IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තරුණ ඉන්දියානුවන් ආකර්ෂණයට රාත්‍රී සමාජ ශාලා අවශ්‍යයි

(තිළිණි ද සිල්වා )
 
ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩිවශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ කැසිනෝ හල් ඉන්දියානුවන්ට ආකර්ෂණිය වන බවට කිසිදු විවාදයක් නැතැයි  සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකාව ඇතුළත සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය හා හෝටල් සංගමය එක්ව ඉන්දියානු සංචාරකයින් ඉලක්ක කරගනිමින් හඳුන්වා දෙන ලද විශේෂ සංචාරක පැකේජ දියත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ බව කියා සිටියේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේද කීය.
 
     “මේ ඉන්දියානු පැකේජය ඉතා වැදගත්. ඉන්දියානුවෝ දිගටම ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම්, අපිට වෙන කාගෙන්වත් යැපෙන්න ඕන වෙන්නේ නැහැ. ඔවුන්ව ආකර්ෂණය කර ගැනීමට අපිට යම් යම් දේ එකතු කරන්න වෙනවා.“
 
මේ පැකේජ අපි චීනයට හා මදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලටත් ගෙනයාමට බලාපොරොත්තු වෙනවා.අපේ කැසිනෝ ඉන්දියානුවන්ට ආකර්ෂණීය බවට කිසිදු විවාදයක් නැහැ. නමුත් ඉන්දියානු බලධාරීන්ගෙන් තිබෙන චෝදනාවක් තමයි, කොළඹ නගරය හා පිටපළාත් තුළ ප්‍රමාණවත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් නැති බව. මේ නිසා ඔවුන් තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි අපත් සමඟ තරඟකාරී රටවලට යනවා.
 
මම හෝටල්කරුවන්ගේ සංගමයට කිව්වා, ඔවුන් හෝටල්වල නයිට් ක්ලබ් ආරම්භ කළ යුතුයි. මම දන්නේ නැහැ ඇයි ඔවුන් එය නොකරන්නේ කියලා. මෙය තරුණ ඉන්දියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමට තිබෙන එක ක්‍රමයක්.“



අදහස් (39)

තරුණ ඉන්දියානුවන් ආකර්ෂණයට රාත්‍රී සමාජ ශාලා අවශ්‍යයි

athula Thursday, 13 June 2019 09:08 PM

අන්තිමට කැරකිලා ඔය එන්න හදන්නේ එකම ක්‍රමයටම තමා මහින්දගේ ආණ්ඩුව ගෙනාපු එකමතමා මුන්ට වෙන විසදුම් නැහැ ජාතික සම්පත් විකුණා හොරකම් කරලා කරලා අන්තිමට මෙහෙම ගියහම කියවී සංචරකයන්ව සතුටු කරන්න අපේ කාන්තාවෝ කැමති වෙන්න ඕන කියල මුන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද කාපලු හැතිකරේ කුපාදිකම අංක එකට අරමුණ කරගත් අපරාද කාරයින්ට 77 න පස්සේ බලයේ හිටපු හැම එකාම කලේ එකම දේ ..

:       114       895

anuraSaturday, 22 June 2019 05:41 AM

ඔබතුමාගේ අදහස් පැටලිලා බව පේනවා. මුලදී එකක් කියා කෙළවරදී තවත් එකක් කියනවා. මුලදී කියන ආකාරයට කලින් පැවැති රජය රට විකුණමින් කෑවේ නැහැ.

:       3       0

chandima Thursday, 13 June 2019 11:20 PM

බයවෙන්න එපා ඇමති තුමා, දැන් ඔබතුමා ඔතන තෙපරබානකොට ඒගොල්ලෝම ඇවිත් කැසිනොත් අරියි අපිව ආකර්ෂණය කරගන්න.

