IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුදවපු කිරිවලට තියෙන ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි - අගමැති

මුදවපු කිරිවලට ඇති ඉල්ලූම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පශු සම්පත් මණ්ඩලය මගින් පුද්ගලික අංශය දියුණු කිරීමටත් කුඩා කිරි ගොවීන්ට උදව් කිරීමටත් බලාපොරොත්තු වෙන බවත් ඒ මහතා කියයි.

“අප රටේ අද වනවිට පුද්ගලික කිරි පට්ටි 20,000 ක් පමණ සහ මී හරක් පට්ටි 5,000ක් පමණ තිබෙනවා. ඊට අමතර විශාල පට්ටිත් ඇතිකරගෙන යනවා.ඇත්ත වශයෙන්ම අද අපි සූදානම් වන්නේ මේ ක්ෂේත්‍රයේ තරඟකාරී නවීකරණයක් ඇති කිරීමටයි. ඉස්සර මේ ක්ෂේත්‍රයේ නිරත වූණේ පුද්ගලික අංශයයි.“

“ජනපතිවරයා කිරි ගොවීන් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක නියෝජනය කරනවා.අගමැති වරයා වශයෙන් මම නියෝජනය කරන්නේ කිරි පාරිභෝගිකයන් සිටින ප්‍රදේශයයි.මේක ජාතික ආණ්ඩුවක්. නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් යන දෙපිරිසම එහි ඉන්නවා. “

“අප අලූතින් ආරම්භ කළ අනෙක් කර්මාන්ත වන්නේ කුකුල් කර්මාන්තයයි. අද කුකුල් කර්මාන්තය දියුණුයි. එය පුද්ගලික අංශය විසින් කරගෙන යනවා. ප්‍රීමා වැනි සමාගම් පැමිණීම නිසා කුකුලන්ට අවශ්‍ය ආහාර සැපයීමට අපට ශක්තිය ලැබී තිබෙනවා. පශු සම්පත් තුළින් අප බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවට අවශ්‍ය කිරි ,බිත්තර හා මස් ලබාදීමටයි. “

“දැනට විශාල සමාගම් තිබෙනවා වගේම කුඩා ගොවීන් නවීකරණය කර අලෙවිය සදහා අවස්ථාව සපයාදීම පිළිබදව ඇමතිතුමා සමග සාකච්ඡා කරනවා. “
 

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති ජාත්‍යන්තර සත්ව ආහාර, පශු සම්පත් සහ සත්ව සෞඛ්‍ය ප්‍රදර්ශනය විවෘත කරමින් ඒ මහතා මේ බව කීය.

 

 

 

 



අදහස් (25)

මුදවපු කිරිවලට තියෙන ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි - අගමැති

menna Friday, 21 July 2017 02:31 PM

"මුදවපු කිරිවලට තියෙන ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි " මේ සිංහල නම් තේරෙන්නේ නැහැ.

:       1486       1270

onesrilankan Friday, 21 July 2017 03:00 PM

ඔබතුමා ලංකාවටම විහිළුකාරයෙක් වෙලා ඉවරයි. ඡන්දෙ දීලා අපි මෝඩ වුණා... මුල අමතකයි නේද?

:       1999       1594

bandulaSunday, 23 July 2017 04:30 PM

කවුරු මෙතුමාට අකමැති උනත් නොකඩවා අවුරුදු 40ක් මිනිස්සුන්ගේ කැමැත්තෙන් තෝරා පත්කර ගත් එකම මහජන නියෝජිතයා මෙතුමා පමණයි , අනෙක් ජනප්‍රියයි කියන සෑම කෙනෙක්ම එක පාරක් හෝ ජනතාව ගෙදර ඇරලා තියෙනවා . මෙතුමාගේ මාමා වන ජේ. ආර් ජයවර්දන ටත් බැරිවුනා එක දිගට ඉන්න .කොහෙන් ඉල්ලුවත් දිනනවා අද හොඳ පරිනත දේශපාලකයෙක්

