IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඝර්මකලාපීය රටවල හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව

( තිළිණි ද සිල්වා )

ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල මේදිනවල පවතින ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත 20 අතරින් පළමු ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර ඇත.
 

ඇමෙරිකාවේ යූ.එස්.ඒ ටුඩේ සගරාව විසින් මෙම ලොව හොදම ගමනාන්ත විස්ස නම් කරනු ලැබ ඇත.

 
ඒ අනුව එම සගරාව ප්‍රකාශයට පත් කළ ලැයිස්තුවේ  පිළිවෙලින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවද , දෙවැනි ස්ථානයට ගැලපගොස් දූපත් ද , තෙවැනි ස්ථානයට එක්සත් අරාබි එමිර් රාජ්‍ය යේ ඩුබායි නගරය ද  නම් කර ඇත.
 
මීට අමතරව වියට්නාමයේ හැනොයි නුවරද,ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්  නගරය , කැරබියන් දූපත් සමූහයට අයත ශාන්ත ලුසියා දූපත,තායිලන්තයේ කෝ සමුයි නගරය, පේරු හි ලීමා අගනුවර, පැසිෆික් සාගරයේ පිහිටි ශාන්ත කීට්ස් දූපත, බේලීස් රාජ්‍යය , ඉන්දුනීසියවේ බාලි දූපත් ,බ්‍රසීලය, මෙක්සිකෝව, ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා,කාම්බෝජය,නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය,චීලී රාජ්‍යය , දකුණු අප්‍රිකාව , ඕස්ට්‍රෙලියාව සහ ජැමෙයිකාව පිළිවෙලින් හොදම ගමනාන්ත විස්සට ඇතුළත්ව ඇත.

යූ.එස්.ඒ.ටුඩේ සගරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ලැයිස්තුගත කිරීම අනුව ලබන 2020 වසරේ පළමු මාස ​​දෙක තුළ ශීත සෘතුවේ ශ්‍රී ලංකාව ඇතුලු මෙම රටවල් සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට සංචාරකයින්ට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.



අදහස් (7)

ඝර්මකලාපීය රටවල හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව

Chandana F Tuesday, 10 December 2019 09:44 AM

කරුණාකර අපවෙත එන සංචාරකයන් හට ආචාරශීලීව හා සත්‍යවාදීව සළකන්න. එවිට ශ්‍රී ලංකාව තවත් ලොව ප්‍රචලිත වේවි.

:       2       2028

Walter White Tuesday, 10 December 2019 12:46 PM

ශ්‍රීලංකාව, සංචාරක ගමනාන්ත වලින් අංක එක වුනත් මිනිසුන්ගේ ගතිගුණ අතින් නම් අංක එක නෙවේ, විදේශිකයන් කියන්නේ පුළුවන් තරම් සල්ලි හූරගෙන කන්න පුළුවන් හැගීම් දැනීම් නැති පිටසක්වලයන් කියලා හිතාගෙන ඉන්න උදවිය ඉන්නවා, ඒත් ඔවුනුත් අපි වගේම දරුපවුල් තියෙන අපි වගේ රක්ෂාවක් කරගෙන ඉන්න මනුෂ්‍යයෝ, ඔවුන් මේ රටට එන්නේ අප ගැන විශ්වාසයෙන්, ඔවුන් කඩයකින් යමක් ගන්නේ, සේවාවක් ගන්නේ අප ගැන විශ්වාසයෙන්, ඒ විශ්වාසය කඩ කරන්න එපා! සංචාරකයන් නිසා මිලියන ගානක් ශ්‍රීලාංකිකයන් ජීවිකාව ගෙන යනවා, එසේම ඔවුන් වියදම් කරන මුදල ඉතා සුළු වුනත් ඒ ඩොලර් ලංකාවේ ආර්ථිකයට කරන සේවය අතිවිශාලයි. තෘප්තිමත් සංචාරකයන් තමයි තවත් සංචාරකයෙක් මේ රටට ගෙන්වා ගන්න තියෙන හොඳම ප්‍රචාරකයා. ඔවුන් තම තමන්ගේ රට වලට ගිහින් ලංකාවේ දී අත් විඳි දෑ, අත්දැකීම් ඥාතීන්ට මිතුරන්ට පැහැදිලිකර දෙන විට ඒ කාරණා මත තවත් සංචාරකයෙකු ලංකාවට එම හෝ නොඑම තීරණය කරනවා.

:       2       415

මායිමේ banda Wednesday, 11 December 2019 02:45 AM

මේ ගරුත්වය රැක ගන්න අපේ රටේ බොහෝ අය නොදන්නවා ඇති. සංචාරකයෙකුට කතා කරන විලාශය සහ ඔවුන් පිළිගන්නා විදිහ නම් බොහෝවිට හරිම අප්‍රසන්නයි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න එන අවස්ථාවේ බොහෝවිට ගසාකන්න තමා බලන්නේ. ත්‍රීරෝද රථයක හෝ බස් රථයක ගමන් කරන විදේශිකයන්ට ලිංගික හිරිහැර පවා සිදුවෙන බව ඔබ බොහෝවිට දැකලා ඇති. ඉතින් ආකර්ෂණීය අයුරින් සහ අපේ රටේ ප්‍රතිරූපය ඉහළට ගෙනියන්න සැමදෙනාට ශක්තිය ලැබේවා ජයවේවා ශ්‍රී ලංකා !

:       0       232

suranjithSaturday, 14 December 2019 05:41 PM

විදේශිකයන්ට පමණක් නොවේ, අද අපේ රටේ ගැහැණියකටවත් අද පොදු ප්‍රවාහන සේවයේ ලිංගික අතවර නැතිව ගමන් කරන්නට අමාරුයි. අද මිනිසුන් බොහෝ දෙනෙකුගේ ලැජ්ජාව බය තුරන්වී ඇත.

:       2       11

Binkunndaa Saturday, 14 December 2019 06:42 PM

ත්‍රීවීල් මාෆියාවෙන් සංචාරකයන් ආරක්ෂා කරන්න.

:       0       57

ranatunga Sunday, 15 December 2019 12:52 AM

පළමුව අර මඟපෙන්වන කට්ටියට අපෙ ඉතිහාසය ඉගැන්නුවොත් තමා ඉතා හොඳ. සමහරු සංචාරකයන්ට කියලා දෙන්නේ බොරු.

:       15       19

eresh S kumara Monday, 16 December 2019 11:37 AM

මම දකින්නේ තවමත් විදේශිකයින්ට අපි සලකනවා මදි කියලා. ටුක් ටුක් අයියලා රටේ අනාගතේ ගැන හිතලා කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා..

:       0       13

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 28 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2018 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 655 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site