැ, ඕනේ තරම් ක්‍රම තියෙනවා සල්ලි එවන්න. අපි කෝටි ගණන් හම්බකරන්නේ නැහැනේ, හම්බකරන සොච්චම එවන්න ක්‍රමද නැත්තේ?

:       0       56

ධම්ම Sunday, 10 December 2017 12:39 AM

සල්ලි එවන අයගෙන් නොවේ සල්ලි නොඑවන අයගෙනුයි ටැක්ස් කරන්න ඕනෑ මොන ක්‍රමයකින් හරි.

:       21       21

ruwan Sunday, 10 December 2017 08:04 AM

මෙහේ ඉදල දුක විදලා හම්බ කරන සල්ලි වල හැටි අපි දන්නේ. අඩුම ගානේ අපිට විශ්‍රාම වැටුපක් හදන්න, එතකොට බදු ගහන්න.

:       0       58

fernandoMonday, 11 December 2017 08:41 AM

විදෙස්ගත අයගේ විශ්‍රාම වැටුප ගැන රසවත් කතාවක් තියෙනවා අන්තර්ජාලයේ. හෙළිදරව්ව රන්ජන් රාමනායක සමග කියලා...

:       1       203

indra Sunday, 10 December 2017 06:21 PM

දස දුක් විදලා ගන්න සොච්චම රටේ එක කණ්ඩායමකගේ සැප විහරණය සදහා යොදා ගැනීම මොනතරම් නින්දිතද ? දේශය පාලනය කරන්න ආ ඔබලා මේ ගන්නා තීරණ ලජ්ජාහ සහගතයි ,ඇසට නින්ද නැතිව ,බඩට හරි හමන් කෑමක් නැතිව, ගතට විවේකයක් නැතිව මේ හොයන සොච්ච්මෙනුත් ඔබලා සැපයක් ලබනවානම් ....මේක අපේම කරුමයක්ද?

:       1       94

ලුම්බිණි Monday, 11 December 2017 12:45 AM

විදේශික ශ්‍රමිකයන්ගෙන් බදු අය කිරීමට පෙර ලංකාවේ බදු නොගෙවන දේශපාලකයන් ගැන, දොස්තරලා ගැන, පෙරකදොරුවන් ගැන හොයලා බලලා කටයුතු කලොත් නරකද? මේ අයගේ ආදායම් හරියට එළි කරන කීයෙන් කී දෙනාද ඉන්නේ? පොඩි මිනිසුන් පස්සේ නොගිහින් ලොකු අය ගැන ඉස්සර වෙලා බලන්න.

:       0       128

rasangaMonday, 11 December 2017 08:47 AM

මෙහේ 8 පාස් නැති අය දේශපාලනයට යන්නේ දුප්පතාගෙන් බදු අය කරගෙන තමන් සහ තම ආධාරකයින් බදුවලින් බේරෙන්නයි. අමුතුම රටක් මේක. සාමාන්‍ය ජනයා බදු ගෙවනවා රට ඇතුලේ සිටියත්. රටින් පිට සිටියත්... නමුත් දොස්තරලා, නීතිඥයින්, දේශපාලකයෝ බදු ගෙවනවා තියා බිලක් දෙන්නෙවත් නැහැ හරියට....