:       2       182

Dilan Friday, 14 June 2019 03:16 AM

තරුණ ඉන්දියානුවන්? තියෙන ප්‍රශ්න මදිවටද? බාල් නැ‍ටුම් ආර්ථිකය වෙනුවට රටේ වැදගත් ස්ථිර ආර්ථික ක්‍රමයන් ඇති කරන්න. රටේ හැමෝම ඉන්නේ ඔබතුමාගෙ මානසික තත්වයේ නෙවෙයි. ඔබතුමා නම් හැමදාම තරුණයිනේ.

:       64       332

Raveendra Friday, 14 June 2019 03:20 AM

ඔව් ඔව් ඇයි තරුණ අය විතරක් මුන්දගේ වයසේ වල පයයි ගොඩ පයයි තරුණයන්ට අකැපද??? නැද්ද

:       71       222

Jhon knox Friday, 14 June 2019 03:39 AM

ඔබ වගේ මහලු යට එහෙම උත්තේජනයක් හා ආකර්ශනයක් අවශ්‍ය නැද්ද තුමනි.

:       21       304

Ananda Friday, 14 June 2019 04:17 AM

මෙයා හදන්නේ ගණිකා බිස්නස් වැඩිකරලා ලංකාව තවත් තාය්ලන්තයක් කරන්න .මෙයාටත් මල්ල කරෙනේ එතකොට දෙවිදියකින් .මෙහෙමත් කපටියෝ .

:       16       518

nandanaSaturday, 15 June 2019 10:46 PM

තායිලන්තයේ සිටින්නේ ගණිකාවන් පමණක්ම නොවේ. සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් පවතින ඕනෙම රටක ගණිකාවන් යම් ප්‍රමාණයක් සිටීම යථාර්තයක්. මීට අවුරුදු 30කට පෙර තායිලන්තයේ පටයා නගරය සහ ලංකාවේ මීගමුව ධීවර ගම්මාන විය. අද පටයා නගරය සංචාරකයින් ආකර්ෂණය කරන නවීන නගරයක් වුවත්, මීගමුව තවමත් ධීවර ගම්මානයකි. අද තායිලන්තයේ ඇති විවෘත සංචාරක ව්‍යාපාර ප්‍රතිපත්ති නිසා, වසරකට සංචාරකයින් මිලියන 32ක් එහි පැමිණෙන අතර, ඒ හරහා ඔවුන් රැකියා විශාල ප්‍රමාණයක් බිහි කර ඇත. අද අපට කල හැක්කේ එවැනි රටවල් දිහා බලමින් දත නියවීම පමණයි.

:       314       320

harimagaMonday, 17 June 2019 09:55 AM

තායිලන්තේ එහෙම වුණා කියලා ලංකාවේ අපි අපේ සල්ලි එහෙම හොයන්න ඕනෑ නැහැ. ඊට වඩා වැදගත් විදියට සංචාරකයින් ගෙන්න ගන්න අපේ රටට පුළුවන්... වැදගත් විදියට විදේශ විනිමය උපයන්නත් පුළුවන්. දැක්මක් තියන නායකයන් තමයි අවශ්‍ය...

:       219       371

nandanaTuesday, 18 June 2019 11:16 AM

ඕනෙම රටකට සංචාරකයින් පැමිණෙන්නේ තපස් රැකීමට නොව, විවේකීව විනෝද වී කාලය ගත කිරීමටයි. එවැනි සංචාරකයින් හට බුලත්, පුවක් දී හරි යන්නේ නැහැ. ඔවන්ට අවශ්‍ය වන්නේ සැප පහසු ලැගුම්හල්, මත්පැන්, රටේ සෞන්දර්ය නැරබීම වැනි දේයි. රටක සංචාරක ක්ෂේත්‍රය වර්ධනය වීමෙන් බිහි වන්නේ ගණිකාවන් පමණක් නොව. එයින් හෝටල් සේවාවන්හි, ප්‍රවාහන සේවයේ, අහාර පාන සැපයුම, ගුවන් සේවාවන්, විනෝදාත්මක ක්‍රියාකාරකම් වැනි ක්ෂේස්ත්‍රයන්හි රැකියා විශාල ප්‍රමාණයක් බිහි කල හැක.

