IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නව නිෂ්පාදන සංවර්ධනයට ජාතික වාණිජ මණ්ඩලයේ නව වැඩ පිළිපිළිවෙළක්

විද්‍යාත්මක පර්යේෂණ සහ කර්මාන්ත ව්‍යවසායකයන් අතර සහයෝගිතාව වර්ධනය කිරිමෙන්ව්‍යාපාර අවස්ථාවැඩි කර ගැනිමේ අරමුණෙන් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහන මගින් ප්‍රධාන වශයෙන් විද්‍යාර්ථීන් සහ කර්මාන්ත කරුවන් අතර සම්බන්ධතාව ගොඩනැගීම සිදුකරනු ලබන අතර එමගින් නිෂ්පාදන ශක්තිය වර්ධනය කිරීම, අපනයන වැඩි කිරීම අපනයන විවිධාංගිකරණය සහ ආනයන ආදේශක හදුන්වාදීම සිදුවනු ඇත. මෙය රටේ ආර්තික සංවර්ධනයට ධනාත්මකව බලපානු ඇත. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ මූලික අරමුණ වනුයේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසනයන් සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දේශීය හා විදේශීය වෙළඳාම ප්‍රවර්ධනය කිරිමයි.

විද්‍යා,තාක්සණ හා පර්යේසණ කටයුතු සංවර්ධනය,සැලසුම් කිරීඹ, සම්බන්ධීකරණ හා පහසුකම් සැපයීම සඳහා රජයට සහාය වීම ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සබාවේ අරමුණ වේ. ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාවෙහි ප්‍රධාන කාර්යයන් වනුයේ පර්යේෂණ යෝජනා කැඳවීම,අගයැමී සිදුකිරීඹ, අරමුදල් සැපයිම සහ ශ්‍රී ලාංකික පර්යේෂඛයන්ගේ සාර්ථක පර්යේෂණ හා නව්‍යකරණයන් සඳහා ඉහළ පිළිගැනීමක් ඇති කිරීමයි.

නව නිපැයුමක් හෝ සේවාවක් සංවර්ධනය කිරීමට හේතුවිය හැකි නව්‍ය අදහසක් තිබේ නම්, ඔබේ නව්‍ය අදහසෙහි තාක්ෂණික හා ආර්ථකි හක්‍යතාව තක්සේරු කිරීම මූල්‍යකරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික පර්යේසණ සභාව ඔබට සහාය වනු ඇත. එපමණක් නොව ඔබේ අදහසෙහි රහස්‍යභාවය පවත්වා ගැනීමෙනව් සුදුසු පර්යේෂණ හවුල්කරුවන් (අවශ්‍යනම්) තෝරා ගැනීමට ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව ඔබට සහාය වනු ඇත. තවද ව්‍යාපෘති් පිරිවැයෙන් 50%ක්(උපරිම වශයෙන් රු.මිලියන 40කට යටත්ව) යෝජිත ව්‍යාපෘතියේ ශක්‍යතාව මත පදනම් ව ලබාදිමට ජාතික පර්යේසණ සභාව සුදානම්ය. (කොන්දේසි සහිතයි) අවසාන වහයෙනව් මෙම හවුල්කාරින්ව ව්‍යාපෘතිය හරහා නව්‍ය නිෂ්පාදනයක් වැඩි දියුණු කළ නිෂ්පාදනයක්, සේවාවක් හෝ අගය කළ එක වාණිජකරණය කළ නිෂ්පාදනයක් බිහිකිරීමේ ඔබේ ඉලක්කය සපුරා ගනු ලැබිය හැකිය.

මේ සඳහා උනන්දුවක් දක්වන අය යෝජිත ව්‍යාපෘතියේ කෙටි සාරාංශයක්, සම්න්ධ කළ හැකි තොරතුරු සමග [email protected] වෙත දිය යුතුය.

 



අදහස් (1)

නව නිෂ්පාදන සංවර්ධනයට ජාතික වාණිජ මණ්ඩලයේ නව වැඩ පිළිපිළිවෙළක්

KD Wasanthakarunarathna Friday, 29 September 2023 02:10 PM

මගේ නව නිෂ්දපාදනය වැඩි දියුණු කර ගැනීමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 58 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 53 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2052 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 661 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site