:       1       43

Bamunuarachchi Monday, 11 December 2017 02:39 AM

"බැංකු වංචාවක් නිසා නොවෙයි. රජය රටේ බැංකු පද්ධතියෙන් ණය ගන්න කොට කොහොමත් පොළිය වෙනස් වෙනවා."හලෝ ඔහෙට, අපට පාඩම් කියලා දෙන්න බැහැ. කරුණාකරලා කොමිසමේ සාක්කි දෙන බැංකු නිලධාරීන්ගේ සාක්කි නැවත කියවා බලන්න. ණය ගත්තොත් පොලී වැඩිවන බව අපි දන්නවා. තැන්පත්කරුවන්ට දුන් 7.5 පොලිය එකවර 11.5 දක්වා වැඩිවෙන්න තරම් ණයක් මෙම ආණ්ඩුව මේ අවුරුදු 3දී ගත්තේ නැත. ඔබ කියන එකක් වත් මෙතන වෙලා නැත. කාටත් තේරෙන සිංහලෙන් ඔය සම්බන්ධව පල වුණා. මහබැංකුවට සල්ලි පොලියට දුන් සමාගම 12% ප්‍රමාණයක පොලියට දුන්නේ බැංකුවලින් අඩු පොලියට අරන්. එ් නිසයි එහෙම සිදු වුණේ... අනික අඩු පොලිය ලංසු තියන්න එපා කියලා අපේ බැංකුවට කියා තිබුණා. රජයේ ලොක්කෝ කියල බැංකු සභාපතිවරු ප්‍රකාශකර තිබුණා. මහා බැංකුව සැලසුම් සහගතව කොල්ල කෑම නිසයි පොලී අනුපාතය වැඩිවුණේ...ඔබ නොදන්නවාට ඔය ටික දැන් ඉස්කෝලේ යන ළමයි පවා දන්නවා. මොකද ළමයි ලංකාදීප පත්තරය කියවන නිසා...

:       1       29

spy Monday, 11 December 2017 05:04 AM

බංගලාදේශයට ගුවන් ගමනට රුපියල් අනූ දාහක් ගන්නවා රජයේ ගුවන් සමාගම. සිංගප්පූරුවට ගිහින් එන්න පුළුවන් රුපියල් තිස්දාහට. මෙම ගාන ඇති. තව බදු ඕනේ නැහැ.

:       1       20

ravi Monday, 11 December 2017 05:11 AM

ලක්ෂ 62 ජනතාවගෙ කට්ටියත් ඇතිනෙ පිටරට රැකියා කරන. මට නම් ඉතින් ඒ ගොල්ලන්ගෙන් අහන්න තියෙන්නෙ "ඔබට සතුටුයි නේද දැන් ...?" කියල තමා.

:       1       154

පිටිගල මිලානෝ Monday, 11 December 2017 06:03 AM

නිදහස් අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවට ගොස් එරටට සේවය කරන අයගෙන් රටට අහිමි වූ මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් ඇති කරන්න.

:       40       155

samanthaMonday, 11 December 2017 08:26 AM

නිදහස් අධ්‍යාපනය ලබා මහන්සි වී ඉගෙනගෙන විදෙස් ගතවූ අය එම සේවය කරන රටට බදු ගෙවනවා. මෙහේ වගේ හොරට නොගෙවා ඉන්න බැහැ. හැබැයි එම නිදහස් අධ්‍යාපනයම ලබලා ඉගෙන නොගෙන වෙනවෙන මඟුල් කළ අයට වැය කල මුදල් නැවත රටට ලබාගන්න ක්‍රමයක් පිටිගල දන්නවා නම් කියලා දෙන්නකෝ. එහෙම අයට නොමිලයේ උගන්වන්න විතරක් නෙමෙයි, රස්සාවක් නැතුව නිකන් ඉන්න කොට අර සහනාධාරෙයි, මේ සහනාධාරෙයි දෙන්නෙත් බදු ගෙවන සහ පිටරටවල සේවය කරන අය ගේ මුදල් වලින්...

:       50       319

Sagara Monday, 11 December 2017 09:59 AM

ඔබ කියන ලෙසට ලංකාවෙන් පිනට ඉගෙනගෙන හොඳින් කාලා ඇඳලා ඉන්න ඕස්ට්‍රේලියාවට පැන්න අයද එතකොට ලංකාවේ විරැකියාවෙන් පෙලෙන අයට ගෙවන්නේ? පිටිගල කියලා තියෙන විදියට මේ අයගෙන් බද්දක් එකතු කලොත් නම් එය කරන්න පුළුවන් වෙයි. මැදපෙරදිග ශ්‍රමිකයින් නිතිපතා ලංකාවට මුදල් එව්වත් ඕස්ට්‍රේලියාවේ අය එරටට බදු ගෙවනවා මිසක් ලංකාවට මෙසේ එවන්නේ නැහැ. ඒ නිසා මේ අයව පිටිගල කියන්නාක් මෙන් බද්දකට යටත් කල යුතුයි.

