IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පුද්ගලික ආයෝජන එක්රැස් කිරීමේ වැදගත්කම අගමැති පෙන්වාදෙයි

 
අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
 
අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ දී පැවසීය.
 
වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම’ මැයෙන්    පැවති පූර්ව සැසියේ දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, රාජ්‍ය - පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පණත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන  බවය.
 
සැසිය ආරම්භ කරමින් අදහස් දැක්වූ ලෝක අර්ථික සමුළු කළමණාකරන මණ්ඩලයේ සභාපති බොර්ග් බ්‍රෙන්ඩේ මහතා පැවසූයේ ඉදිරි වසර 15 පිළිබඳ කර ඇති පුරෝකථනයන්ට අනුව ආසියානු කලාපීය සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රාජ්‍ය අංශයන්ට පමණක් දැරීමට කිසිසේත්ම හැකියාවක් නැති බවය. ඒ නිසා පුද්ගලික අංශයේ මූල ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගැනීමේ උපාය මාර්ග හා ක්‍රමවේද කඩිනමින්ම සැකසිය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
 
ඉන් පසුව පැවති සාකච්ඡා මණ්ඩපයේ දී ඉන්දුනීසියාවේ සාගර කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය ලූහුට් බින්සර් පන්ජෙයිටාන්, ආසියානු සංවර්ධන බැංකුවේ නැගෙනහිර ආසියා, අග්නිදිග ආසියා හා ශාන්තිකර කලාපීය උප සභාපති ස්ටීවන් පී ග්‍රොෆ්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපතිනි නිනා ස්ටෝඉල්ජ්කොවික්, විනා කැපිටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෙදාන් ලැම් හා ක්‍රෙඩිට් සුයිස් ආයතනයේ ආසියා ශාන්තිකර උප සභාපති ජෝසේ ඉසිද්රෝ කැමචෝ යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.
 
තම රටවල් හා ආයතන පුද්ගලික මුල්‍ය ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගත් ආකාරය හා ඊට එල්ල වුණු අභියෝගයන් සම්බන්ධයෙන්  ඔවුහු කරුණු හා සිය අත්දැකීම් පැහැදිලි කළහ.
 
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ජපානයේ එම්යූඑෆ්ජී බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටෝෆර් මාක්ස් විසිනි.



අදහස් (11)

පුද්ගලික ආයෝජන එක්රැස් කිරීමේ වැදගත්කම අගමැති පෙන්වාදෙයි

Bamunuarachchi Wednesday, 12 September 2018 05:23 AM

පෞද්ගලික ආයෝජන එක්රැස් කිරීමේ වැදගත්කම ඔහේ කියන්න කලින් අපි දන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඊළඟට මොන බැංකුව මංකොල්ල කයිද කියලා බයට පෞද්ගලික ආයෝජන කරන්න කවුරුත් එන්නේ නැත. මහා බැංකු කොල්ලය නිසා තැන්පත් කර තිබූ විදේශීය මුදලුත් ආයෝජකයින් ආපසු ගත්තා මතකද. මෙයා කතා කොරන්නේ ඊයේ ඉපදුනා වගේනේ.

:       2       396

RaveendraWednesday, 12 September 2018 10:59 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු, නමුත් ඒවා අර්ථ ශුන්‍ය බව කිව යුතුය. මක්නිසාදයත් "පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම " ගැන හිතල තමයි මහා බැංකුවට ඇඩ්රස් නැති වෙන්නම දුන්නේ. ඉතින් මේ " ගොයියාගේ කට බොරු කිව්වත් දිවනම් ඇත්තම ඇත්ත " තමයි කියල තියෙන්නේ.

:       1       196

නලිනි රණවිර Wednesday, 12 September 2018 09:05 AM

ඊළඟ ඡන්දයේදී "නාගානන්ද කොඩිතුවක්කු" මහතාගේ ජයග්‍රහණය දැනටමත් ස්ථිරයි. ආයේ කවදාවත් කොළ, නිල්, ආණ්ඩු පත්වෙන්නේ නැහැ. ජනතාව අවුරුදු 70ක් පරිප්පු කෑවා ඇති. නවත්තගන්න ඔය බයිලා.

:       1       113

රවී Wednesday, 12 September 2018 12:16 PM

මමත් නාගානන්ද මහත්මයාට ඡන්දය දෙනවා. අපේ රට මේ හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න...

:       17       52

sanjeewa Wednesday, 12 September 2018 11:15 PM

මෙහෙම සවුත්තුවෙන අගමැති කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති. මිනිස්සු දාන ප්‍රතිචාර වලින් හොඳටම පේනවා. රට ගැන පුදුම දුකක් දැනෙන්නේ.

:       0       361

surath Thursday, 13 September 2018 12:11 AM

බයිලම තමයි පහුගිය අවුරුදු හතරේම කිව්වේ. මෙයලටත් ඉර හද පායනවනේ

:       1       243

de silva Thursday, 13 September 2018 04:37 AM

නාගනන්ද මහත්මය ජනාධිපති වරණයට අවොත් අනිවාර්යයෙන්ම රනිල්ට වැඩියෙන් ඡන්ද ගන්නවා

:       13       43

lalith Thursday, 13 September 2018 10:12 AM

මහා බැංකුවේ තිබුණු සල්ලි ටිකට විද්ද. දැන් මිනිස්සු අතේ තියෙන සල්ලි ටිකටත් විදින්නයි බලන්නේ. ආයෝජනය කරන්න ඕන දියුණු වෙන ලාභ ලබන ව්‍යාපාරයකට. නැතුව අවුරුදු දෙකක් යන්නේ කොහෙද මල්ලෙපොල් කියන ආණ්ඩුව කියන විදියට නෙමෙයි. මෙයාල කියන විදියට ආයෝජනය කලොත් මහන්සියෙන් පරම්පරා ගානක් හරිහම්බ කරගත්තු සල්ලි ටිකත් වතුරේ. ආයෝජනය කරපල්ලා කියල පහුවදාට බදු වැඩිකරලා එ් සල්ලි සේරම ඇදල අරගෙන, කට්ටිය රට සවාරි යයි පවුල් පිටින්, එහෙම නැතිනම් තීරුබදු රහිත කාර් ගෙන්න ගනියි.

:       1       79

samank Thursday, 13 September 2018 10:42 AM

එක වෙන්න ඇති මහ බැංකුවෙන්ම පටන් ගත්තේ එක්රැස් කරන්න

:       1       52

chathuri Friday, 14 September 2018 11:40 AM

අපේ රුපියල ගොඩගන්න විදියක් බලන්න.

:       1       4

Bamunuarachchi Saturday, 15 September 2018 03:59 AM

අපේ රුපියල ගොඩගන්න වලට බහින්න ඕනේ... දැනටමත් අපි ඉන්නේ වලේ. දැන් වලට දමා ගන්න ඕනේ ගොඩඉන්න දේශපාලකයින්වයි.

:       1       46

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 542 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 112 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 125 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 132 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 174 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 102 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1423 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site