(තිළිණි ද සිල්වා)
පසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සඳහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී.
ඒ අනුව 2018 වසරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසදීමේදී පසුගිය වසරේදී සංචාරකයින් පැමිණීම සියයට 18 කින් අඩු වී ඇතැයිද සංවර්ධන අධිකාරිය කියා සිටී. ඉකුත් 2018 වසරේදී පැමිණි විදෙස් සංචාරකයින් ගණන විසිතුන් ලක්ෂ තිස්තුන් දහස් හත්සිය අනූහයකි.
2019 වසර සදහා සංචාරකයින් පැමිණීමේ දත්ත නිකුත් කරමින් එම අධිකාරිය මේ බව කියා සිටී.
පසුගිය වරේදී සංචාරකයින් ලක්ෂ 25 ක් මෙරටට පැමිණෙනු ඇතැයිද බලාපොරොත්තු වුවද පසුගිය අප්‍රේල් මාසයේ පැවති පාස්කු ඉරිදා ඛේදවාචකය හේතුවෙන් එම ඉලක්කය සපුරා ගත නොහැකි වූ බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
රට |
පැමිණි සංචාරකයින් සංඛ්‍යාව |
ඉන්දියාව |
355,000 |
එක්සත් රාජධානිය |
198,776 |
චීනය |
167,863 |
ජර්මනිය |
134,899 |
ඕස්ට්‍රේලියාව |
92,674 |
ප්‍රංශය |
87,623 |
රුසියාව |
86,549 |
ඇමෙරිකාව |
68, 832 |
මාලදිවයින |
60,278 |
කැනඩාව |
48,729 |
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් දෙසැම්බර් මාසයේදී වන අතර එම මාසයේදී විදේශිකයින් 241,663 කු පැමිණි ඇත.නමුත් 2018 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.5ක අඩුවීමක් යැයිද එම අධිකාරිය කියා සිටී.
ඊට අමතරව ඉන්දියාවෙන් ,එක්සත් රාජධානිය සහ රුසියාවෙන් සංචාරකයින් මෙරට පැමිණි ඇත.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්
Kumar Monday, 06 January 2020 05:19 PM
ඇමෙරිකාවේ සංචාරකයෝ වැඩිදෙන යන්නේ මාලේටයි. ලංකාව ගැන වැඩිදෙනා දන්නේ නැහැ.