:       7       38

asoka Friday, 14 June 2019 05:16 AM

ඔව් ඉතින් ඔයාට යන්නත් පුළුවන් නේ නේද

:       5       119

Nuwan Friday, 14 June 2019 05:39 AM

ලංකාවේ ගැහැණු විකුණලා රටේ ආර්ථිකය ගොඩ ගන්නද හිතන් ඉන්නේ? අනේ හලෝ... අර අගමැති කිව්වනේ දැන් ආර්ථිකේ නග්ගනවා කියලා...

:       16       109

wedage Friday, 14 June 2019 05:43 AM

ඔබතුමාට සිහිකල්පනාව අඩුද? ඉන්දියන් මිනිස්සු එදා වේල කන්න නැතුව ඉන්නේ ලංකාවට ඇවිල්ලා රෙදි මදින උපකරණයෙන් රොටි හදාගෙන කාලා ලංකාවේ රස්සාවකුත් කරලා මුදලුත් එකතු කරගෙන තමයි යන්නේ...

:       37       385

wedageMonday, 17 June 2019 08:52 AM

මේ ශ්‍රී ලංකාවේ පිත්තල කර්මාන්තය නැතිකළේ මේ ඉන්දියානු ජාවාරම් කරුවනුයි ඔවුන් පරණ බැටරිවල ඇතුළට පිත්තල පුරවලා හොරෙන් අරන්ගියා... විජේතුංග ජනාධිපතිතුමා දියුණුකළ පිත්තල කර්මාන්තය නැති කලේ මේ ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම් නිසා...

:       0       23

සරත් Friday, 14 June 2019 05:54 AM

මුන්ගේ මොලේට හිතන්න පුළුවන් ඔය ටිකනේ .බෝක්කුවල ලැග්ග උන් පාර්ලිමේන්තු ගියහම‍ බාර් එකක් අරින එක,ගස් ටිකක් කපන එක, බෝක්කුවක් හදල එකේ සල්ලි මාටියා ගහන එක ,ඛණිජ වැලි නිදියක් විකුණන එක, වරායක් විකුණන එක ට වැඩිය හිතෙන්නේ මොනවද .

:       0       800

Raveendra Friday, 14 June 2019 05:57 AM

ජෝන් අයිය " ආතා " වුනත් තාමත් හොද තරුණයෙකි..// වැඩ බැරි ගෙයි බබානිස් ඒ වැඩ නම් හොඳින් දනී..// උපන්දා සිටත් හොඳ තරුණයකු බව මුළු රටම දනී..// හමුදා සේවයට නම් තාමත් අපේ ප්‍රමාද නැතේ..//

:       0       129

Raveendra Friday, 14 June 2019 06:29 AM

ඇමතිය වුනත් වයසට නොව වැඩ නම් නේ..// හැට පැන්නත් වඳුරන් ඒ.සී බස්වල යනවාද..// ඉකුත්වී තිබුනම් කල් පැන අවුරුදු කීපයකි..// මේවගේ ඈයෝ කුමකට වගුරට ගියාදෝ..//

:       0       55

උපුල Friday, 14 June 2019 06:49 AM

රාත්‍රී සමාජ ශාලාවලින් පැයකට රුපියල් ලක්ෂයක් බදු ගහනගමන් රාත්‍රී සමාජ ශාලා ගැන කතාකරනවා. ඔක්කොම වැහුවා මේ බද්ද නිසා. මිනිසුන්ගෙන් බදු ගහල ඒකෙන් සල්ලි හම්බ කරන එකට උඩින් තව පැයකට ලක්ෂ ගානේ හම්බකරගන්න හිඟා කනවා. මේකෙන් උනේ ව්‍යාපාර කඩා දමන එක. කාලීන උත්තේජක හේතුන් නිසා එක එක වෙලාවට එක එක ගොන් කතාකියන පුදුම හිස් මොළ මේවා............

