(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල වශයෙන් ලැබෙන එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණීම අඩුවීම නිසා එළවළු මිල සීඝ්රයෙන් පහත වැටෙමින් පවතින බවත් මේ හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීහු පවසති.
දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන ලද එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එන අතර වාහනවලින් එළවළු ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන්නන් ප්‍රධාන මාර්ගයේ වාහන නවතා තිබෙන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
තමන් අස්වැන්න විකුණාගත නොහැකි වීම නිසා විශාල කාලයක් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටි බවත්, ඉතා අඩු මුදලට වෙළෙඳුන් එළවළු ඉල්ලා සිටින බවත් ගොවීහු කීහ. ඉහළ මිල ගණන් ප්‍රකාශ කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩ ගසාගෙන සිටීමට සිදුව ඇති බව ද ඔවුහු පැවසූහ.
කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබුණු ගෝවා, ලීක්ස්, බීට්රූට්, කැරට් කිලෝවක තොග මිල රුපියල් 35 සිට 55 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බවත් වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, පතෝල, වම්බටු, පහතරට ගෝවා ආදී කිලෝවක් රුපියල් 20ත් 50ත් දක්වා මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් මිලදී ගත්තද ප්‍රමාණවත් තොග අලෙවි නොවන බවත් ගොවීහු කියති.
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කළ එළවළු සඳහා මිලක් නොමැතිවීම නිසා ගොවීන්ට ආර්ථික වාසි ලැබී නැතැයි ඔවුහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් දැකගැනීමට හැකියාව ලැබුණු අතර එළවළු තොගවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබිණි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දඹුලු ආර්ථිකයේ එළවළු මිල පහළ වැටී ගොවීන් අමාරුවේ
rama Thursday, 11 April 2019 11:42 AM
මේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න බැරී ආණ්ඩු මොකටද? එක පැත්තක එළවලු විකුණා ගන්න බෑ තව පැත්තක එළවලු ගිනි ගණන් ගොවියා හැමදාම දුකේ...
චමින්ද Friday, 12 April 2019 12:31 AM
දඹුල්ලේ පමනක් මිලට ගැනීමේ ආර්ථික මධ්‍යස්ථානයක් ඇතිකර තිබීම නිසා සියලු එළවලු දඹුල්ලට පැමිනෙන බවක්නේද සිදුවන්නේ. එනිසා දුම්රිය නැවතුමක් අසල මිලට ගැනීමේ ස්ථානයක් ඇතිකර විවිධ ප්‍රදේශවලට බෙදාහරින ක්රමයක්වහා ඇතිකල යුතු අතර වගාවන් කිරීමේදී උත්සව කාල අරමුණුකර වගා නොකිරීමට ගොවීන් දැනුවත් කිරීමද කරන්න එසේ නොමැතිනම් එළවලු කල්තබා ගැනීමට හැකි ක්‍රමයක් සකසන්න
PerakumFriday, 12 April 2019 07:53 AM
චමින්ද, අපි කලක් තිස්සේ රජයකින් ජනතාවට සිදුවිය යුතු සේවය පිළිබඳව ඇති තරම් අදහස් දැක්වුවා. රජය ඒවා සත පහකට ගණන් ගත්තේ නෑ. මම නම් අලුත් රජයක් එනකල් නිහඬව ඉන්න තීරණය කලා.
sanaFriday, 12 April 2019 04:47 PM
කෘෂි භෝග වල මෙහෙම වෙන්න පුළුවන් ඒ නිසා එහෙම නෙවෙයි අරහෙම කරන්න කියලා ටක්කෙටම කියන්න අනාවැකිකරුවෙක් ගේන්න කියලද කියන්නේ? දැන් එළවළු තොග අඩු වෙලා මිල ඉහළ ගියා නම් ගොවියට කල්ල මරේ කියලා දාන්නේ නැ, මෙන්න මිල ඉහල ගිහින් කියලා මැරෙන්න හදනවා. ඉල්ලුම සැපයුම මත තමයි මිල තීරණය වෙන්නේ. ගොවියට අච්චර වවන්න මෙච්චර වවන්න කියලා වැරදුනොත් කවුද ඒකේ වගකීම ගන්නේ? තමන් කරන ව්‍යාපාරයේ අවදානම ගන්න තමන් දැන ගන්න ඕන. නිකං අනුන්ට දොස් පවරලා වැඩක් නෑ.
PerakumSaturday, 13 April 2019 03:27 AM
එහෙමනම් ඉතින් ඔය අති විශාල ධනස්කන්ධයක් අය වැයෙන් වෙන් කරලා නඩත්තු කරන සියලු කෘෂි ආයතන වසා දැම්මම ඉවරයිනේ. වෙනත් රටවල කෘෂි කර්මාන්තය පරිපාලනය කරන හැටි ටිකක් අධ්‍යයනය කර බලන්න.
Sumth Friday, 12 April 2019 11:55 AM
අගනුවර එන්න. පාලකයින්ට ගොවියන් විඳින දුක තේරෙන්නේ නැහැ.
PerakumSaturday, 13 April 2019 05:33 AM
සැබෑ ජනතාවාදී පාලකයන්ට ගොවි දුක අමුතුවෙන් තේරුම් කර දෙන්න අවශ්‍ය නෑ. වැරැද්ද අපේ අතේ. හරියට කතිරේ ගහන්න දන්නෙ නැතිකම. ඊළඟ සැරේවත් හරියට කතිරෙ ගහමු. අවුරුදු 71ක් රට විනාස කරපු අයට පාඩමක් උගන්වමු.
dias Friday, 12 April 2019 09:53 PM
මෙවර එළවලු අස්වැන්නේ වැඩි වීමට ප්‍රධාන හේතුව නම්, පසුගිය මහ කන්නයේ හොඳින් වර්ෂාව ලැබීමය. මේ තමා කෘෂිකර්මාන්තයේ හැටි. කෙසේ නමුත්, චමින්ද සදහන් කල පරිදි දුම්රිය නැවතුමක් අසල මිලට ගැනීමේ ස්ථානයක් ඇති කිරීමෙන් මේ ඵලදාව කොළඹ සහ වෙරළබඩ දුම්රිය මාර්ගයේ මාතර දක්වා බෙදා හරිය හැකියි. එයින් යම් ප්‍රමාණයකට ගොවීන් අතරමැදියගේ සුරා කෑම වලක්වා ගත හැකියි.
nimal Sunday, 14 April 2019 06:51 AM
මෙයට ගැලපෙන විසදුමක් අනුර කුමාර දිසානායක කෘෂි ඇමති කාලේ ගෙනාවා.
de silva Tuesday, 16 April 2019 06:54 AM
ගොවියෝ එකතු වෙලා i ඔය එළවලු ආර්ථික මධ්‍යස්ථානයටම උස්සගෙන යන්නේ නැතුව ලොරියක පටවාගෙන කොළඹ දිශාවට ඇවිත් නාගරික ජනතාව ජිවත් වන ප්‍රදේශයක පාරක් අසල නවත්වාගෙන සහන මිලකට විකුණුවොත් පාරිභෝගිකයෝ මිලදී ගනීවි, ඔය ප්‍රදේශයේ දේශපාලකයන්ගෙන මේ ප්‍රශ්නෙට විසදුම් බලාපොරොත්තු වෙන්න බැහැ, එකට හේතුව ඔවුන්ගේ ඡන්දෙට එළවලු මාෆියා කාරයෝද වියදම් කරන නිසා .