IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ වරාය සංවර්ධනයට ශ්‍රී ලංකාව - ඉන්දියාව - ජපානය ගිවිසුමක

(මනෝජ් හර්ෂික)

දකුණු කොළඹ වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම කොළඹ දී අද (28) අත්සන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා ජපාන තානාපතිවරයා මෙම ගිවිසුම සඳහා අත්සන් තැබීය.

ව්‍යාපෘතිය මඟින් මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ සහයෝගීත්වය වර්ධනය කර ගැනීම ප්‍රධානතම අරමුණක් වේ.

ජපානය 1980 දශකයේ සිට කොළඹ වරායේ ජය බහලු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය ලබා දුන් අතර කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම් වලින්  70%ක් පමණ ඉන්දියාවට සම්බන්ධව සිදුවේ.

ඒ අනුව,  කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම කලාපීය සෞභාග්‍යය සහ ගෝලීය වෙළඳ ජාලය තුළ කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ඉන්දියාව සහ ජපානය එක්වී කටයුතු කරයි.

නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන අතර යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලුම මෙහෙයුම්වලින් 51%ක කොටස් ශ්‍රී ලංකාව සතුවේ.එසේම හවුල් පාර්ශ්වයන්ට මිලදී ගතහැකි කොටස් ප්‍රමාණය 49%කි.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීමට අදහස්  කරන ජපාන ණය, ශ‍්‍ර‍්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු යහපත්ම ණය කොන්දේසි යටතේ ලැබෙන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

 

 



අදහස් (3)

කොළඹ වරාය සංවර්ධනයට ශ්‍රී ලංකාව - ඉන්දියාව - ජපානය ගිවිසුමක

kamal Wednesday, 29 May 2019 11:46 AM

අනේ මේ විදෙස් රටවල් අපිට මොනතරම් හිතවත්ද? මොන තරම් උදව්පදව් කරනවද? සාදු සාදු අපේ මව්බිමට ඔබ සැමගේ පිහිටයි.

:       0       0

chandima Wednesday, 29 May 2019 06:27 PM

එක වතාවක් ගිවිසුමක් ගහලා ලංකාව වටේ මුහුදේ ආරක්ෂාවට යුද්ධ නැව කරකවන්න අවසර ගත්තා. දාහක් දේවල් කරන්න පොරොන්දු වෙලා. නමුත් එකක්වත් කලේ නැහැ මේ වෙනකල්. මේ වතාවේ කාගේ හරි නැට්ටේ එල්ලිලා කොළඹ වාරයේ කොටසකුත් බුදල් කරගන්න යන්නේ? අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. අපට කවදාවත් හොඳක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපේ මෝඩ පාලකයෝ වලිගෙ පාගාගෙන ඔවුන්ට රැවටිලා තියෙන ඔක්කොම පූජා කරනවා.

:       1       6

chathura Thursday, 30 May 2019 03:38 PM

ලෝකේ අනික් රටවල්වලත් වරායවල් තියෙනවා සියයට 70ක් නෙවෙයි එයිටත් වඩා විදේශ රටවල බදු එහා මෙහා කරන... එහෙමයි කියලා ඒ රටවල් ඒ බඩු භාණ්ඩ අයිති රටවල් වලට තමන්ගේ වරායවල් පවරලා දෙන්නේ නැහැ. ඒ බඩු භාණ්ඩ එහා මෙහා කිරිල්ලෙන් තමයි ඒ වරාය අයිති රට ලාභ උපයන්නේ. මෙතන වෙලා තියෙන්නේ එදාවේල පිරිමහගන්න ණයක් ගන්න අපට දිගටම එන ලාභය නැතිකරගෙන වරාය විදේශ රටකට විකිණීමක් නැතිනම් පවරා දීමක්. හෙණ ගැහැව්වත් මදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 92 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 64 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site