බැංකු කාඩ්පත් භාවිත කරමින් සිදු වන වංචා වැළැක්වීම සඳහාත් බැංකු පද්ධතියේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්ව සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාත් ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම සහ බලපත්‍රලාභී වාණිජ බැංකු හා එක්ව පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වංචනික ලෙස ක්‍රෙඩිට් (ණයපත්) හා ඩෙබිට් (හරපත්) ඇතුළු බැංකු කාඞ්පත් භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් (ඒ.ටි.එම්) මුදල් ආපසු ලබා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපයේදී වාර්තා වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අමතරව බැංකු ක්‍රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද මහ බැංකුව කියයි.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ඒ.ටි.එම්) ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊ.එම්.වී. තාක්ෂණය සහිත කාඞ්පත් භාවිත කරන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී. දැනට භාවිත කරන ක්‍රෙඩිට් (ණයපත්) හා ඩෙබිට් (හරපත්) ඇතුළු බැංකු කාඞ්පත් ඊ.එම්.වී. තාක්ෂණයෙන් තොර නම් එම තාක්ෂණය සහිත කාඞ්පතක් ලබාදෙන්නැයි ගනුදෙනුකරුවන්ට අදාළ බැංකුවලින් ඉල්ලා සිටිය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ඒ.ටි.එම්) භාවිත කරමින් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් විය යුතු යැයි ද මහ බැංකුව කියයි. හඳුනාගත නොහැකි, අනවසර ගනුදෙනුවක්, කාඞ්පත අහිමි වී හෝ අස්ථානගත වීමේ හෝ සිදුවීමක් හෝ පිළිබඳ සිදුවීමක් වේ නම් කඩිනමින් ඒ පිළිබඳව අදාළ බැංකු දැනුවත් කරන්නැයි මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.
(055)
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගනුදෙනුකරුවන්ගේ මුදල් ආරක්‍ෂාවට මහ බැංකුව අලුත් ගිවිසුමක
chathuri Thursday, 07 February 2019 12:29 PM
මට නම් හිතෙන විදියට ATM කාඩ් වල ප්‍රශ්නයක්. නැහැ.
අනුර Friday, 08 February 2019 02:28 AM
කාඩපත් හිමියන්ට එස්ම්ඒස් පණිවුඩ සේවාව බැංකු මගින් නොමිලේ ලබා දිය යුතුයි.