:       2       125

Abdul Friday, 14 June 2019 09:23 AM

ලංකාවේ කාන්තාවෝ ටික නැතිනම් රට යවන්නයි, ක්ලබ්වලට යවන්නයි... ඇරෙන්න වෙන ආදායම් මාර්ගයක් නැහැ.

:       178       11

de silva Friday, 14 June 2019 09:26 AM

සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් ගන්න කොච්චර අමාරුද? කොච්චර වියදමක් යනවද? අද ලංකාවේ තිබෙන සංචාරක හෝටල්වලින් 90% මත්පැන් බලපත්‍ර නැහැ. තත්වය එසේ තිබෙනකොට මෙතුමා අහනවා හෝටල්වල නයිට් ක්ලබ් නැත්තේ මොකද කියලා... මේක මහා විහිළුවක්... මෙතුමා මේ විෂය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කරුණාකර යමක් දන්නා කෙනෙක් මේ ඇමැතිකමට පත්කරන්න... මේ ගොල්ලට විශ්‍රාම යන්න කාලය හරි.. ලබන ඡන්දෙදි ඇපත් නැති වේවි...!!!

:       4       75

sanaFriday, 14 June 2019 04:36 PM

දැන් එතකොට ඔයා කියන්නේ මත්පැන් බලපත්‍ර ගන්න ලේසි කරන්න කියලාද? අනෙක ඔයා 90%ක් ගණන් කරන වෙලේ ඇයි ඒක සුරා බදු නිලධාරීන්ට පැමිණිලි කරේ නැත්තේ?

:       14       2

දිමුත් Friday, 14 June 2019 09:26 AM

හොඳ යෝජනාවක්...

:       73       5

සමන්ත Friday, 14 June 2019 02:27 PM

ලෝක සංචාරක ව්‍යාපාරයේ හා ආර්ථික ප්‍රවණතාවයන් අනුව යාමේදී ඔහු ගෙන එන යෝජනාව වැදගත් සහ කාලෝචිත එකක් බව නොතේරීම කණගාටුවට කරුණක්. සංස්කෘතිය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය පටලවා නොගත යුතුය.

:       108       175

nandana Friday, 14 June 2019 10:14 PM

ඕනෙම රටකට සංචාරකයින් පැමිණෙන්නේ තපස් රැකීමට නොව, විවේකීව විනෝද වී කාලය ගත කිරීමටයි. එවැනි සංචාරකයින් හට බුලත්, පුවක් දී හරි යන්නේ නැහැ. ඔවන්ට අවශ්‍ය වන්නේ සැප පහසු ලැගුම්හල්, මත්පැන්, රටේ සෞන්දර්ය නැරබීම වැනි දේයි.

:       74       87

jayath Saturday, 15 June 2019 03:21 AM

මේකේ අමුත්තක් මම නම් දකින්නේ නැහැ. දැනටත් කරන්නේ අපේ " ගෑනු " ටික අරාබියට විකුණලා ඒ එන සල්ලිවලින් පිස්සු කෙලින එක නොවැ.

:       87       43

දිලුම් Saturday, 15 June 2019 04:21 AM

නන්දන මේවා කියන්න කලින් මෙයාට කියන්න සංචාරක ආකර්ෂණය තියන ස්ථාන අතළොස්සවත් හරියට නඩත්තු කරන්න වැඩ පිළිවෙලක් හදන්න කියලා. හම්බකරන් කන්න විතරක් දත නියවගෙන හිටියට වැඩක් නෑ හම්බකරන් කන ඒවට සලකන්නත් දැනගන්න ඕනෑ. හරිහපන් තැනක් නෑ විවෙිකිව කෑම ටිකක් කාලා සතුටෙන් ඉඳල එන්න. සනීපාරක්ෂක පහසුකම් හා පානීය ජලය වැනි පහසුකම් මේ ස්ථානවල අවමයි. සංචාරකයෙකුට තියා මොකෙකුටවත් යන්න බෑ ඒ ස්ථානවල තියන වැසිකිළිවලට. හැමතැනම කාලකන්නි තක්කඩියෝ එන දේශීය හා විදේශීය සංචරකයන් හූරාගෙන කනවා. ඒව පේන්නේ නැද්ද? එක අතකට මෙයා දන්න දේනේ කියන්නේ? මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද මෙයාලගෙන්... වලපය, ගොඩපය සීයානේ...

