(හර්ෂණ තුෂාර සිල්වා)
ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය පොලී අනුපාත සියයට එකකින් එනම් පදනම් අංක 100කින් අඩු කිරීමට ඉකුත් ජූලි මාසයේදී පියවර ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වා අඩු කිරීමටත් එම අවස්ථාවේදී පියවර ගත්තේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර බැංකු පොලී අනුපාත එම අගයවල පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ දී අවස්ථා හයකදී පොලී අනුපාතික අඩු කළ අතර පොලී අනුපාත අඩු කිරීමෙන් බැංකු ගනුදෙනුකරුවන්ට වේගයෙන් ප්රතිලාභ ලබා දීමට බැංකු වලට හැකි වනු ඇති බවත් මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඉකුත් ජූලි මාසයේ දී පැවැසීය.
එමඟින් වාණිජ බැංකු අතර කෙරෙන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන අතර එම නිසා වඅඩු පොලියට ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට අවස්ථාව උදා වන බව ද ඔහු කීය .
කෙසේ නමුත් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළෙඳපොළ ණය අනුපාතික මගින් තවමත් පෙන්නුම් කර නැති බැවින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණය ගෙන තිබේ. ඊට අමතරව ආන්තික ණය ලබාගන්නන්ට සහාය වීම සඳහා ඉහළ අගයක පවතින ඇතැම් පොලී අනුපාතික අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා මහ තීරණය කර ඇත.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50, බැංකු අනුපාතිකය සියයට 8.50 සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 2.00 මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනසක් නෑ