:       3512       4029

GihanTuesday, 25 July 2017 01:27 AM

එජාපයේ නායකයා විදියට බලෙන් මෙහෙම ‍රැඳී හිටපු බලලෝභී එකම නායකය නිසා තමා මෙච්චර කාලයක් හිටියේ. අනිත් මිනිස්සු රටට වෙන්න ඕනේ සේවය කරල නිදහසේ හිටිය. ලලිත් ඇතුලත්මුදලිල, ගාමිණී දිසානායකල, රණසිංහ ප්‍රේමදාසල හිටිය නම් මෙයා කැලේ. අද එජාපයට වෙලා තියෙන්නේ ලූලා නැති වලට ඉස්ගෙඩියා පණ්ඩිතයා වෙච්ච සිද්ධියක්. මොකද කනයොත් නෑ දැන් ඒකෙ.

:       538       234

bamunuThursday, 03 August 2017 11:37 AM

එක්සත් ජාතික පක්ෂයෙන් පොල් පිත්තක් ආවත් ඡන්දෙ දෙනවා කියන ආකල්පෙන් සිටින මිනිස්සු නිසා මෙයා දිනනවා. මුදවපු කිරිවලට ඇති ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීම නිසාම කී දෙනෙක් අත්පුඩි ගහන්න ඇත්ද?

:       111       15

dasa Friday, 21 July 2017 08:39 PM

හොඳම පට්ටිය තියෙන්නේ සිරි ජයවර්ධන පුර කෝට්ටේ නේ

:       1       223

සමන්ත Saturday, 22 July 2017 01:38 AM

" මිනිස්සු අගමැති තුමා බනින්නේ? මුදවපු කිරි සඳහා ඉහල ඉල්ලුමක් පවතිනවා තමයි.එක සංචාරක කර්මාන්තය සඳහා ආකර්ෂණයක් ලෙස යොදා ගන්න පුළුවන්. මම නම් මේ කඩේ යන්නේ නෑ . හැබැයි , බොරු සෝබන කාරයෝ එක්ක බලපුවාම ඔය තමයි අපිට ඉතුරු වෙලා ඉන්න එකම සහ අවසානම යමක් ලෝකය සමග කල හැකි නායකයා. පුලුවන්නම් මම වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න මේ පුලුවන්ද? නිකම් තිබුණු පලියට කතා කරන්න හරි ලේසියි.

:       5419       6098

Ruwan R Saturday, 22 July 2017 05:04 AM

යන්නේ කොහෙද.. මල්ලේ පොල් .. මේ මනුස්සය කියන කිසිම දේක අග මුල ගැලපෙන්නේ නෑනේ. පිස්සුද .? හැටිද.. ? ඇත්තටම මේ රටක අගමැති කෙනෙක්ද? රටේ ඉන්න ජනතාව ගැන මනින්න වෙන මිමි මොකටද ..

:       2771       2486

විලියම් Sunday, 23 July 2017 04:55 AM

පිස්සු නැතිනම් හොඳයි... දැන් එතකොට ලෝකේ රටවල් වල ජාතික ආණ්ඩු තියෙන්න ඕනා නිෂ්පාදකයෝයි, පාරිභෝගිකයෝයි දෙගොල්ලෝම ඉන්න නම්.. ජාතික ආණ්ඩු නැති රටවල් වල ඔය දෙගොල්ලෝම නැද්ද අගමැතිතුමෝ? අපි එහෙම නම් කටුනායක ගුවන්තොටුපොළේ කිරි කඩයක් දාල බලමු අගමැතිතුමෝ ..

:       1390       1257

de silva berlin Sunday, 23 July 2017 01:45 PM

මෙතුමා කියන විදිහට ලංකාවට එන සංචාරකයන් වැඩි ප්‍රමානයක් ලංකාවට එන ප්‍රධාන හේතුව ලංකාවේ තිබෙන මුදවපු කිරි ? සමහර විට එතුමා අවංකවම එහෙම හිතනවා වෙන්න පුළුවන් ,

:       297       254

dammi Sunday, 23 July 2017 04:05 PM

ලංකාවෙ මී හරක් 6200000 ක් ඉන්නවා

:       400       385

SL Monday, 24 July 2017 02:43 AM

මුදවපු කිරි කන්න මිනිස්සු පිටරටවල ඉදන් මෙහෙ එයි කියලද හිතන් ඉන්නේ?

