IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දඹුල්ලේ එළවළු මිල නැවතත් පහළට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (27) ඇඳිරිනීතිය පැවතියද   විවෘත කර ඇති අතර එළවළු මිල පෙරදාට වඩා සියයට සියයකින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.


දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගොවීන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විශාල වශයෙන් රැගෙන විත් තිබෙන ඇති අයුරු දැක ගැනීමට හැකි විය.
 
පෙරදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් සියයත් 175ත් 250 ත්  අතර මිල ගණන් යටතේ අලෙවි වූ බොහෝමයක් එළවළු වර්ග 27 දිනය රුපියල් 50 සිට 100 දක්වා මිලයකට පවතී.

පහතරට එළවළු වර්ග වන වම්බටු මෑකරල් දඹල කැකිරි පිපිඤ්ඤා වට්ටක්කා ආදී එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 50 සිට 80 දක්වා වූ මිලක් පවතින අතර අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් සියයකි.  සාපේක්ෂව අනිත් සියලුම එළවළු වර්ග වල මිල ද පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලීක්ස් ,ගෝවා කිලෝවක් රුපියල් සියය ඉක්මවා අලවිවූ අතර ඒවාද සවස් වනවිට අඩුවිය හැකි බව වෙළෙන්දෝ කියති.

යාපනය අර්ධද්වීපයෙන් සහ දුර බැහැර ප්‍රදේශවල ගොවීන් රැසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙසේ එළවළු ගෙනවිත් තිබිණි.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න  ඈරැවුල මහතා කියා සිටියේ සිල්ලර වෙළඳාම සහ අතරමැදි කණ්ඩායම් නිසා එළවළු සඳහා පාලන මිලක් දැමීමට අවධානය යොමු කර තිබෙන බවයි .

එමෙන්ම අඩු මුදලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ලබාගෙන ඉතා වැඩි මිල ගණන් යටතේ රට පුරා අලෙවි කිරීම හේතුවෙන් මෙය පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් පසුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් 150 දෙනකු සිටින බවත් දිවයිනේ පළාත් නවය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අවශ්‍ය එළවළු තොග තම වෙළෙඳ ව්‍යාපාරිකයන් හරහා වීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා ප්‍රවාහන වියදම පමණක් ලබාදුනහොත් විශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මහා මාර්ගවල එක්රැස් වීමකින් තොරව ලබාදිය හැකි බවත් අඩු මුදලකට ඒ සියල්ල ලඟට ගෙන දිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය .

ඒ සඳහා රජයේ අනුග්‍රහය ලබා දෙන්නේ නම් මෙය ඉතා කඩිනමින් සිදු කළ හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.



අදහස් (7)

දඹුල්ලේ එළවළු මිල නැවතත් පහළට

anula Friday, 27 March 2020 11:27 AM

එහෙ එහෙම වුණාට අනිත් පලාත්වල ගිනි ගණන් රජය මැදිහත් වෙලා සාධාරණ මිලකට පාරිබෝගිකයාට ලබාදෙන්න...

:       0       22

Laksitha Paris Friday, 27 March 2020 01:03 PM

මේ වෙලාවේ ගසාකන අයටනම් ‌ෙහොඳක් ‌වෙන්නේ නෑ. ..හිිිිිිතන්න. ලොවම කරදරයක ඉන්නේ. බුදු සරණයි !

:       0       45

lalithm Friday, 27 March 2020 03:15 PM

බෙදාහැරීමේ දෝෂ. මුදලාලිලා රජයට වඩා බොහෝ බලසම්පන්නයි. කපටියි. රජයේ නිලධාරීන්ට මුදලාලිලා එක්ක හැපෙනවට වඩා බෙදාහැරීමේ යාන්ත්‍රනය සැකසීමට හිතට ගත්තනම් හරියනවා. ඔය දස දහස් ගණනින් රැකියා දුන්නු උපධිකාරයෝ ඕවට යොදාගන්න බැරිද? මොකවත්ම බැරිද?

:       0       92

ලැවොයිසියර් Saturday, 28 March 2020 12:17 AM

ගසා කාලා හම්බ කරන සල්ලි තමා අන්තිමට අළු දූවිලි වෙන්නේ.

:       0       45

de silva Saturday, 28 March 2020 09:58 AM

එළවලු මාෆියාව මර්ධනය කරන්න එළවලු වලට පාලන මිලක් අවශ්‍ය වෙනවා .

:       0       0

mahinda Monday, 30 March 2020 03:19 AM

අනේ අපේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මාර්කටින් තිබුණා නම් විවෘත ආර්ථිකයට, වසංගතවලට මුහුණ දෙන හැටි කොහොමද කියලා කියලා දෙන්න කියලා ආර්ථික ඔස්තාර්ට කියමු..

:       0       0

රුවන් Monday, 30 March 2020 05:00 AM

මේ වැඩේට රජය මැදිහත්විය යුතුය... කෝ මේ වෙළඳ ඇමතියෝ? ගාර්ඩ් දාගෙන පාරේ යන්න විතරද පුළුවන්...? තොපි අර රැහැයිය අනේ ලැජ්ජයි මේ වෙලාවේ සියලු එළවලු අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට හමුදාවට බාර දෙන්න. අහිංසක මිනිස්සුන්ට කන්න නැහැ සල්ලි තියෙන එකාටවත් ගන්න ක්‍රමයක් නැහැ. කෝ මේ යාන්ත‍්‍රණය? මේ වෙලාවේ ජනාදිපතිතුමාට සහය දෙන්න කෙනෙක් නැද්ද? නැත්නම් හොරු ගැන විශ්වාසයක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 34 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1993 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 651 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site