:       165       134

පිටිගල මිලානෝ Monday, 11 December 2017 10:05 AM

ද්විත්ව පුරවැසි බව හිමි ශ්‍රී ලාංකිකයන් අදාළ රටේ තානාපති කාර්යාලයට ගෙවන පරිදි අවුරුද්දකට රුපියල් ලක්ෂයක පමණ බද්දක් අය කරන්න පිලිපීනයේ මෙන්... මෙය ප්‍රායෝගිකයි.

:       105       116

රූපසිංහ Monday, 11 December 2017 12:29 PM

පිටිගල, මම ඔබගේ කොමෙන්ට්ස් බලලා තිබෙනවා මින් පෙර අවස්ථාවල.. මට හැගෙන විදියට ඔබ විදේශ රටවල සේවය කරන අයත් සමග විශාල වෛරයකින් පසුවන්නේ. මට වරදින්න පුළුවන් ඔබ සේවය කරන්නේ මැදපෙරදිග රටක නේද? ඔබත් වෙනත් රටකට යන්න. එතකොට ඔබගේ ඔය වෛරය නැති වෙලා යයි. බලන්න පහත සදහන් ඔබගේ පැහැදිලි කිරීම් 1. නිදහස් අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවට ගොස් එරටට සේවය කරන අයගෙන් රටට අහිමි වූ මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් ඇති කරන්න. 2. ද්විත්ව පුරවැසි බව හිමි ශ්‍රී ලාංකිකයන් අදාළ රටේ තානාපති කාර්යාලයට ගෙවන පරිදි අවුරුද්දකට රුපියල් ලක්ෂයක පමණ බද්දක් අය කරන්න. ඔවුන් කාගේවත් මුදල් සොරකම් කරන්නේ නැහැ නේද?

:       88       65

පිටිගල මිලානෝ Monday, 11 December 2017 05:04 PM

රටක් නිදහස් අධ්‍යාපනය ලබාදෙන්නේ ඔවුන්ගෙන් සේවයක් රටට ජාතියට ලබා ගැනීමේ සහ පන්ති පරතරය අවම කිරීමේ අභිලාෂයෙන්. මැදපෙරදිග යන වැසියන් අපේ රටට නිතිපතා විදේශ විනිමය එවමින් ලොකු සේවයක් රට වෙනුවෙන් කරනවා නමුත් ඔස්ට්‍රේලියාවට පැන්න අය එරටට බදු ගෙවමින් අපේ බදු ගෙවන්නන්ට පින්සිද්ධ වෙන්න නොමිලේ ලද අධ්‍යාපනයට ගිය මුදලවත් නොගෙවීම සාධාරණද?

:       114       141

BamunuarachchiMonday, 11 December 2017 11:29 PM

වෙනත්විදේශ රටවලට යන අය ගෘහසේවක සිට ඉංජිනේරු දක්වා විවිධ රැකියාවන් කරනවා ඉතාලියේ විදේශිකයින්ට ලැබෙන්නේ එකම වර්ගයේ රැකියාවකි.....

:       0       2

BamunuarachchiMonday, 11 December 2017 11:40 PM

ඔයා කියන නොමිලේ අධ්‍යාපන වියදම් කලේ කාගේ සල්ලිද? දන්නවනම් කියන්න ඔට්ටුයි බැරුවට. යන්න ලැබෙනවානම් උගත් හැම කෙනෙක්ම මෙරට හැරයාවී.

:       1       0

chanaka Monday, 11 December 2017 08:22 AM

අපේ රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අයට තේරෙන්නේ නැති බබාලා නිසයි කියන්නේ. දොස්තරලා ගැන, පෙරකදෝරුවන් ගැන චැනල් කරන තැනක.. දවසක් දෙකක් දූතයන් යොදවලා බලන්නකෝ කොපමණ උපයනවද කියලා.... එසේම නීතිඥයෝ දිනකට නඩු කීයක් කතා කරනවද කියලා. අපි කියන්නේ ඉගෙනගෙන හම්බ කලාට කමක් නැහැ. නමුත් නීතියට ගරු කරලා බදු ගෙවිය යුුතුයි මේ අයත්. මේවා අයකරගත හැකිනම් සෑහෙන ආදායමක් රජයට ලැබිය හැකියි. මරුකතරේ දුක් විඳින අයගෙන්ම ගන්නවට වඩා...