:       956       755

ruchi Monday, 24 July 2017 10:22 AM

ඔය සේරම පට්ටිවල ඉන්න සත්තු බලන්න රනිල් සහ සිරිසේන මහත්වරු දෙන්නා යැව්වා නම් හරි.

:       352       241

kumar (galf) Monday, 24 July 2017 10:59 AM

නොදන්නා සිංහල කතාකරන්න ගිහිල්ලා මෙයා අමාරුවේ වැටෙනවා...

:       433       323

Reks Monday, 24 July 2017 02:56 PM

මේක හරියට ඖෂධ වලට තියෙන ඉල්ලුම නිසා රෝගීන් වැඩි කල යුතුයි කියනවා වගෙයි.

:       610       507

PITIGALA MILANO Wednesday, 26 July 2017 12:43 PM

මෙතුමා හැම විටකම නයා අල්ලන්නේම වැරදි තැනින්. ඉතාලියේ ඉන්න මට නම් තවම හම්බවෙලා නැහැ මුදවපු කිරි කන්න බලාගෙන ලංකාවට ගිය සංචාරකයෙක්. යමෙක් හම්බ වුණත් ඔවුනුත් කතා කරන්නේ ලංකාවේ වෙරළ තීරය ගැන මිසක් මුදවාපු කිරි ගැන නම් නොවේ.

:       225       155

sampath Thursday, 27 July 2017 08:21 AM

මෙතුමාගේ දැනුමේ ප්‍රමාණයද? එහෙම නැත්නම් මහජනතාව අනුවණයි කියලා හිතනවද?

:       61       40

hewawitharana Saturday, 29 July 2017 03:44 AM

මේ කියන්නේ නිකන්ද?

:       15       0

hewawitharana Saturday, 29 July 2017 03:46 AM

මී හරක් හිතනවා ඇති අපිටත් වැඩිය මී හරක් තවත් ඉන්නවද කියල

:       89       40

anura Sunday, 30 July 2017 09:54 AM

මී හරක් නැතිනම් සංචාරක ව්‍යාපාරයත් නැහැ. මී කිරිත් නැහැ. නරකද සංචාරක ඇමැතිගෙ පට්ටම වෙනස් කළොත්. එක්කෝ මී හරක් භාර ඇමති නැතිනම් කිරි පැණි ඇමතිෙ කියලා...

:       38       24

nihal Tuesday, 01 August 2017 06:30 AM

හරයක් නොමැති කතා කියන දේසපාලන..... නාකිසෙට් එක ... ගෙදර යා යුතුය.

:       60       36

vipula Thursday, 03 August 2017 05:37 AM

පට්ටියේ කිරි ටික අපනයනය කරන්න බැරිද ?

:       0       3

bandula Thursday, 03 August 2017 01:40 PM

ඉරටු කොස්ස බලන්න වෙන්න ඇති සංචාරකයෝ එන්නේ...

:       1       0

bamunu Sunday, 06 August 2017 08:08 AM

පුළුවන්නම් මම වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න. පුළුවන්කම තිබුණ නමුත් වාසනාවකට 2005 දී මෙයා පෙරලිලා මහින්ද මහතා බලයට ආව. හලෝ පොඩ්ඩක් ඉංග්‍රීසි දන්නවා නම් කරුණ කරලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මෙයා උතුරට දෙන්න යෝජනා කරපු අයි.එස්.ජී.ඒ ගැන කියවලා බලන්නකෝ. මෙයාගෙන් ඔබට රත්තරන් චේන් ලබුණානේද?

:       115       7

kamani Monday, 07 August 2017 01:01 PM

මොලේ කචල්වෙලා වත්ද?...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1986 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 648 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site