(කාංචන කුමාර ආරියදාස)
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමග එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
මේ දිනවල වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙනුයේ පහතරට එළවළු වර්ගය. ඊට අමතරව බෝංචි විශාල වශයෙන් ලැබෙන බව ගොවීන් පෙන්වා දෙති. පසුගිය දින තුනක කාලයක සිට රුපියල් විස්සේ සිට රුපියල් 40 දක්වා මිලකට බෝංචි මිල පහත වැටීමත් සමග සමස්ත එළවළු මිල පහත වැටීම සිදුවන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
අනෙකුත් එළවළු වර්ග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන ලැබුණද ගොවීන් ඉහළ මිලක් ප්‍රකාශ කර සිටියත් ඒවා අලෙවි නොවීම නිසා ඇතැම් අවස්ථාවන්හි නැවත නිවෙස් වලට එළවළු රැගෙන යෑමට පවා සිදුව ඇතැයි ගොවීහු කියති.
කැරට් ලීක්ස් බීට් යන එළවළු වර්ග කිහිපය හැරෙන්නට අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 10 සිට රුපියල් 50 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වීම සිදු කෙරෙන බවත් බොහෝ එළවළු අලෙවි නොවන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.
විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු තොග ලැබීම නිසා එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ අඩු වීමක් පෙනෙන්නට තිබීම එළවලු මිල පහත යෑමට තවත් හේතුවක් බව වෙළෙඳුන් පෙන්වා දෙති.
කෙසේ වෙතත් තවත් දින ගණනාවක් යන තුරු එළවළු මිල මෙයාකාරයෙන් පහත වැටෙනු ඇති බව ව්‍යාපාරිකයෝ විශ්වාසය පළ කරති.
කැකිරි, පිපිඤ්ඤා, වැටකොලු, වම්බටු, පතෝල, කරවිල, බණ්ඩක්කා තක්කාලි ආදී එළවළු වර්ගවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 22 දින අලුයම සිට ම පිරී ඉතිරී ගොස් ඇති අයුරු ද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එළවළු මිල බහී
Sugath Monday, 25 November 2019 06:17 AM
බලමු අලුත් ආණ්ඩුව මේකට කරන්නේ මොකක්ද කියලා. නිකන් පොහොර දෙන එක නම් හොඳ දෙයක් නොවෙයි. නිකන් දුන්නම රට තවත් ණය වෙන එක අහන්න දෙයක්ද? අපේ මිනිස්සු හැමදේම නිකම් ලබාගෙන ආණ්ඩුවට බැණ බැණ ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ...