IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බදුල්ලේ තේ කම්හල් 28 ක් ම වැසෙයි

(එෆ්.අස්ලම්)
 
 
තේ කර්මාන්තයේ වසර ගණනාවක සිට සිදුවෙමින් පවතින කඩාවැටීම් හමුවේ  බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා  79 ක් අතරින් 28 ක් ම මේ වනවිට වැසී ගොස් තිබෙන බවත් එක්සත් වතු කම්කරු සංගමයේ මහ ලේකම් ඒ.මුත්තුලිංගම් මහතා පැවසීය.
 
රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය  වූ තේ කර්මාන්තය 1992 වසරේදී පෞද්ගලීකරණය කිරීමත් 2004 වසරේ පෞද්ගලික පාර්ශවයන් හට වසර 50ක කාලයක් බදු දීමත් මත වතු කර්මාන්තයේ දැවැන්ත පරිහානියක් සිදුව තිබෙන බවද හෙතෙම කීය.
 
වතු පාලනය අතට ගත් හාම්පුතුන් වතු කම්කරුවන්ගේ සුබ සාධන හා ආර්ථික තත්වය කෙරෙහි නොසැලකිල්ලක් දැක්වීමත් වතුකම්කරුවන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොගෙවීමත් මේ හේතුවෙන් වතුකම්කරුවන් වතු සේවයෙන් ඈත් වීමත් යන කාරණාවන් මත තේ කර්මාන්තය පිරිහෙමින් පවතින බවද හෙතෙම කීය.
 
තේ නිෂ්පාදනයේ විශාල ප්‍රගතියක් දැක්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ චෙල්සිවත්ත, කලංවත්ත, ක්වින්ස්ටවුන්, ඩැමේරියා, ගූගලෑන්, ලෙජර්වත්ත, නෙළුව, වෝර්ක්වෙල්, පිංඅරාව, සෙන්ජේමිස්, උඩවේරිය වැනි ප්‍රසිද්ධ තේ කර්මාන්තශාලා වැසී ගොස් තිබෙන බවද මුත්තුලිංගම් මහතා සඳහන් කළේය.
 
මේ හේතුවෙන් දැනට නිෂ්පාදන සිදුවන තේ කර්මාන්තශාලා වෙත තේ දලු ගෙන යාමට සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (5)

බදුල්ලේ තේ කම්හල් 28 ක් ම වැසෙයි

sam Wednesday, 09 January 2019 10:27 AM

ලංකාවේ තේ රබර් පොල් වගාවන් තුනේම අවසානයේ, ආරම්භය 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ 'රන් පවුම් වතු' රජයට පවරා ගැනීම කියන එක නොදන්නා සියලු දෙනාටම මතක් කර දීමට කැමතියි .

:       86       46

ආරියපාල හේවගේ Wednesday, 09 January 2019 05:59 PM

ඹුත්තුලිංගම් මහතා පොදු ජනතාවගේ විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ සුභ සාධන වැඩ ගැන දීරග කාලයක් වැඩ කළ කෙනෙක් ලෙස පවසන මෙම පුවත නිවරදිය. මේ තේ වතු ටික රැක ගන්න රජය විසින් මොන යම් දෙයක් හෝ කල යුතුය.

:       0       18

sandy123 Thursday, 10 January 2019 04:24 AM

අපේ රටේ නිර්ලජ්ජිත දේශපාලන මහිමය ඉතා හොදින් විදහා දැක්වෙන කාරණයක්.

:       0       6

Ganesh Thursday, 10 January 2019 02:31 PM

2020 වසරෙදී කම්කරුවන් ආනයනය කරන්න වෙනවා.

:       0       1

aravinda Thursday, 10 January 2019 04:08 PM

සෑම්, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පරමාර්ථය වුයේ, යටත් විජිත සමයේ සුද්දන් විසින් මුඩුඉඩම් පනත යටතේ සිංහල ගම් වැසියන්ගෙන් බලෙන් උදුරාගත් ඉඩම්, නැවත ජනසතු කිරීමයි. යටත් විජිත සමයේ සුද්දන් විසින් ඉන්දියානු කුලී කරුවන් ඉතා අඩු මුදලකට සේවයේ යෙදු අතර, ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව වැනි යටත් විජිත වල තේ සඳහා ඔවුන්ගේ තිබු වෙළඳ ඒකාධිකාරිය හරහා ඔවුන් හට විශාල ලාභයක් ලැබුණි. අද අපට එවැනි ඒකාධිකාරියක් නොමැති අතර, අපේ තේ විකිණීම සඳහා ඉන්දියාව, අප්‍රිකාව, චීනය වැනි රටවල් සමග තරග කිරීමට සිදුවී ඇත. මෙවැනි තත්වයක් යටතේ සේවකයන්ගේ වැටුප් තවත් වැඩි කළොත් සිදුවන්නේ පිරිවැය වැඩි වීම නිසා තව තවත් කම්හල් වැසී යාම පමණි.

:       0       69

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1984 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 647 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site