IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පෞද්ගලික රථවාහන ආනයන වියදම සියයට 47කින් පහළට

හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා කරන ලද සමස්ත වියදම පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී සියයට 47.9කින් ඇමෙරිකානු ඩොලර් මිලියන 49.5ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

පසුගිය වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා කරන ලද සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් වන අතර අතර මේ වසරේ පළමු මාසයේදී ඒ වෙනුවෙන් කරන වියදම ඩොලර් මිලියන 49.5කි. ඒ අනුව එය සියයට 47.9ක අඩු වීමක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව කියයි.

පසුගිය වසරේදී පෞද්ගලික රථවාහන ආනයන කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1,573.5ක වියදමක් දරා ඇතැයි ද එය 2017 වසර හා සැලකීමේදී සියයට 103.7ක වෙනසක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

ආනයන අඩු කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම හේතුවෙන් පෞද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා කෙරෙන වියදම කැපී පෙනෙන ලෙස අඩු වූයේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අඛණ්ඩව එම ප්‍රවණතාව දක්නට ඇතැයි ද මහ බැංක-ුව පවසයි. 

 



අදහස් (6)

පෞද්ගලික රථවාහන ආනයන වියදම සියයට 47කින් පහළට

Perakum Friday, 19 April 2019 12:10 PM

පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න එවිට රථවාහන ආනයන වියදම බින්දුවට බහීවි.

:       57       348

Dhammika Saturday, 20 April 2019 12:55 PM

ඕකෙන් වෙන්නේ වාහනයක් ගන්න සිහින මවන පොඩි මිනිහගේ බඩට වදින එක විතරයි. කෝ මැති ඇමතිවරුන්ට සහ අනවශ්‍ය අයට දෙන තීරු බදු රහිත බලපත් නවත්වලා නැහැනේ..

:       325       123

Perakum Sunday, 21 April 2019 04:00 AM

නිකමට හිතල බලන්න. පොදු ප්‍රවාහන පද්ධතිය උසස් මට්ටමක පවතී නම් පොඩි ලොකු භේදයකින් තොරව හැමෝටම පෞද්ගලික වාහනයක අවශ්‍යතාවය නැතුව යනවා. වෙනත් දියුණු රටවල් දෙස ඇස් ඇර බලන්න. අවශ්‍යනම් කුලී වාහන ඕන තරම්. කෙනෙකුගේ සමාජ තරාතිරම මනින්න අපි යොදාගෙන තියන එක මිනුම් දණ්ඩක් තමයි වාහනය. මොන තරම් අවාසනාවන්ත තත්වයක්ද. මේ වෙනස ඇතිකරන්න අපි කොතනින් හෝ පටන් ගනිමු.

:       56       132

DhammikaSunday, 21 April 2019 10:30 AM

දියුණු රටවල එක ගෙදර සාමාජිකයින් හැමෝටම වාහන තියනවා, පොදු ප්‍රවාහනයත් හොදටම තියනවා.. ඔබ මොකක් කරන්න කියලද මට කියන්නේ

:       47       66

PerakumMonday, 22 April 2019 12:38 AM

ඔබ දියුණු රටවල් කියන්නේ අරාබිකරයට බව ඉතා පැහැදිලියි. හොඳින් බලන්න. ලෝකයේ සැබවින් දියුණු රටවල වාහන නොමැති නිවාස සංඛ්‍යාව වැඩි බව පෙනෙනු ඇත. පොදු ප්‍රවාහනයෙන් ඕනෑම තැනකට යාහැකිය... තමන්ගේ වාහනයෙන් ගියොත් එය ගාල් කිරීම ගැටලුවකි. රථ ගාලේ සිට බොහෝ දුරක් නැවත පා ගමනින් යා යුතුවේ. දුර ගමනකට අවශ්‍යම නම් කුලී පදනම මත සුදුසු වාහනයක් ගතහැකිය. එක නගරයකින් ලබාගන්නා වාහනය වෙනත් නගරයක ඔවුන්ගේ ආයතනයේ ශාඛා කාර්යාලයට ආපසු බාරදිය හැකිය. දියුණු රටවල් දෙස නැවත ඇස්හැර බලන්න...

:       0       124

Perakum Monday, 22 April 2019 05:31 AM

ධම්මික මගේ අත්දැකීම අනුව යුරෝපයේ එක රටකින් කුලියට ගත් වාහනය වෙනත් රටකදී ආපසු බාරදිය හැකිය. දියුණුව යනුවෙන් මම අදහස් කලේ එවැන්නක්. අරාබියෙන් එලියට ඇවිත් දියුණු ලෝකය දිහා ඇස් ඇර බලන්න.

:       7       124

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site