(හේමලතා ඞී හේවගේ )
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාකඳුර කුඹුරුයායේ මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු එම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීමට නොහැකිවී ඇතිබව ගොවීහු කියති.
වෙළඳපොලේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 130 ත් 140 ත් අතර වූවද , ගොවීන්ගෙන් මිලදී ගනුයේ කිලෝවක් රුපියල් 40 ත් 42 ත් වැනි අඩු මිලකට බවත්, සම්බා වී කිලෝව රුපියල් 52 කට 53 ට මිලදී ගන්නා බව රජයෙන් පැවසූව ද එය එසේ නොවන බවද ඔවුහු චෝදනා කරති.
අක්කර 1,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම කුඹුරුයායේ 80 % පමණ වී අස්වැන්නක් මෙවර මාස් කන්නයෙන් ගොවීන්ට ලැබී ඇතත් ඒවා අලෙවිකරගැනීමේදී රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ නොමැතිකමද , ප්‍රධාන පෙලේ වී ගැණුම්කරුවන් කිහිපදෙනෙකු විසින් වී මිල පාලනය කිරීම හේතුවෙන් ද සෑම කන්නයකදීම ගෝවීන්ට මෙම ගැටඵවට මුහුණදීමට සිදුවන බවද ඔවුන් කියති.
සහතික මිලට වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් කඩිනමින් මෙම ප්‍රදේශයේ ස්ථාපිත කරන ලෙස රජයෙන් සහ අදාල අංශවලින් ඉල්ලා සිටින බවත් , එතුළින් පාරිභෝගිකයින්ට සහන මිලකට සහල් ලබා ගැනීමට හැකිවෙනු ඇතිබවත් ඔවුහු කියති.
වී අස්වනු අලෙවි කිරීමේදී ගෝවීන් මුහුණ පාන ගැටඵව සම්බන්ධයෙන් නාපොකුණ ගොවි සංවිධානයේ සභාපති වී මූ අබේරත්න මහතා මෙසේ කීය.
අද මේ පිටිගල් කෝරලයේ තියෙන්නේ වී මිලදී ගැනීමේ මාෆියාවක්. මොකද අපෙන් වී අඩු මිලට අරගෙන පාරිභෝගිකයන්ට සහල් වැඩි මිලට විකුණනවාග මේ තත්වය නැති කරන්න රජය මැදිහත් වෙන්න ඕනෑ.
ගොවියාට සාධාරණයක් මෙන්ම පාරිභෝගිකයාටත් අඩු මිලට සහල් ලැබිය යුතුයි. ඒ සඳහා රජය වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම කළයුතුයි.
මාකඳුර යායේ ගොවිමහතකු වන කමල් දර්ශන මහතා
මේ වසරේ මාස්කන්නයේ අස්වැන්න නෙලීම කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ මාකඳුර කුඹුරු යායෙන් මේ වනවිට ආරම්භවෙලා තියෙනවා. අක්කර 1500 කට ආසන්න ප්‍රමාණයක් මෙවර වගාකරලා තියෙනවා. ගොවීන්ට හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. මේ වෙද්දි අපේ රටේ වෙළඳපොලේ සම්බා සහල් කිලෝවක මිල පවතින්නේ රුපියල් 130 ත් 140 ත් අතර මිලක.නමුත් අපෙන් වී මිලදී ගන්නේ කිලෝවක් රුපියල් 40 ත් 42 ත් වගේ අඩු මිලකට. රජයෙන් කියනවා සම්බා වී කිලෝව රුපියල් 52 කට 53 ට ගන්නවා කියලා. නමුත් මේ කටුගම්පොල ආසනයේ රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් නැහැ. පුද්ගලික මෝල් හිමියෝ විතරක් ඉන්න නිසා කිසිම තරඟකාරිත්වයක් නැහැ. ඔවුන් ගොවියන්ගේ වී ටික ඉතා අඩුවට තමයි මිලදී ගන්නේ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාකඳුරේ වී කිලෝවක් රුපියල් 45 කට දෙන්නත් බෑ
fairoos Thursday, 14 January 2021 02:54 PM
මේකට ආණ්ඩුවට බනින්න එපා... මුස්ලිම් මෘත ශරීර පුච්චන එක නැවැත්තුවේ නැහැනේ... ඒක ඇතිනේ ඔක්කෝමලාට...!!!
mohamedFriday, 15 January 2021 09:00 AM
කරන තිරිසන් වැඩවලට මෘත ශරීර නොවෙයි පුච්චන්න ඕනේ..
kamalSunday, 17 January 2021 04:27 AM
කවුද? මේ වෙන නමකින් පෙනීහිටින කෙනෙකුට අවස්ථාව දීම ගැන නම් කණගාටු වෙමි..
විජිත් Thursday, 14 January 2021 08:38 PM
කණගාටුවෙන්න එපා. හිතවත් ගොවි මහත්වරුනේ... මේ අවස්ථාව ඔබ ඔබේ කරගන්න ඔබලා සැවොම අධිෂ්ඨාන කරගන්න. ඔබ සැවොම එකතුවෙලා පුද්ගලික සමාගමක් ආරම්භ කරන්න. මුලදී ටිකක් මහන්සි වෙන්න වේවි. ඔබලාගේ වී අස්වනු අඩු මුදලට විකුණන්න එපා. ඔබලාගේ නිවෙස් වල හෝ පහසු තැනක වී තම්බා වියළා, වී - සහල් කරන යන්ත්‍රයක් බද්දට ගෙන සහල් කර ඔබේ උපරිම ලාභයත් තබාගෙන කෙලින්ම පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට විකුණන්න. පළමු වර මෙය ඔබට මහන්සිය ගෙනදෙන්නක්. හැබැයි දෙවැනි වතාවේදී ඉතාම පහසු වෙනවා. වී මෝල් අධිරාජ්‍යය එන්න කලින් තිබිලා තියෙන්නේ මෙවැනිම ක්‍රමයක්..., එ්ත් අපි ඉන්නේ 21වැනි සියවසේ කාලයකුත් ගෙවලා. ඒ නිසා තව තවත් අලුත් අදහස් වලින් යාවත්කාලීන වෙලා ඔබගේ රැකියාවේ අභිමතාර්ථයන් සාර්ථකව ඉටුකරගන්න ඔබලාට ශක්තිය ලැබේවා...!!!
ranjith Thursday, 14 January 2021 11:26 PM
හාල් මෝල් කාරයින්ට යටවෙලා තියෙන ආණ්ඩු තියෙනකම් ගොවියාටවත්, පාරිභෝගිකයාටවත් යහපතක් වෙන්නේ නැහැ.