IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (27) වර්ධනයක් පෙන්නුම් කළේය.

සියලු කොටස් මිල දර්ශකය සියයට 0.41කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 0.86කින් ද ඉහළ ගියේය.

දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,800.01ක් ලෙස දැක්වුණු අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 2,014.36ක් ලෙස දැක්විණි.

එම මිල දර්ශක දෙක පිළිවෙළින් ඒකක 19.79කින් සහ ඒකක 17.16කින් ඉහළ ගියේය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ දිනයේ දෛනික ගනුදෙනු අවසන් වෙද්දි සියලු කොටස් මිල දර්ශකය සියයට 0.47කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සියයට 1.83කින් ද පහළ ගියේය.

කෙසේ නමුත් පසුගිය සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දින දෙකකදී ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.

මේ අතර දෛනික ගනුදෙනු කාලසීමාව පස්වරු 2.30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන ඇත. මාස දෙකකට පසු මැයි 11 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කෙරුණු අතර එදින සිට පසුගිය සතිය දක්වා දෛනික කටයුතු උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකකට සීමා කෙරුණි.

කෙසේ නමුත් ඊයේ (26) සිට බලපැවැත්වෙන පරිදි සියලු දිස්ත්‍රික්කවලට බලපවත්නා ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමඟ දෛනික ගනුදෙනු කාලසීමාව දීර්ඝ කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේය.

මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. ඒ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.

කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ.

055
 



අදහස් (1)

කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළට

විකුම් රංගන Wednesday, 27 May 2020 08:51 PM

සීෂෙල්ස් වලින් ආපු කළු සල්ලිවල පවතින බලය ගැන දැන් අපට හිතාගන්න පුළුවන්. ඇත්තටම රටේ මෝඩයින්ට නොවටහුනාට කළු සල්ලි වලට පුළුවන් රටක රජයක් හෝ පෙරලා දමන්න. දරු පරම්පරාවට පමණක් මුදල් හොරකම් කිරීම ප්‍රමාණවත් නැති බව දැන් වත් ලංකාවේ ජනතාව තේරුම් ගත යුතුයි. ඒ නිසා පුළුවන් තරම් හොරාකාපල්ලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 11 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 37 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1995 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 652 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site