ආසියානු කලාපයේ අපනයනවලට තිබෙන ඉල්ලුම ඉහළ යෑමත් පහළ තෙල් මිල ගණන් නිසාත් චීනයට සහ කලාපයේ වර්ධනය වන ආර්ථිකවලට මේ වසරේදී මෙන්ම ලබන වසරේදීද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
කලාපයේ සමස්ත ආර්ථිකය මේ වසරේදී 5.9%කින් වර්ධනය වනු ඇතැයි ද 2018 වසරේදී 5.8%කින් වර්ධනය වනු ඇතැයි ද මැනිලා පදනම් කරගනිමින් ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදෙයි.
ආසියානු බැංකුව අප්‍රේල් මාසයේදී ද අනාවැකි පළ කරමින් කලාපයේ සමස්ත ආර්ථිකය මේ වසරේදී හා ලබන වසරේදී 5.7%කින් වර්ධනය වනු ඇතැයි ප්‍රකාශ කළේය.
“අපේක්ෂා නොකළ අන්දමින් බාහිර ඉල්ලුම වර්ධනය වීම නිසා ආසියාවේ වර්ධන අපේක්ෂා ඉහළ ගොස් තිබෙනවා” යැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේය.
ශුද්ධ අපනයනවල වර්ධනයක් පෙන්නුම් කළ ද කලාපයේ විශාලතම ආර්ථිකය හිමි චීන ආර්ථිකයේ මධ්‍යස්ථ වර්ධනය සීමා වී ඇතැයි ද එම බැංකුව පෙන්වා දී ඇත.
ආසියානු කලාපය පසුගිය වසරේදී 5.8%ක වර්ධනයක් වාර්තා කළේය.මේ වසරේ මුල් අර්ධයේදී අපේක්ෂා නොකළ අයුරින් 6.9%කින් චීන ආර්ථිකය වර්ධනය වූ අතර වසරේ ඉදිරි අර්ධයේදී එය 6.7%කිනුත් 2018 වසරේදී සියයට 6.4කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නිෂ්පාදනය මූලික කරගත් නැගෙනහිර ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධනය ද යහපත් තත්ත්වයක තිබෙන බව පෙන්වා දී තිබෙන ආසියානු සංවර්ධන බැංකුව නව ජනාධිපතිවරයකු පත්වීමත් සමඟ දේශපාලන අස්ථාවරත්වය කෙමෙන් පහව යමින් තිබෙන බැවින් දකුණු කොරියාව ද ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කරයි.
මේ වසරේදී ඉන්දියාව 7.4%ක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියාව ලබන වසරේදී 7.6ක% ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ද අපේක්ෂා කරයි. මේ අතරම දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල ආර්ථික වර්ධන අපේක්ෂා ද ශක්තිමත් බව ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ.
අග්නිදිග ආසියානු රටවල් මේ වසරේදී සියයට 4.8ක වර්ධනයක් ද ලබන වසරේදී සියයට 5.0ක ආර්ථික වර්ධනයක් ද පවත්වාගෙන යනු ඇතැයි ද මධ්‍යම ආසියාවේ ආර්ථික වර්ධනය ද ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරයි.
ඒ.එෆ්.පී 055
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කලාපයේ ආර්ථිකයට මේ වසර සුබ වෙයි