IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දඬු ලේනුන්ගෙන් වඳුරන්ගෙන් පුත්තලමේ පොල් වගාවට හානි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දඬු ලේනුන් සහ වඳුරන් හානි සිදුකිරීම හේතුවෙන් වසරකට පොල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වන  බව පුත්තලම පොල් වගාකරුවෝ පවසති.

වගාකරුවන් පවසන්නේ මෙම සතුන් පොල් මල් සහ පොල් ඇට්ටයේ සිට වර්ධනය වූ ගෙඩි සපා කමින් සිදු කරන හානිය හේතුවෙන් පොල් අස්වැන්න සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පොල් වගාකරුවකු වන ආර්.එම් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.

     “අපි පොල් වගා කරන්න බොහෝ මහන්සි වෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා. පොල් වගාවට විශාල හානියක් වී තිබූ මයිටා රෝගය ක්‍රමයෙන් මර්ධනය වෙමින් පවතිනවා.

නමුත් දඬු ලේනන් හා වඳුරන් සිදු කරන හානිය ඊටත් විශාලයි. දඬු ලේනෙක්  පොල් ගසකට නැග්ගොත් ඒ ගහේ මල් සියල්ලම සපා දමා කුරුම්බැට්ටේ සිට මෝරපු පොල් ගෙඩිය දක්වා කා දමනවා”

පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂ  චන්ද්‍රරත්න මහතා පවසා සිටියේ මෙය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් කටයුත්තක් බවත් පොල් වගාවට හානි සිදුවන මුත් සතුන් විනාශ කිරීමට අයිතියක් වගාකරුවන්ට නැති බවත්ය.

පොල් සංවර්ධන මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් කළමණාකාර ඉන්දික සෙනවිරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ වන සතුන්ගෙන් වන හානි වැළැක්වීමට ඔවුන් වගාකරුවන්ට වායු රයිෆල් හඳුන්වා දී ඇති බවය.



අදහස් (6)

දඬු ලේනුන්ගෙන් වඳුරන්ගෙන් පුත්තලමේ පොල් වගාවට හානි

athula Tuesday, 06 November 2018 06:24 PM

වන සතෙක් නොමැති රටවල් වල මිනිස්සු ඔවුන්ව තම රටවල බෝකරවන්න කොච්චර මහන්සි වෙනවද අපේ රටේ සතුන්ට අද කන්න නැහැ මිනිසුන්ට වගේම තමයි... ඔවුන්ගේ වාසස්ථාන පාලකයන්ගේ ප්‍රතිපත්ති නිසා සියල්ලෝම බැටකනවා. මේක මහා ඛේදවාචකයක්.

:       53       8

cccThursday, 08 November 2018 05:15 AM

වඳුරන් සහ දන්නා තරමින් දඩු ලේනන් යනු ශීඝ්‍ර වර්ධනයක් තියෙන සත්තු දෙදෙනෙක්. බෝවීමත් පාලනය කල යුතුයි.

:       3       17

sandy123 Thursday, 08 November 2018 04:43 AM

මේ වන සුතුන් දේශාපාලකයෝ ගානට වැටිලා. මදය කාලා පොත්ත ඉතුරු කරලා නොපෙනෙන්න .

:       0       6

Sanath Saturday, 10 November 2018 05:40 AM

වායු රයිෆල් වලින් ඔය සතුන් වඳ කරන්න බැහැ. ඔයවායු රයිෆල් පැලට් එක ඉතා කුඩායි.. ඕකෙන් වෙන්නේ සතාට තුවාලයක් පමණයි. ඕක ඇසක හෝ මාරාන්තික තැනක වැදුනොත් ඔය සත්තු කන්න බොන්න නැතුව විඳවල විඳවලයි මැරෙන්නේ.. මහා පාපකර්මයක්. නමුත් වගාව බේරගන්නත් ඕනෑනම් එකවර මැරෙන්න ෂොට් ගන් එකක් ඔවුන්ට ලබාදෙන්න ඉස්සර දුන්නා වගේ. වෙඩි ශබ්දයටත් සත්තු බයයි. වෙන කිසිම ප්‍රායෝගික උපක්‍රමයක් නැහැ. බොරුනම් වෙන රටවල වගා ආරක්ෂක උපක්‍රම අන්තර්ජාලයෙන් බලන්න. මෙවැනි වගා ආරක්ෂාවට තුවක්කු අනිවාර්යයි...

:       1       67

ජෝසප් පෙරේරා Saturday, 10 November 2018 06:32 PM

ඹය සත්තුන්ට පොල් වෙනුවට කෑමට යමක් තියල උන්ගෙ බඩගින්න නැති කරන්ඩ බැරිද? ඹ්නිනං ඒවට වඳ බෙහෙත් දාල බෝවීම පාලනය කරන්ඩත් පුලුවන්.

:       2       2

පාරිබෝගිකය Thursday, 29 November 2018 01:42 PM

අපි සත්තු මරනවට කැමති නැ. නමුත් ලාබෙට පොල් ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site