(ශානුක අරවින්ද)
TVS යතුරපැදි සමාගම සංවිධානය කළ MotoSoul යතුරපැදි සැණකෙළිය දින දෙකක් පුරා ඉන්දියාවේ ගෝවේ නගරයේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය ඇතුළු TVS යතුරුපැදි වෙළෙඳ පොල පවතින සියලූම රටවල් නියෝජනය කරමින් නිලධාරීන්, කී‍්‍රඩකයන්, මාධ්‍යවේදීන් සහ නරඹන්නන් විශාල පිරිසක් මෙම යතුරපැදි සැණකෙළියට සහභාගි වූහ.
TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ, සහකාර සාමාන්‍යාධිකාරී ගීතාල් ඇන්තනී, අළෙවි ප්‍රධානී උෂාන් විජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වූහ. කළාප කළමනාකරුවන්, ප්‍රදේශීය කළමනාකරුවන්, අළෙවි විධායකවරුන්, අළෙවි නියෝජිවරුන්, TVS Apache සංගමයේ නිලධාරීන් පිරිසක් සහ දිනුම් ඇදීමකින් තෝරාගත් පාරිභෝගිකයන් පිරිසක් එම කණ්ඩායමට ඇතුළත් වූහ.
MotoSoul සැණකෙළියේදී යතුරුපැදි කී‍්‍රඩකයන් වෙනුවෙන් මෙන්ම යතුරුපැදි භාවිතා කරන්නන් වෙනුවෙන්ද නව උපාංග රැසක් වෙළඳ පොළට හදුන්වා දීමට TVS සමාගම පියවර ගත්තේය. එහිදී යතුරුපැදි කී‍්‍රඩකයන් වෙනුවෙන් නවතම හිස් ආවරණ, ආරක්ෂක කබා, ආරක්ෂක කලිසම්, අත් ආවරණ සහ පා ආවරණද, යතුරුපැදි භාවිතා කරන්නන් වෙනුවෙන් නව කමිස, කබා, කලිසම්, බෑග්, සපත්තු, හිස් වැසුම් සහ අව් කණ්නාඩිය වෙළඳ පොළට හඳුන්වාදුන්වා දෙනු ලැබිණ.
යතුරපැදි කී‍්‍රඩා, ජවය මැන බැලීමේ කී‍්‍රඩා, වීඩියෝ කී‍්‍රඩා සහ විනෝද ජනක කී‍්‍රඩා රැසකින් ඵදඑදීදමක සැණකෙළිය වර්ණවත් වූ අතර එම තරගවලදී ජයග්‍රහණ ලැබූවන්ට වටිනා ත්‍යාග ලබාදීමටද TVS යතුරපැදි සමාගම කටයුතු යොදා තිබිණ. ශ්‍රී ලංකාවේ TVS රේසිං යතුරුපැදි කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම TVS Apache සංගමයේ සභාපතිවරයාද වන දිල්ෂාන් රූපසිංහ, යතුරපැදි සහ ජවය මැන බැලීමේ කී‍්‍රඩා ඉසව් සඳහා සහභාගි වෙමින් දස්කම් දැක්වීය.
මෙම යතුරපැදි සැණකෙළියේදී අදහස් දක්වමින් TVS සමාගමේ සම කලමණාකාර අධ්‍යක්ෂක සුදර්ෂන් වේනු මහතා කියා සිටියේ 1982 වසරේ සිටම TVS යතුරුපැදි තරග ඉදිරියට ගෙන ගියේ එම තරග සඳහා උනන්දුව තිබූ තරුණයන්ගේ රුචිය අනුව බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.
රවී ලියනගේ මහතා |
”වැඩි දෙනාගේ අවධානයට ලක්වූ යතුරුපැදියක් වන TVS Apache කාණ්ඩය සහ TVS NTorq 125 කාණ්ඩය බොහෝ තරුණයන්ගේ තේරීමක් වුණා. මෙම කාණ්ඩ දෙකම ඉන්දියාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලත් ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ වගේම එම යතුරුපැදි ඉතාමත් වේගවත් බවටත් වැඩි දෙනාගේ අවධානයට ලක්වෙමින් තිබෙනවා. මෙපමණ පිරිසක් MotoSoul සැණකෙළිය නැරඹීමට පැමිණීමෙන් එය තවත් තහවුරු වෙනවා.” යැයිද එහිදී සුදර්ෂන් මහතා සඳහන් කළේය.
TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම අළෙවියක් සහිත යතුරුපැදි සන්නාමයක් ලෙස TVS යතුරුපැදි හැදින්විය හැකි බවයි. ” MotoSoul සැණකෙළියට සහභාගි වූ වැඩිම පිරිසකගෙන් සමන්විත විදෙස් කණ්ඩායම වීම සම්බන්ධයෙන් TVS ලංකා සමාගම ලෙස අපි ඉතාමත් සතුටට පත්වෙනවා. ඵදඑදීදමක සැණකෙළියේදී අපිට නවතම TVS නිෂ්පාදන රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවුණා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ TVS පාරිභෝගිකයන් සඳහාද එම නිෂ්පාදන හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ගෙවී ගිය වසර 37 ක කාලය තුළ ලොව පුරා සුපර් ක්‍රොස් තරග, මොටෝ ක්‍රොස් තරග සහ යතුරුපැදි රැළි ගණනාවකදී ජයග්‍රහණ අත්කරගැනීමට TVS රේසිං කණ්ඩායම සමත්වී තිබේ. ඉන්දියාව තුළ යතුරුපැදි කී‍්‍රඩකයන් මෙන්ම කී‍්‍රඩිකාවන්ද ඇතුළත්ව සිටින එකම රේසිං කණ්ඩායම වන්නේද TVS කණ්ඩායමයි. 2015 වසරේ සිට නොකඩවා ලොව ප්‍රධානතම රැළිය වන ඩකා රැළියටද සහභාගි වන TVS රේසිං කණ්ඩායම, මේ දක්වා ලොව පුරා විවිධ යතුරුපැදි තරගාවලි වලදී ජයගෙන ඇති ශූරතා සංඛ්‍යාව 15 කි.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටී.වී.එස් ‘මොටෝ සෝල්‘ යතුරුපැදි සැණකෙළිය ඉන්දියාවේ ගෝවේහිදී උත්කර්ෂවත් ලෙසින්