:       1       189

nuwan dinesh anurarathna Monday, 11 December 2017 11:02 AM

මේ වගේ සහගහන අපරාධ කරන්න එපා කියලා යහපාලනේට කියන්න. පිටරට වැඩ කරන අපි සෙට් වෙමුද..? අපි මාස දෙකක් ලංකාවට සල්ලි යවන එක නැවත්තුවොත් යහපාලනයට උණ හැදෙනවා. දුක් මහන්සියෙන් අපි හොයන සල්ලි ගසාකන්නේ නැතිව අපිට මොනවද දෙන බෙනිෆිට් කියලා කියන්න.

:       1       49

Lapaya Monday, 11 December 2017 11:20 AM

ලෝකේ ලොකුම ඇමැති මණ්ඩලේ නඩත්තු කරන්නේ කොහොමද බදු නැතිව. ඡන්දේ දුන්නා නම් වෙනසකට... කට වහගෙන බදු ගෙවන්න...

:       0       16

nadunTuesday, 12 December 2017 01:59 AM

කියන කතාව අඇත්ත. නමුත් මේක වුනේ යහපාලනයට ඡන්දය දුන්න නිසානම් නෙමෙයි. එදත් මෙහෙමයි. අදත් මෙහෙමයි. කිසිම වෙනසක් නැත.

:       1       11

Bamunuarachchi Tuesday, 12 December 2017 12:12 AM

ද්විත්ව පුරවැසිකම අපේ ළමයින්ට නිකන් ලැබුනේ නැත සමහර අය ලක්ෂ ගණන් ගෙව්වාය මගේ ළමයින්ට ඩොලර් 50000 බැංකුවේ තැන්පත්කර අවුරුදු 5 ෆ්‍රීස් කර තියන්ට උනාය.එහෙමයි ද්විත්ව පුරවැසිකම ගත්තේ අනික ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්නේ සල්ලි හම්බ කොරන්නම නොවෙයි හම්බ කරන සල්ලි වලින් සුවපහසු ජීවිතයක් ගෙවන්න, ළමයිගේ අනාගතය හදන්න. මැදපෙරදිගින් පුද්ගලයා අනුව ලොකු වැටුපක්ලැබෙනවා පමණයි

:       0       2

ROSHAN Tuesday, 12 December 2017 01:47 PM

මෙතන තියෙන කතා වලින් පෙනෙනවා මිනිසුන්ගේ කුහකකම. ඉගෙන ගත්ත මුදල මෙන් සිය ගුණයක් ලංකාවට එවලා තියනවා. දැනටත් එවනවා. රජයක් විදිහට කරන්න ඕනේ රැකියා සදහා මිනිසුන් පිටරට යැවීමට දිරිදීම. පාර්ලිමේන්තුවේ කට්ටිය රටේ සල්ලි වලට කරන දේ ගැන පළමුව කතා කරන්න

:       0       5

NisansalaThursday, 14 December 2017 01:08 AM

ඇත්ත, රටට කෝටි ගණන් විදේශ විනිමය එවන මැදපෙරදිග සේවයේ යෙදෙන්නන් ගැන කතා කරන මිලානෝහි පිටිගල අයියාට සියලු ලාංකිකයින් ස්තූති කල යුතුය.

:       0       1

Lakshani Tuesday, 12 December 2017 08:33 PM

කොහොම පොස්ට් දැම්මත් කොහොම තර්ක කලත් මිලාන් වල ඉන්න පිටිගලගේ කතාව හරි සහ ඔහු හරි අවංකයි. මැදපෙරදිග සේවකයන් ගැන මහත් ආඩම්බරයකින් කතා කරන්නේ.

:       206       80

Ramesh Thursday, 14 December 2017 01:18 AM

අපෝ ඇමරිකාවෙන් කැනඩාවෙන් ඕස්ට්‍රේලියාවෙන් ළඟම නෑයෝ ආවත් වැඩක් නැහැ..... ඉතාලියෙන් යන්තම් දන්නා කෙනෙක් ආවත් ඊට වඩා හොඳයි. ඒ අය චොක්ලට් රටබීම තෑගී එවන්නේ කන්ටේනර්වල කලින්ම. ආවම දන්නා නොදන්නා ඔක්කොම බස් එකක දාගෙන රට වටේම අරන් යනවා. ඉන්නෙත් තරු පහේ හෝටල්වල. ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් එන අය නම් සතෙත් දෙකට බෙදලයි පාවිච්චි කරන්නේ. අපේ දරුවෝ කියනවා අපෝ බෝරිං කියලා.

:       1       0

BamunuarachchiFriday, 15 December 2017 02:57 PM

අනේ කියන්නකෝ ඉතාලියේ ලැබෙන රස්සා මොනවාද කියලා. මටත් යන්න බලන්න.

:       1       1

samantha Thursday, 14 December 2017 02:16 AM

මම නැවතත් කියනවා එකම නිදහස් අධ්‍යාපනයම ලබලා ඉගෙන නොගෙන වෙනවෙන මඟුල් කළ අයට වැය කල මුදල් නැවත රටට ලබාගන්න ක්‍රමයක් පිටිගල දන්නවා නම් කියලා දෙන්න කියලා. එහෙම අයට නොමිලයේ උගන්වන්න විතරක් නෙමෙයි, රස්සාවක් නැතුව නිකන් ඉන්න කොට අර සහනාදාරෙයි, මේ සහනාද‍ෙරෙයි දෙන්නෙත් බදු ගෙවන මිනිසුන්ගේ මුදල් වලින්. ලංකාවේ සමෘද්ධි සහනාධාරය ලබන අය ලක්ෂ 15 ක්ද කොහේද ඉන්නවා. පොහොර සහනාධාරය ලබන අය තව ඉන්නවා. නොමිලයේ ගෙවල් ලබාගන්නා තව කොටසක් ඉන්නවා. මේ අයත් එකම පන්ති කාමරය තුළ එකම නිදහස් අධ්‍යාපනය ලබපු අය. වෙනස තමයි මේ අය රජයෙන් නොමිලයේ දෙන නිල ඇදුම ඇදගෙන නොමිලේ දෙන පොත්ටික අරගෙන දිවා ආහාරය දෙනවනම් එයත් භුක්තිවිද හරියට ඉගෙනගෙන නැති එක. ප්‍රශ්න නිසා ඉගෙන නොගත් අයට වඩා කිසිම උනන්දුවක් නැතුව හැමදේම නිකන් ලැබෙන නිසා අගයක් නැතුව කට්ටි පැනලා 18 වෙනකොට කසාද බැදපු අය තමිය වැඩි.මේ අයට තමයි ඉන්පසුවත් සහනාධාර ඹ්නේ. මේ කට්ටයි ගැනයි කතා කරනන් ඕනේ.

:       1       235

පිටිගල මිලානෝ Thursday, 14 December 2017 10:43 AM

නිදහස් අධ්‍යාපනයෙන් පසුව රටට වැඩදායි කොටසකුත් වැඩක් නැති කොටසකුත් ඉතිරිවෙනවා. වැඩදායි කොටස වන්නේ රට වෙනුවෙන් සේවය කරන පුද්ගලයින් සහ රටින් පිට සිටියද රටට අවශ්‍ය මුදල් සම්පාදනය කරන අය. උදා: මැදපෙරදිග සේවකයින්. රටට වැඩක් නැති කොටසට අයිති වන්නේ අධ්‍යාපනය හරිහැටි නොලැබුවත් ශ්‍රමයෙන් හෝ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු නොවන්නන් සහ හුදෙක් තම ආත්මාර්ථය සඳහාම රට හැර යන්නන්. උදා: ඔස්ට්‍රේලියාවට පැන එරටට බදු ගෙවමින් එරටේ දියුණුවට අපෙන් නොමිලේ ලද අධ්‍යාපනය ප්‍රයෝජනයට ගන්නන්. ඒ නිසා මෙවන් අයගෙන් රටට ලැබිය යුතු අධ්‍යාපන ගාස්තුවවත් ලබා ගත යුතුයි.

