චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉල්ලමින් ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ සම්මේලනයක් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇතැම් පිරිස් මෙම සම්මේලනය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ වෙළෙඳ සහ ආර්ථික අංශය යනුවෙන් ද හඳුන්වාදෙති.
චීනය පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායමේ නායක මසූද් අෂාර් අසාදු ලේඛන ගතකරන්නැයි (බ්ලැක් ලිස්ට්) ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද කිරීමට චීනය පියවර ගත්තේය.
භාරතීය ජනතා පක්ෂය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා සමීප සබඳතා පවත්වන “ද කන්ෆෙඩරේෂන් ඔෆ් ඕල් ඉන්දියා ට්‍රේඩර්ස්’ සම්මේලනය එම ඉල්ලීම කර තිබේ. එම සංවිධානය ඉන්දීය වෙළෙඳන්ගෙන් මිලයන 70කට වැඩි පිරිසක් නියෝජනය කරයි.
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නිර්මාතෘ වන මසූද් අෂාර්ට එරෙහිව සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දිගින් දිගටම බල කරන බව ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.
චීනය තාක්ෂණික කරුණක් මුල් කරගනිමින් මසූද් අෂාර් අසාදු ලේඛන ගත කිරීමට ඉල්ලමින් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද කළ අතර ඒ හේතුවෙන් තමන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි චීනයේ ක්‍රියාව සම්බන්ධයෙන් බෙහෙවින් කෝපයට පත් බොහෝ ඉන්දියානුවෝ ප්‍රකාශ කළහ.
මසූද් අෂාර්ට එරෙහිව මීට පෙර අවස්ථා හතරකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වූ අතර චීනය සෑම අවස්ථාවකදීම එම යෝජනා අවහිර කළේය. චීනය යනු ඉන්දියාවේ දෙවැනි විශාලතම වෙළෙඳ සහකරුවාය.
චීනයට පාඩමක් ඉගැන්වීමට මාර්තු 19 වැනිදා චීන භාණ්ඩ සියල්ල ගිනි තබා විනාශ කරන බව “ද කන්ෆෙඩරේෂන් ඔෆ් ඕල් ඉන්දියා ට්‍රේඩර්ස්’ සම්මේලනය සඳහන් කළේය.
චීනය පාකිස්තානය සමඟ සමීප සබඳතා පවත්වන්නේ යැයි ද එම නිසා චීනය පාඩමක් ඉගෙන ගත යුතු කාල පැමිණ ඇති බවද එම සම්මේලනය සඳහන් කළේය.
(රොයිටර් ඇසුරිනි)
055
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉන්දීය වෙළඳ සම්මේලනයක් ඉල්ලයි
vidya Thursday, 14 March 2019 07:09 PM
කිසිම ප්‍රමිතියක් නැතිව චීනයෙන් ගෙන්වන ලද සෙල්ලම් බඩු චූටි දරුවන්ගේ කටට දමන්න දෙන්න එපා. ඕවට භාවිතා කරන තීන්ත වල ප්ලාස්ටික් වල තියන රසායන ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණයක් කරලා නැහැ. ඉන්දියාවෙන් ගෙන්වන දේවල් වලත් එහෙමයි. ප්ලාස්ටික් කෝප්පවල පැහෙන වතුර දමල තේ හදල බොන්න එපා. .
ravi Saturday, 16 March 2019 09:30 AM
ඉන්දියාවට ඕනේ දෙයක් එයාලා.. ඉන්දියාවේ කොරා ගත්තාවේ... ජාත්‍යන්තර වශයෙන් අනුබල දීමට තාම ඉන්දියාවට ශක්තියක් නැහැ.. මේකට හේතු වෙලා තියෙන්නේ ඉන්දීය නිෂ්පාදනයනුත් මනුස්සයින්ට අහිතකර නිසායි..
nali Saturday, 16 March 2019 06:11 PM
ඔය සියලුම ආසියාතික රටවලම නිපදවන ඉතාමත් බාල ගනයේ ප්ලාස්ටික් භාණ්ඩවල කුණු ගොඩ ශ්‍රී ලංකාවයි.