IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මුල්‍ය ගැටලුවට විසඳුම් සොයන්න ආණ්ඩුවේ අවධානය

(හර්ෂණ තුෂාර සිල්වා)


ආර්ථිකය තුළ නව පිබිදීමක් ඇති කිරීමට සහාය දෙන අතරවාරයේදී මූල්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ දී අද (27) පැවැසීය. 


රටේ ජාතික ප්‍රතිපත්තිය තුළ රැඳී සිටිමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදල ආදී බහුපාර්ශ්වීය ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් එසේ කරන්නේ රට තිරසර මාර්ගයට ගෙන යාම සඳහා බවත් මහාචාර්ය ලක්ෂ්මන් මහතා එහිදි කීවේය. 


ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මේ වසරේ අවසන් සහ අටවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය ලක්ෂ්මන් මහතා එම කරුණු සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වූ පළමු අවස්ථාව මෙය විය.
 

දශක හතක් මුළුල්ලේ ගොඩනැගුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ විශිෂ්ට සම්ප්‍රදාය  අඛණ්ඩව පවත්වාගෙන යෑමට කැපවී කටයුතු කරන බව ද හෙතෙම එහිදි කීවේය.   

එහිදි අදහස් දැක්වූ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙසේ ද කීය. 


“ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත්වීමට ලැබීම ඉමහත් ගෞරවයක්. මෙම තනතුර ගරුසරු ඇති සහ ඉතාම වැදගත් තනතුරක්. පසුගිය වසර 69ක කාලය මුළුල්ලේ විශිෂ්ට පුද්ගලයන් මෙම තනතුර හොබවා තිබෙනවා. මහ බැංකු අධිපතිවරු පත් කිරීම ආරම්භ වන්නේ ජෝන් එක්ස්ටර්ගේ පත්වීමත් සමඟයි. 1949 අංක 58 දරණ මුදල් නීති පනත නිර්මාණය කරන ලද්දේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාරම්භක අධිපතිවරයා වන්නේ ඔහු යි. 


රටේ ස්වෛරීත්වය නැවත ලබාගැනීමේ අරමුණින් සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් 1950 වසරේදී එතෙක් පැවැති ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කළා. රටේ මුදල් සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ස්වාධීන තීරණ ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රමුඛතම අරමුණක් බවට පත්වුණා. දශක හයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මුදල් කටයුතු කළමනාකරණය ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර එය මෙරට කීර්තිමත්, ගෞරවාන්විත සහ විශ්වාසනීය ආයතනයක්. මෙම ආයතනයේ ආයතනික ගෞරවය තිරසරව පවත්වාගෙන යෑමට මම කැප වී සිටිනවා. දශක 7 ක් මුළුල්ලේ ගොඩනැගුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ විශිෂ්ට සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යනවා. 


මට පෙර මෙහි අධිපති ධුරය හෙබවූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතුයි. අපේ සමාජ ආර්ථික පද්ධතිය තුළ රටේ ජනතාව තුළත් විශේෂයෙන්ම රටේ මූල්‍ය ප්‍රජාව තුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෞරවය නැවත ස්ථාපිත කිරීම සඳහා ආචාර්ය කුමාරස්වාමි මහතා විශාල දායකත්වයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාපටිපාටි සහ පිළිවෙත් ශක්තිමත්ව ස්ථාපිත කිරීම සඳහා ඔහු දුන් දායකත්වය පිළිගත යුතු අතර ඊට කෘතඥතාව පළ කළ යුතුයි. එය මටත් ශ්‍රී ලංකා මහ බැංකුවටත් විශාල සහයෝගයක්, උපකාරයක් සහ පහසුවක් බව සඳහන් කළ යුතුයි. 
 

මෙම උසස්, වගකීම් සහගත සහ උත්කෘෂ්ට තනතුරට මා තෝරාගැනීම සහ පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට කෘතඥතාව පළ කළ යුතුයි. මගෙන් අපේක්ෂා කරන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයේත් කීර්තිනාමය සහ ගෞරවය ආරක්ෂා කිරීමට මා මට හැකි සෑම උත්සහායක්ම ගන්නවා. එමෙන්ම බලධාරීන් මා කෙරෙහි තබා තිබෙන විශ්වාසය සම්පූර්ණ කිරීමට ද මා පියවර ගන්නවා. 


මට මෙතෙක් ඇත්තේ ශාස්ත්‍රීය අත්දැකීම් පමණි. උපාධි අපේක්ෂකයන්ට සහ උපාධිධාරීන්ට මා ආර්ථික විද්‍යා සහ සංවර්ධන අධ්‍යයන පාඨමාලාවලදී මහ බැංකුකරණය පිළිබඳ ඉගැන්වුවා. ඒ නිසා ශාස්ත්‍රීය විෂයක් ලෙස මට මහ බැංකුකරණයේ න්‍යාය සහ අභ්‍යාස පිළිබඳ අත්දැකීම් තිබෙනවා. එමෙන්ම මහ බැංකුකරණයේ භූමිකාව සහ ඒ සම්බන්ධයෙන් විවිධ විද්වතුන් අතර පැවැති ඓතිහාසික විවාද ද මට ඉතා සමීපයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියකු ලෙස ප්‍රායෝගිකව මා කටයුතු කරන පළමු අවස්ථාව මෙයයි. මහ බැංකුවේ සිටින මගේ සගයන්ගෙන් මා ඒ ගැන ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ දක්ෂතම සහ ඉහළ පුහුණුවක් ලැබූ මානව සම්පතක් ශ්‍රී ලංකා මහ බැංකුව සතු වෙනවා. මට ඔවුන්ගේ සහාය හිමිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් ඉහළට ඔසවා තැබීම සඳහා මගේ දායකත්වය ද ලබාදෙනවා. 