:       1       27

nandanaSaturday, 15 June 2019 10:17 PM

ඇත්ත. කොටුව දුම්රියපලේ හෝ සීගිරියේ වැසිකිළියකට ගියොත්, මිහිපිට අපාය දැක ගත හැක. මෙවැනි ස්ථාන රජයට නඩත්තු කල නොහැකි නම්, ඒවායේ නඩත්තුව පුද්ගලික අංශයට භාර කල යුතුයි.

:       0       28

de silva Saturday, 15 June 2019 03:28 PM

සනා මහත්මයාගේ දැනගැනීම සදහාය, ලංකාවේ තිබෙන සංචාරක හෝටල් වලින් 90% මත්පැන් බලපත්‍ර නැහැ ඒවා පවත්වාගෙන යන්නේ සුරාබදු නිලධාරීන්ට පගාව දීලා, එම මත්පැන් බලපත්‍ර ගන්න තිබෙන නීති අව්රුද්දෙන් අව්රුද්ද තද කරනවා, ගාස්තුව නොසෑහෙන ලෙස ඉහල දමනවා, මේකෙන් පෝසත් වන්නේ සුරාබදු නිලධාරියෝ මිසක් වෙන කව්රුවත් නොවේ. රජය කල්පනා කරලා සරල ආකාරයට දැරිය හැකි මිලකට බලපත්‍ර දෙනවනම් හෝටල් හිමියෝ ඒවා ගනීවි, එතකොට බදු ආදායමකුත් රජයට ලැබේවි. මත්පැන් නැතුව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බැහැ. මුස්ලිම් රටවල් වන එමිරේට් රටේ සහ මාලදිවයිනේ සංචාරකයන්ට මත්පැන් පානය කල හැක. සංචාරකයෝ සංචාරක හෝටල්වල සිට මත්පැන් බිවට අපේ සංස්කෘතියට වෙන හානියක් නැත. කසිප්පු බීලා පරුෂ වචන කියමින් පාරේ යන්නෙත් ගෙදර ගිහින් දරුමල්ලන්ට පහර දෙන්නෙත් , මත්පැන් පානය කර රිය පදවන්නෙත් ලංකාවේ අපේ මිනිස්සු හැර වෙන කවුරුද ?

:       1       61

mendisSaturday, 15 June 2019 10:03 PM

සම්පූර්ණ ඇත්ත. ලංකාවේ ආණ්ඩුව සංචාරක ව්‍යාපාරයට හැකි තාක් තහංචි දමා, එය දියණු නොවේ යයි කෙඳිරි ගාමින් සිටියි. කළ යුත්තේ එක්කෝ තහංචි ඉවත්කර සංචාරක ව්‍යාපාරයට දියුණු වන්නට ඉඩදීමයි. එසේ නොමැති නම් "සංස්කෘතිය" නිසා එම ව්‍යාපාර වසා දැමීමයි.

:       113       87

de silva Sunday, 16 June 2019 06:10 AM

ජෝන් ඇමතිතුමනි, මේකේ පාඨකයන් දමලා තිබෙන අදහස් බැලුවහම දැන් ඔබට නම්බු පිටින් විශ්‍රාම යන එක හොඳයි කියලා හිතෙන්නේ නැත්ද?