:       51       77

lalindaFriday, 15 December 2017 12:50 AM

“...හුදෙක් තම ආත්මාර්ථය සඳහාම රට හැර යන්නන්. උදා: ඔස්ට්‍රේලියාවට යන අය..“ ලෙස කියලා තියෙන එකෙන්ම තර්කය බිඳෙනවා. ඔස්ට්‍රේලියාවට යන්නේ ආර්මාර්ථය සඳහා කියලා කොහොද සමික්ෂණයක් කරලා තියෙන්නේ. දෙයියනේ ඔස්ට්‍රේලියාවට වි්ශ්වවිද්‍යාල වල සේවය කරන , බැංකුවල වැඩ කරන, පරිඝනක අංශයේ රැකියා කරන, ගුරු වෘර්තියේ යෙදෙන කොපමණ නම් ලාංකිකයො ඉන්නවද? වෙන වෙන රටවලට හොරෙන් යන සුළු රැකියා වලට යන අය ගැනයි විතරයි වගේ පේන්නේ. වෙන රට වලට ගිහින් උසස් රැකියා කරන අය එම රටටත් බදු ගෙවලා එම රට වලදි ලංකාවේ අධ්‍යාපනයේ අගයත් පෙන්නලා, අපේ රටටත් මුදල් ටිකක් හෝ එවනවා.

:       0       1

BamunuarachchiFriday, 15 December 2017 01:16 AM

හලෝ මේ ප්‍රස්නයට කෙලින් පිළිතුරු දෙන්න.? ඔබට ඉතාලියේ පුරවැසි කම ලැබුනොත් ඔබ ගන්නවාද නැද්ද?

:       1       1

BamunuarachchiFriday, 15 December 2017 01:28 AM

ඔබ විතරක් ඉතාලියට ගියා අනිකුත් උගතුන් වෛදය, ඉංජිනේරු, මිනින්දෝරුවන් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලට වුවමනා ඉංග්‍රීසි දැනුමත් සමත්ව ලකුණුත් ලබාගෙන උගත්කමත් පෙන්නලා පැන්නා කියලද ඔබකියන්නේ? ඉතාලියේ පිටරැටියන්ට ලැබෙන රැකියාව අපි නොදන්නවා නොවේ............

:       0       0

BamunuarachchiFriday, 15 December 2017 02:53 PM

ඕස්ට්‍රේලියාව වගේ රටවල රෝදපුටු තල්ලු කරන රැකියා නැත.

:       1       1

sajith Thursday, 14 December 2017 04:55 AM

ආඩම්බරයකින් කතා කරලා විතරක් වැඩක් නැහැ.

:       1       0

Faris, Saudi Arabia Thursday, 14 December 2017 05:39 AM

මේ තීරණය නිසා වැඩිපුරම බැට කන්ට වෙන්නේ සෞදි අරාබියේ වැඩ කරන අයටයි . මොකද 2018 සිට බදු ක්‍රමය මේ රටටත් බල පැවැත්වෙනවා. මෙතෙක් බදු රහිතව සැම පහසුකමක්ම අත්විඳපු අපට ජනවාරි 2018 සිට 5% vat බද්දක් භාණ්ඩ හා සේවා හැම එකකටම ගෙවන්ට ඕන .දැන් මදිවට අපේ කාලකන්නි රජයටත් ගෙවන්ට ඕන .ඒ මුදලින් රටට හා ජනතාවට සෙතක් වෙනවනම් කමක් නැහැ . නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ ? ඒකයි හිතට දුක .