රටේ ආර්ථිකයට පහසුකම් සැලසීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා. වසර කිහිපයක් තිස්සේ රටේ ආර්ථිකය 5% ක අඩු අගයක පවතිනවා. මේ වනවිට රටේ ආර්ථික වර්ධන වේගය 3% අඩු වී තිබෙනවා. ඉල්ලුම අංශයෙන් උද්ධමනය පාලනය කරගැනීමට හැකි වුවත් කාලගුණ තත්ත්ව නිසා ආහාර මිල ගණන් වෙනස් වුණා. එමෙන්ම ආනයනික බඩු භාණ්ඩ මත යැපීම නිසා ජීවන වියදමට නිරන්තරයෙන් තර්ජන එල්ල වුණා. විරැකියාව සම්බන්ධයෙන් තිබෙන සංඛ්‍යාදත්ත පිළිගත හැකි වුවත් කරුණු රැසක් සැඟවී තිබෙනවා. ඌණ සේවා නියුක්තිය, ශ්‍රම බළකායේ අඩු සහභාගීත්වය, උගත් තරුණයන් අතර තිබෙන ඉහළ විරැකියාව, වයස්ගත ශ්‍රම බළකාය සහ අඩු ඵලදායීත්වය සැඟවී තිබෙන ප්‍රශ්න වලින් කිහිපයක්. දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්කය යථාර්ථයක් බවට පත් කරගැනීමට නම් ආණ්ඩුව මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතු අතර ඒ සඳහා ශ්‍රම සම්පත ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත යුතුය. 


බාහිර මූල්‍ය අංශය ගත්විට අපනයන කාර්ය සාධනය තිබෙන්නේ ඉතාම දුර්වල මට්ටමක. ඉතා විශාල වෙළෙඳ හිඟයන්, දිගින් දිගටම පවතින ජංගම ගිණුමේ හිඟය, ප්‍රමාණවත් පරිදි සෘජු විදෙස් ආයෝජන නොලැබීම සහ ඊට විකල්ප නොමැති කම නිසා ණය මත යැපීමට සිදුවීම විදෙස් මූල්‍ය අංශයේ තිබෙන ගැටලු බව කියන්න වුවමනායි. එමෙන්ම විශාල වශයෙන් විදෙස් මූල්‍ය අවශ්‍ය කර තිබෙනවා. ඒ වගේම ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය වෙළෙඳපොළවල් කෙරෙහි අවධානයෙන් ඉන්න අවශ්‍යයි. මේ තත්ත්වය මත අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල වගේම අනෙකුත් බහුපාර්ශ්වීය ආයතන සමඟ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. අප ඔවුන් සමඟ වැඩ කරන්නේ ජාතික ප්‍රතිපත්තිය තුළ රැඳී සිටිමින් රට තිරසර මාර්ගයට ගෙන යාම සඳහායි.

විදේශ විනිමය අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යෑමටත් එය පූර්ව අවශ්‍යතාවක්. රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ගැන ආණ්ඩුව අවධානයෙන් සිටිනවා. එමෙන්ම ආර්ථිකය තුළ නව පිබිදීමක් ඇති කිරීමට සහාය දෙන අතරවාරයේදී මූල්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. 


ආර්ථික ක්‍රියාකාරකම්වල නව උද්‍යෝගයක් ඇති කරමින් ලබන වසරේදී ආර්ථික වර්ධන වේගය 4% ත් 4.5%ත් දක්වා ඉහළ නැංවීමටත් උද්ධමනය 4% කට අඩු අගයක පවත්වා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. 2020 වසරෙන් පසුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් වාර්ෂික ආර්ථික වර්ධන වේගය 6.5% කට වඩා ඉහළ නැංවීමටත් උද්ධමනය 4%ත් 6%ත් අතර අගයක පවත්වා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා”. 
 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (3)

මුල්‍ය ගැටලුවට විසඳුම් සොයන්න ආණ්ඩුවේ අවධානය

ලුම්බිණි Saturday, 28 December 2019 08:41 AM

මහාචාර්ය තුමා, ආණ්ඩුවේ දේශපාලන කටයුතුවලට හවුල් නොවී ස්වාධීන විදියට වැඩ කළොත් නේද මහ බැංකුවේ කීර්තිනාමය සහ ගෞරවය ආරක්ෂා වෙන්නේ? ඔබතුමාත් දේශපාලන පත්වීමක් නම් අපට බලාපොරොත්තු තියාගන්න අමාරුයි.

:       1       7

සමන්ත Saturday, 28 December 2019 10:26 PM

දැන් මහා චාර්ය W .D ලක්ෂ්මන් මහතාට කල හැකි දෙයක් නැත. ඔහු උගතෙක් බව සැබෑවක් වුවත් මෙය මේ රට තවත් වලට යන වැඩක් බව කල් තබා කියන්නෙමි. මතක තබා ගන්න ඔහුට මෙවැනි ආර්ථික අර්බුධ වලට මුහුණ දීමේ කිසිම හැකියාවක් සහ ඉඩක් නැත.

:       0       13

කරු Tuesday, 31 December 2019 03:30 AM

ඔහුට දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වීමේ උමතුවක් තිබුණි. දැන් ඔහු පී.බී.ගේ රූකඩයක්.

:       0       7

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 597 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 121 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 132 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 133 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 103 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site