:       2       84

සමන්ත Tuesday, 18 June 2019 02:16 PM

ජෝන් අමරතුංග හොඳින් වැඩ කරන කෙනෙක්. එබැව ඔබ නොදන්නවාද? ඔහුගේ වයස සහ පුද්ගලිකත්වය මේවට ගාගන්න එපා. ඔහු ඉතාම හොඳින් අමාත්‍ය තනතුරේ වැඩ සහ අමාත්‍යංශයේ වැඩ කරන බවයි මගේ දැනීමේ හැටියට හරි. ඔබ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා නම් ඔබ තවම ළිංමැඩියෙක් බව මතක තියාගන්න. උන්ට පෙන්නේ ලිඳ ඇතුලේ විතරයි.

:       17       38

raviWednesday, 19 June 2019 10:48 PM

මෙය එක අදහසක් පමණයි.

:       0       2

Ranjan Wednesday, 19 June 2019 08:12 AM

සංචාරකයින්ගේ පැමිණීම ගැන කතා කරනවා වැඩි කරන්න ඕනේ කියලා දැන් වුනත් ඔවුන්ට හොඳටම ඇතිවෙලා.. මෙහෙ පෝය දාට නැතිනම් කවුරු හරි කෙනෙක් මැරුණම බාර් ටික දින ගණනක් වහන එක... බියර් එකක් බොනවා කියන්නේ පිටරටවල අයට අපි තේ එකක් බොනවා වගේ ඕනේ වෙලාවක... මේක මේ පෝයට සහ අනික් කරුණුවලට වසරේ දින ගණනාවක් වැසීම පලක් තිබේද?

:       0       3

de silva Wednesday, 19 June 2019 01:59 PM

හෝටලයේ නවාතැන් ගෙන සිටින විදේශීය සංචාරකයින්ට පමණක් මත්පැන් විකිණිය හැකි ආකාරයට සරල ක්‍රමයකට මත්පැන් බලපත්‍ර නිකුත් කළා නම් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා නේද? එතකොට සංස්කෘතියට වෙන හානියක් නැහැනේ? මත්පැන් බීලා වෙරිවෙලා, පාරේ පරුෂවචන කියමින් යන, සුද්දෝ මම නම් ලංකාවේදී දැකලා නැත. තායිලන්තෙත් කලාපයේ බෞද්ධ රටක්, ඔවුන් මෙම ප්‍රශ්න කළමනාකරණය කරන ආකාරය අධ්‍යයනයකර අපට සුදුසු ලිහිල් ප්‍රතිපත්තියක් අපත් සකසා ගන්න ඕනේ...

:       0       13

janahitha Thursday, 20 June 2019 12:56 PM

මහලු වයසේ සිටින ලංකික දේශ පාලකයින්ට ඕන වෙලා තියෙන්නේ නයිට් ක්ලබ් තමා. මේ ගැන තරුණ වයසේ සිටින දේශ පාලකයින් මොනවා හිතනවා ඇත්ද?

:       1       1

Chathura Thursday, 20 June 2019 09:08 PM

ඇමතිතුමා කැසිනෝ තියා මොනවා ඇරියත් ඉන්දියාවේ තරුණ කොල්ලෝ මෙහෙ එන්නේ නැහැ. ඒ අය කියන්නේ ලංකාවේ ආණ්ඩු මාරුවූනාම එන්නම් කියලයි.

:       0       6

Dasa Friday, 21 June 2019 04:33 PM

තව ටිකක් ගියහම කියාවි කොකේන් ටිකකුත් තිබුණා නම් තව හොඳයි කියලා...

:       0       0

John Saturday, 22 June 2019 06:20 PM

රටට ප්‍රයෝජනවත් දෙයක් ඔය ඔලුවට එන්නෙම නැද්ද??

:       0       0

chandima Tuesday, 25 June 2019 04:08 PM

අන්න අරහේ කාදිනල් තුමා හොඳටම දෙහි කපනවා කැසිනෝ කතාවට. එක ආගමට විරුද්ධ ක්‍රියාවක්ලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 12 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 37 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1996 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 652 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site