:       0       5

de silva Thursday, 14 December 2017 10:10 PM

රටේ ඉන්න ඇමැති මණ්ඩලය නඩත්තු කරන්න, නියෝජ්‍ය අැමැතිවරුන්ට පවා සිලින්ඩර් 8 ඇති ටොයෝටා සහරා වර්ගයේ සුඛෝපභෝගී වාහන සහ සහචරයින්ට ගමන් කිරීමට තව වාහන ලබාදීමට, මන්ත්‍රී පඩි සහ දීමනා වැඩි කිරීමට, කාන්තාරේ දුක් විඳින මිනිස්සුන්ගේ සල්ලි ටිකෙන් හරි බදු ගහමු. ජනාධිපතිතුමා කියන ලෙසට මහජන මුදල් සොරගන්න පුද්ගලයන් පමණි ලබන ආත්මයේ පෙරේතයන් වෙලා උපදින්නේ... දුප්පතුන්ගේ මුදල් තමන් විසින්ම හදන නීති මගින් බලෙන් අරන් සුර සැප විඳින පාර්ලිමේන්තුවේ උත්තමයන්ට එහෙම වෙන්නේ නැහැ .

:       1       56

KP Monday, 18 December 2017 06:01 AM

විදේශ රැකියා කරන අයගෙන් සියයට 1ක් ගන්නේ අහවල් දෙයක් දීල‍ද? කෝටිගණන් වාහන ගන්න, මහබැංකුව මංකොල්ලකන, රට විකුණන මහා සංඝයාට අපහාස කරන යහපාලකයන්ට ... හෙනම වදීවි !!!

:       4       0

BamunuarachchiMonday, 18 December 2017 06:47 AM

හෙන එකක් නොවෙයි 14 ම වදින්න ඕනේ කාලන්නින්ට

:       1       17

MO77 Monday, 18 December 2017 06:28 AM

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රක්ෂණ ක්‍රමවේදයක්වත්, විශ්‍රාම වැඩපිළිවෙළක්වත් නැහැ. රජයට ඇයි ටැක්ස් සියයට 1ක් අවශ්‍ය වෙන්නේ? වාහන පර්මිට් දුන්නද ඒ විදෙස් රටවල සේවය කරන ශ්‍රමිකයින්ට?

:       1       0

Denesh Monday, 18 December 2017 11:35 AM

ඔබේ නෑදෑ හිතමිතුරන්ගේ ඡන්දය ගැන වග බලාගන්න. දන්න හැමෝටම මේ සම්බන්ධව දැනුවත් කරන්න. මේ රජය වෙනස් කරේ නැතිනම් අනාගතයේ මොනවා කරයිද දන්නේ නැහැ...

:       1       1

konaraTuesday, 19 December 2017 02:50 AM

රජය වෙනස් කරනවා කියන්නේ මීට කිලන් හිටපු හොර නඩය ආපහු ගේනවා කියන එක නෙමෙයි කියලත් කියන්න්න පැහැදිලිවම. හොර කල්ලි දෙකම නැතුව උගත් කමක් ඇති හොර නොකරන කොන්දක් ඇති පක්ෂයනට මෙදා පාර දෙමු. මොකද වෙන්නෙ කියලා බලන්නවත් එකපාරක් දිලා බලමු. මොකද වෙන විකල්පයක් නැහැ දැන්. නිල් කොළ දෙකම එකයි. අද ශ්‍රි ලංකා කියන්නේ එදා බන්ඩාරණායකගේ ප්‍රතිපත්තවත්, යුඑන්පි කියන්නෙ එදා ජේ. ආර්ගේ ප්‍රතිපත්තවත් නෙමෙයි වගේම අද ජවිපෙ කියන්නේ එදා ජවිපෙ ප්‍රතිපත්තිත් නෙමෙයි. සදාතින්කවම නිල් කොල දෙකට මාරුවෙන් මාරුවට ඡන්දය දුන්නා. දෙගොල්ලොම මාරුවෙන් මාරුවට හොරකම් කලා. දැන් එකතු වෙලා කරනවා. දැන් ඇත්තටම ඕනේ හොරකම් දූෂණ නොකරන පක්ෂයක් රටට.

:       1       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 62 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site