IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න බලාපොරොත්තු වෙනවා

(කල්පීටිය පද්මා කුමාරී කංකානම්ගේ )

"ශ්‍රී ලංකාව මාල දිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කරන්නට බලා පොරොත්තුවෙනවා. මාල දිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතුයි. මාල දිවයිනට නොදෙවෙනි චමත්කාරයක් කල්පිටිය දූපත් වල තිබෙනවා."

සංචාරක  ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ, අද (18 )දින, කල්පිටිය සංචාරක පුරවරයේ හෝටල් හිමියන් සහ ආයෝජකයින් හමුවෙමිනි.

තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසුවේ ය.

"කල්පිටියේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් කිසිම දෙයක් සිදු කරළා නැහැ. දැනට අන්තර්ජාලයේ තිබෙන්නේ කල්පිටියේ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් විසින් නිර්මාණය කරණ ලද වීඩියෝපටි පමණයි."

"කල්පිටිය ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති පුරවරයක්. මිනිස් ජනපදවල ආරම්හය හෙවත් තම්බපණ්නී නිජ බිම පිහිටලා තිබෙන්නේ මේ ආසන්නයේ. දියඹේ දැකිය හැකි දැවැන්තම මත්සයා තල්මසාත්, ගොඩබිම දැකිය හැකි දැවැන්තයා අලියාත් සංචාරකයින්ට එකම චාරිකාවකින් දැකිය හැක්කේ මෙහේ පමණයි. ඊට අමතරව ඩොල්පින් මසුන්, කොරළ් පරය, දිය මත සරුංගල් ක්‍රීඩාව, ඇතුලු විවිධ ජල ක්‍රීඩා, විල් පත්තුව ගඟේ වාඩිය ප්‍රදේශයන්හී ගෝණා, මුවා සහ දිවියා දැකිය හැකියි."

" සංචාරක කර්මාන්තය ස්ථාපනය වී තිබෙන, සෑම ප්‍රාදේශීය ලේකම් කර්‍යාලයකටම සංචාරක සංවර්ධන නිලධාරියෙකු පත් කරණ ලෙස මම ගරු ජනාධිපතිතුමාට යෝජනා කළා " යැයි පැවසීය.

මෙහිදී,කල්පිටිය සංචාරක සංවර්ධන සංගමයේ  ලේකම් එස්.එම්.මලික් මහතා ප්‍රකාශ කළේ සංචාරක නිකේතනයන්ට ප්‍රවේශ වීමේ මාර්ගයන් අබලංව පැවැතීම, පෙර දැනුම් දීමකින් තොරව සිදුවන, නිතර සිදුවන විදුලි කප්පාදුව, කැළි කසල බැහැර කිරීමේ අක්‍රමවත් බව, සංචාරක කර්මාන්තයට බාධාවක් බව පෙන්වා දුන්නේය.

දිය මත ලිස්සා යාමේ ක්‍රීඩා පාසැල් සංගමයේ ලේකම් දිල් සිරි වැළිකල මහතා පෙන්වා දුන්නේ, බලපත් නොමැතිව විදේශීය සරුංගල් පුහුණුකරුවන් කල්පිටියට පැමිණ, විදේශ ක්‍රීඩකයින් සදහා පුහුණු පාඨමාලා පවත්වමින්, මුදල් උපයන බවත් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මැදිහත්ව මේවා නැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ය.

කල්පිටියේ සංචාරක නිකේත්න 117ක් ඇතත් ඉන් 20 ක් පමණක් ලියාපදිංචි බවත්, ජල ක්‍රීඩා පාසැල් 13ක් ඇතත් ඉන් 9 ක් පමණක් ලියාපදිංචි බවත් මෙහිදී අනාවරණය විය.

ලියා පදිංචි නොමැති  සියලුම ක්‍රීඩා පාසැල් සහ සංචාරක නිකේතන වහාම ලියා පදිංචියට පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා මෙහිදී අදාළ නිළධාරීන්ට දැනුම් දුන්නේ ය.



අදහස් (10)

කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න බලාපොරොත්තු වෙනවා

Amula Saturday, 18 January 2020 04:58 PM

මුන්නැහේටනම් හොඳයි. අරවා මුහුදෙන්ම ගෙනල්ලා මුහුදෙන්ම විකුණනන්න පුලුවන්.

:       57       289

saman Sunday, 19 January 2020 04:41 AM

ඉතාම හොඳ අදහසක්. මාලදිවයිනට ගිහින් බැලුවොත් පෙනේවි ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සදහා සබ්මැරින්, සි ප්ලේන් ඇතුළු නවීන විනොදාශ්වාදන ක්‍රම සංචාරක කර්මාන්තය සදහා ඔවුන් භාවිත කරනවා. හැබැයි බොරුවට කටින් බතල කොළ නොහිටවා උනන්දුවෙන් වැඩ කළොත් අපිටත් ඒ තත්වෙට යන්න පුළුවන් වේවි.

:       7       53

lanka Sunday, 19 January 2020 08:32 PM

ලංකාවේ හොඳ මාදිලියේ බෝට්ටුවක් නැති හින්ද පිට රටකින් හරි ගෙනල්ල සංචාරක අංශයට දාන්න හදද්දී ලෝකේ නැති දේවල් කියලා ඒක කඩාකප්පල් කරන රාජ්‍ය ආයතන , එක්ක ඔය කතා හමස් පෙට්ටියට තමයි .

:       1       14

radirs Monday, 20 January 2020 12:20 PM

ආයේ ඡන්දේ දෙන්න එපා. වෙන කෙනෙකුට ඡන්දෙ දෙමු.

:       103       279

wlgman Monday, 20 January 2020 09:00 PM

මෙයා හදන්නේ ආපහු පාර්ලිමේන්තු යන්න.

:       0       45

Raymand pranandu MADAMPE Tuesday, 21 January 2020 12:02 PM

මෙය‍ා ආවොත් බඩුම තමයි......

:       0       5

ferna Wednesday, 22 January 2020 06:56 AM

රටම දන්න ලෝක හොරෙක්..............

:       0       8

Amila Chathuranga Friday, 24 January 2020 05:03 AM

මෙයා කරන්න හදන්නේ දැනට තයෙන ඒවාට බලපත් දීලා ඒවායෙන් ගානක් කඩාගන්න වැඩක් වගේ. ඒම නැතුව කරන්න හදන අලුත් දෙයක් කියලා නැහැ නෙ.

:       0       3

Kumara Sunday, 26 January 2020 08:57 AM

සංහාර කෙසේවෙතත් එතනෝල් පුරවරයක් නම් වෙයි..

:       0       5

athula Sunday, 26 January 2020 05:54 PM

රටකට ගිය කලක්... කොහොමද මේවගේ දෙයක් කරන්නේ? අනේ මන්දා අපේ ජනාධිපතිතුමා රට ගොඩගන්න හදන්නේ මේවගේ අය එක්කද? සිහිනයක් තමයි ඉතින් දෙයියන්ගේම පිහිටයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 62 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 51 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site