IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහේන්ද්‍රා කම්හල විවෘත කිරීම අගමැති සුරතින්

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

මතුගම වැලිපැන්නේ මහේන්ද්‍රා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) නිල වශයෙන් විවෘත විය.

මෙහි දී පළමු නිෂ්පාදනය වන Mini SUV KUV100 වර්ගයේ කාර්රථයද එළි දැක්වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්, මහේන්ද්‍රා  මෝටර් රථ සමාගමේ සභාපති නලින් වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහේන්ද්‍රා මෝටර් සමාගමේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරු ඇතුළු ඉන්දීය ජාතිකයෝ පිරිසක් එක්ව සිටියහ.



අදහස් (13)

මහේන්ද්‍රා කම්හල විවෘත කිරීම අගමැති සුරතින්

ධම්ම Saturday, 17 August 2019 02:53 PM

මේ අර කුලියාපිටියේ හදනවා කියූ එකද? පහුවෙලා හරි හදපු එක ලොකු දෙයක්...

:       20       387

සමන් - ඕමානයSaturday, 17 August 2019 03:25 PM

නෑ නෑ. ඒ කුලියාපිටියේ හදාගෙන යන වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ළඟදීම එළිදකියි. මැතිවරණයට ඉස්සෙල්ලා... මේ ගොල්ලෝ සුරංගනා ලෝක මවන්න හපන්නු බව දන්නේ නැද්ද?

:       150       380

SavantSunday, 18 August 2019 12:52 AM

නැහැ, මේ කුමාර වෙල්ගමගේ සහෝදරයා, නලින් වෙල්ගමට අයිති ව්‍යාපාරයක්. මෙයට යූ.එන්.පී. නම ගාවන්න බැහැ. නලින් වෙල්ගම තමයි ඉන්දියාවේ මහින්ද්‍ර සමාගමේ, ලංකා නියෝජිත...

:       2       193

චමින්දSunday, 18 August 2019 01:12 AM

කවුද අප්පා මෙවැනි දෙයක්වත් කරනවට අකමැති අය... ?

:       194       78

DilanSunday, 18 August 2019 01:21 AM

හදනවා කිව්වේ වොක්ස්වැගන් වුණාට හදන්නේ මහින්ද්‍රා. මෙයලාගේ ඉදිරි ජනාධිපතිවරණ පොරොන්දු ගැන මේ අනුව හිතාගන්න පුළුවන්. ඉන්දියානු ගැතිබව්න් මිදෙන්න මේ අයට බැරි හැටි...

:       117       279

chandima Saturday, 17 August 2019 11:07 PM

රනිල් පාලනයේ අසාර්ථක වික්‍රමයක් ලෙස ලංකාවේ වාහන නිපදවා ඉන්දියාවට අපනයනය කිරීම පිණිස ආරම්භ කිරීමට ගිය වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අකුල් හෙළා, එය ඉන්දියාවේ විවෘත්ත කරවාගත් ඉන්දියානු බූවල්ලා, ඉන්දියානු නිෂ්පාදනයක් වන මහේන්ද්‍රා කම්හලක් ලංකාවේ ස්ථාපිත කොට ලංකාවේ මුදල් ඉන්දියාවට ඇදගැනීමට කටයුතු කරන්නේ, රනිල්ගේ ගොබ්බ ආර්ථික සිහිනය දඩමීමා කරගනිමින් ලංකාව සැලසුම් සහගත ලෙස ආක්‍රමණය කිරීමේ තවත් එක් අංගයක් ලෙසයි...

:       124       372

RamaniSunday, 18 August 2019 04:33 AM

මහින්ද්‍ර සමාගම ලංකාවට ආවේ රනිල්ලාගේ යහපාලනයට ඉස්සෙල්ලා. කොයි කාලේද කියන්න දන්නේ නැහැ. හැබැයි නලින් වෙල්ගම කියන්නේ කුමාර වෙල්ගමගේ සහෝදරයා. එකම දේ, වෙල්ගමලා දේශපාලනයට එන්න කලින් ඉඳන්ම 1960-70 ගන්නවල ඉඳලම එස් ඒ වෙල්ගම ට්‍රාන්ස්පෝර්ට් ව්‍යාපාරය සහ ඉඩම් තිබුණු අයයි. උඩටම නැග්ගේ මහවැලි කොන්ත්‍රාත්වලින්...

:       37       81

saliyaMonday, 19 August 2019 11:07 AM

ඔයාගේ නමත් කෝච්චියකට දායි..

:       1       4

mathugamaya Wednesday, 21 August 2019 09:13 AM

නලින් කියන්නේ කුමාර වෙල්ගමගේ මල්ලිද අයියදලු... හැබැයි ළඟ ඉන්නේ රනිල්. කුමාර වෙල්ගම ගෝඨාට විරුද්ධයි. එහෙනම් කුමාර වෙල්ගම රනිල්ට සපෝර්ට් කරයිද? ඒ වගේම දන්නවාද හිරුනිකා විවාහවෙලා ඉන්නෙත් කුමාර වෙල්ගමගේ ඥාති සහෝදරයාගේ පුතා එක්ක කියලා. හිරුනිකා... ගෝඨාට හොඳටම විරුද්ධයි. බලන් ගියාම මෙයාලා යූඑන්පී වෙලා ඉවරවෙයි වගේ නේද?

:       0       120

saliya Monday, 19 August 2019 10:34 AM

කන්දක් විලිරුදාව දාලා වැදුවේ මී පැටියෙක්... මේ ගොල්ලන්ගේ කොයිවැඩෙත් මේ වගේ... ලැජ්ජාවක් එහෙම නෑ කොහොමත්...

:       0       60

Bandara Monday, 19 August 2019 10:55 AM

සූත්තරපුංචගේ තවත් බොරු කපටි වැඩක්..

:       0       284

raja thuma Thursday, 22 August 2019 09:55 AM

මේක රජතුමා ඕපන් කළානම්, පට්ට කමෙන්ට් ටිකක් බලන්න තිබ්බා.. මේ වහල්ලු රටේ කිසිම ආයෝජනයක් නෑ.. එන එකෙත් පොරොන්දම් බලනවා. රජා ඔච්චර ආයෝජන ගෙනාවා නම්, ඇයි මේ තරම් රට බාල්දුවෙලා... ඇයි මේ විරැකියාව..

:       262       12

lalithm Friday, 23 August 2019 03:11 AM

ඔච්චර කෙරුමන් රජ පවුලේ ඉන්නවනම් ඇමෙරිකානු හෝ චීන ආයෝජන මේ වෙනකොට ලංකාවේ පිරිලා තියෙන්න එපාද? ඔක්කොමට කලින් මොකක් හෝ කව්රු හෝ ගෙනෙන ආයෝජනයෙන් අපි මුලික තාක්ෂණික දැනුම ගන්න ඕනේ. හැම තේ කෝප්පෙම කිඹුල්ලු හොයන එවුන් ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ.

:       52       36

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 87 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site