IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දකුණු ආසියාවේ වසරේ මහ බැංකු අධීපති කුමාරස්වාමි

(හර්ෂණ තුෂාර සිල්වා)

‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරනු ලැබ තිබේ.  

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරවලට සමගාමීව ඉකුත් දා මෙම සම්මානය ප්‍රදානය කර තිබේ. 

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් හා ආයතන සඳහා ප්‍රවෘත්ති උපදෙස් සහ දත්ත ලබාදෙන සේවාවක් වන ‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව ‘මහ බැංකුකරණය වෙත නිවුණු, සන්සුන් හා සාමූහික ප්‍රවේශයක්’ යන මැයෙන් ලිපියක් පළ කරමින් කුමාරස්වාමි මහතා වසරේ මහ බැංක් අධිපතිවරයා ලෙස නම් කර තිබේ. 

අභියෝග හමුවේ වුවද සන්සුන්ව නිරවුල්ව නිවැරැදි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇගයිය යුතු බව සඳහන් කරන ‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව ශ්‍රී ලංකාවේ හමුවේ ප්‍රශ්න, අභියෝග හා ගැටලු රැසක් තිබෙන බව ද කියයි. එසේ වුවද ශ්‍රී ලංකාව අවධානය යොමු කළ හැකි ධනාත්මක කරුණු, වත්කම් සහ ලක්ෂණ තිබෙන බව කියන එම සඟරාව මහ බැංකු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉන් එකක් යැයි ද කියයි.

පසුගිය වසරේ ජූලි 2 වැනිදා මහ බැංකු අධිපතිධුරයට පත්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රතිපත්ති සම්පාදනය, ආර්ථික උපදේශන කටයුතු සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දශක තුනක අත්දැකීම් ඇත්තෙකි. 

 



අදහස් (20)

දකුණු ආසියාවේ වසරේ මහ බැංකු අධීපති කුමාරස්වාමි

Upul Tuesday, 17 October 2017 11:19 AM

ඔය මගුල් සමිමානේ ගත්ත ගමන් ගත්ත එකාට කෙලවෙනවා

:       5       59

දිලාන් Tuesday, 17 October 2017 12:24 PM

ලෝකේ හොඳම මුදල් ඇමති හිටපු රටේ ඕවා මොනවද?

:       1       145

Mudalige Tuesday, 17 October 2017 01:01 PM

ඓ ලෝකේ හොඳම මුදල් (හොර) අමතිත් හිටියේ ලංකාවේ නේද ...? මුන්ට අමු කැවිලද දන්නේ නැහැ තෝරන්නේ නැද්ද ලෝකේ ඉන්න හොඳම හොරු රැල කොහෙද කියල ,,?

:       65       207

sasiThursday, 19 October 2017 07:42 AM

මුලින්ම බලන්න ඕනේ , මේ සම්මාන දෙන්නේ කවුද කියල ...සල්ලි දීල ගන්න සම්මානද? කියල කවුද දන්නේ...

:       0       73

nishaThursday, 19 October 2017 10:31 AM

ලෝකේ හොඳම මුදල් අමති නොවෙයි .හිතන් ඉන්නේ ලෝකයේ තියන එකම රට ලංකාව කියලද?

:       0       44

Perakum Tuesday, 17 October 2017 01:17 PM

හිටපු මුදල් ඇමැතිටත් මේගොල්ලෝ ඒවගේම සහතිකයක් දුන්න නේද?

:       0       114

jayampathi Tuesday, 17 October 2017 06:41 PM

අනේ මන්දා ඉස්සේල්ලා ලෝකේ හොඳම මුදල් ඇමති , දැන් දකුණු ආසියාවේ හොඳම මහ බැංකු අධීපති, හැබැයි රට නම් දවසින් දවස ණය බරින් බර වෙලා හිඟන තත්වයට වැටිලා .

:       57       172

emerson Wednesday, 18 October 2017 12:06 AM

හොර දේශපාලකයෝ දිහා බලන කෝණෙන් අවංක නිලදාරීන් දිහා බලන්න එපා. ඔබ තුමාට සුබ පැතුම්

:       140       243

Rohana Wednesday, 18 October 2017 01:57 AM

ඔබතුමාට දිගාසිරි!

:       74       121

kanthi Wednesday, 18 October 2017 03:24 AM

ඒකනේ කියන්නේ ඕනවට වැඩිය හොඳ වෙන්න හොඳ නැතිය කියල

:       0       9

Senarath Wednesday, 18 October 2017 03:34 AM

හිටපු මහබැංකු අධිපති කරපු හොර වැඩත් එක්ක ලංකාවේම බැංකු පද්ධතිය කඩා නොවැටී බේරගත්ත එකත්, ඒ හොරුන්ට විරුද්ධව නොභියව කොමිසම හමුවේ සාක්කි දීමත් බැලුවම මෙහෙම තේරීමකට මෙතුමා සුදුසුයි කියා හිතෙනවා.

:       85       150

Nimal Wednesday, 18 October 2017 04:38 AM

හොදම අය ඉන්න රටට වෙලා තියන නස්පැත්තිය ගැන හිතන්න. අන්තිමදී හොදම හොරුත් ඉන්නේ අපේ රටේ තමයි.

:       86       75

Sarath Wednesday, 18 October 2017 11:12 AM

සාමාන්‍ය මිනිසුන්ට මොකක්ද ඇති වැඩේ. ඔය සම්මාන වලින්...

:       0       12

Ratnamalala Wednesday, 18 October 2017 06:21 PM

බලාගෙන ඉම්මු. මෙයාගෙත් පැටිකිරිය එළියට එන්න වගේ.

:       96       112

ලුම්බිණි Wednesday, 18 October 2017 11:58 PM

මෙතුමාට සුභ පැතුම්!

:       38       4

mahee Thursday, 19 October 2017 12:24 AM

මෑත කාලේ හිටපු මහ බැංකුවේ අධිපතිවරු පාලකයන්ගේ රුකඩ බවට පත්වෙලා ඔවුන්ගේ හොරමැරකම් දුෂණ වලට දායක වුනා. ඔබ තුමා ඒ තත්වෙට නොවැටී ඉන්න උත්සාහ කරන බව අපට පෙනෙනවා. විපක්ෂෙ සමහරුන්ට මේ සම්මානේ ගැන පුදුමයි කියලත් තිබුන. ඒකෙන්ම පේනවා ඔබ මේ සම්මානයට සුදුසු බව. ඒ මොකද, ඒ ගොල්ල බලන්නේ හොරෙක් නෙමෙයි නම් වැඩක් නැහැ කියන දෘෂ්ටියෙන්.

:       437       259

sam Friday, 20 October 2017 08:32 PM

මේකේ අදහස් දාලා අය මේ සම්මානය මුළු ලෝකෙන්ම හොඳම මහ බැංකුව ලංකාව විදියට හිතනවාද ?? දකුණු ආසියාවේ , ඒ කියන්නේ ඇෆ්ඝනිස්තානය , භූතානය ,බංගලි දේශය, මාලදිවයින, නේපාලය, ඉන්දියාව හා පකිස්තානය කියන ඉතාම නරක හොර ගුහා අතරින් නරක එක හැටියට (best among the worst ) තමයි ලංකාව තේරිලා තියෙන්නේ .

:       29       134

lalin Saturday, 21 October 2017 03:37 PM

අපේ ආර්ථිකය සේලයින් දෙන මට්ටමක ඉන්නේ කියල ලෝකේ බැංකුව කියනවා. හැබැයි ඒ තත්වෙට පත්කරපු කට්ටිය ආසියාවේ හොඳම සෙට් එක.

:       0       111

bamunu Sunday, 22 October 2017 12:12 AM

මෙතන වැරැද්ද පටන් ගන්නකොටම හොඳම සම්මානය දෙනවා. සේවය ඉවර වුනාමයි හොඳද නරකද කියලා කියන්න පුළුවන්. "ග්ලෝබල් කැපිටල්’ සඟරාව" අපිට පෙනෙන්නම ඔය වගේ වැරදි කරනවානම් තව මොනවා කරනවා ඇද්ද? හොඳම මුදල් ඇමති පට්ටම දීලා අනාගත්තානේ. දෙවියන් වහන්සේත් මිනිසෙක් මැරෙනකම් ඉන්නවා ස්වර්ගෙට යවනවාද නරකාදියට යවනවාද කියලතීරණය කොරන්න. නමුත් මේ සඟරා නරකාදියට යවන්න ඕනේ මිනිසුන්වත් ස්වර්ගෙට යවන්න ඉක්මන් වෙනවා.

:       0       39

saman Sunday, 22 October 2017 11:05 AM

අයෙත් මහා බැංකු කොල්ලයක් වගේ....

:       0       41

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 69 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 59 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 47 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2054 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 662 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site