( තිළිණි ද සිල්වා )
මේ වනවිට දිවයින පුරා නව සංචාරක ආකර්ශනීය ස්ථාන 6000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය හඳුනාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය
දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් මෙම ස්ථාන නව සංචාරක කලාප ලෙස හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය.
එම සංචාරක ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමටද අධිකාරිය කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය.
ලබන මාසය පමණ වනවිට එම ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පල කරයි.
මහා මාර්ග, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන, වනජීවී සංස්කෘතික හා පලාත් පාලන යන අමාත්‍යංශ ඒකාබද්ධව මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දැනට නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට ලෙස සංචාරක කලාප 07 ක් පවතින අතර , සංචාරක කලාප ලෙස ගැසට් ප්‍රකාශයට පත්ව නොමැති සංචාරක ආකර්ශණයකින් සමන්විත තවත් කලාප ගනණාවක් දිවයින පුරා පිහිටා තිබෙන හෙයින් මෙම නව සංචාරක කලාප හදුන්වා දීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය අඩපණ වුවද , වසර 2025 වනවිට ඇමරිකන් ඩො.බිලියන 10ක ආදායමක් මෙරට සංචාරක කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දීම රජයේ ඉලක්කයක් බවත් ,ඊට ගතහැකි ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බලන්න ලස්සන තැන් තවත් 6000ක් සොයාගනී
kamal Koyrala Sunday, 18 April 2021 09:27 AM
සංචාරක කලාප කියා හඳුනාගෙන යටිතල පහසුකම් කියන්නේ ඒවායේ පෞරාණික අගය හෝ පරිසර ආකර්ශනය නැතිකර දමන එක...
Ranjan Monday, 19 April 2021 09:01 AM
අලුත් කලාප වල යටිතල පහසුකම් වලට පෙර තිබෙන ඒවාට අඩුම වශයෙන් පිරිසිදු වැසිකිලි දේශීය විදේශීය නොබලා ලබා දෙන්න කොටුවේ දුම්රියපළේ තිබෙන විදෙසීයන්ට වෙන්වූ වැසිකිලියට යන්න ලැබෙන්නේ සවස 4 වනතුරු පමණි. එයට හේතුව එම වැසිකිලියේ යතුර තිබෙන කාර්යාලය වසන නිසා වැසිකිලි යන අ ය 4 ට ර පෙර යන්න.මොනාද මේ විකාර කාටත් යා හැකි වැසිකිලි පද්ධතියක් රට පුරාම අවශ්‍ය නොවේද?
ravinMonday, 19 April 2021 12:05 PM
ලංකාවේ ජිවත්වන සමහර මිනිස්සු පොදු වැසිකිලි පමණක් නොව තමන්ගේ වැසිකිලිය වත් හොඳින් පාවිච්චි කිරීමට දන්නේ නැත. පාසලේදීම මේ ගැන කියාදිය යුතුයි. ඉන්දියාවේ වැසිකිලි නැහැ කියා කියා පාරම්බාමින් තමන්ට ලැබිලා ඇති වැසිකිලියවත් හරියට පාවිච්චි නොකරන ගෝත්‍රික,නුගත් ගැහැනුන් මිනිසුන් ඕනෑතරම් මේ රටේදී සොයාගත හැක.