IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 92කින් පහතට

(හර්ෂණ තුෂාර සිල්වා)

චීන සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි මාසයේදී 92%කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් වසරේ (2019) පෙබරවාරි මාසයේදී චීනයෙන් පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 28,039 වූ නමත් පසුගිය මාසයේදී පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,096ක් යැයි ද එම බැංකුව සඳහන් කරයි.

පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස දෙකේදී චීන සංචාරකයන්ගේ පැමිණීම 55.1%කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

පසුගිය වසරේ සමස්ත සංචාරක පැමිණීම්වලින් (167,863න්)  9%කට හිමිකම් කියා ඇත්තේ චීන සංචාරකයන් වන බව ද මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ජනවාරි මාසයේදී සමස්ත සංචාරක පැමිණීම්  6.5%කින් සහ පෙබරවාරි මාසයේ සමස්ත සංචාරක පැමිණීම්  17.7%කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මාසිකව නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

2019 වසරේ ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 244,239කු පැමිණ ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 228,434කු පමණි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සංචාරකයන් 252,033 දෙනකු පැමිණ ඇති අතර එය මේ වසරේදී 207,507 දක්වා අඩු වී තිබේ. 
 



අදහස් (4)

චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 92කින් පහතට

නන්නාදුනන හාදයා Thursday, 05 March 2020 01:28 PM

මහා බැංකු වාර්තාවේ යටින්ම සඳහන් වෙනවා... "ඒ වගේම මෙරට බල්ලන්, බළලුන්, වවුලන්, මීයන්ගේ ගහනයේ වැඩිවීමකුත් වාර්තා වෙනවා. .." කියලා.

:       55       112

de silva berlin Friday, 06 March 2020 06:43 PM

ඔය චීන සංචාරකයන් ලංකාවට අාවාට ඔවුන් නවාතැන් චීනෙට එති.. ශැන්ග්‍රිල්ලා වැනි හෝටල්වල, සංචාරය කරන්නේ චීනයේ නිපදවපු විශාල බස්වල, ඔවුන් වියදම් කරන මුදල් බොහෝවිට වක්‍රාකාරව නැවත චීනෙට යනවා. අනිත් කොට්ටාශය සංචාරක වීසාඅරන් ලංකාවට ඇවිත් නීති විරෝධී ලෙස රැකියා කරනවා. මොනවා වුණත් අපට සංචාරක ව්‍යාපාරයෙන් වැඩිම අාදායමක් ලබාදෙන්නේ මධ්‍යම යුරෝපයේ ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් වලින් එන සංචාරකයන්...

:       6       5

sunari - ukSaturday, 07 March 2020 03:26 PM

ඒවුනාට ඔබ ජිවත්වන නැගෙනහිර බර්ලින් නගරයේ තවමත් ඉන්නේ හිඟන්නන් කියලයි බටහිර ජර්මනියේ කට්ටිය කියන්නේ.

:       0       26

suduSunday, 08 March 2020 02:56 PM

හිඟන්නන් විතරක් නොවෙයි නියෝ නාසි කට්ටිය තවම නැගෙනහිර බර්ලිනයේ තමන්ගේ ක්‍රියාකාරකම් කරගෙන යනවා. බලාගෙන සිල්වා ඔබව තනිවම ඔවුන්ට අහුවුණොත් හමගහාවි...

:       0       14

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1526 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 635 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 128 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site