ඉකුත් වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් සිදුව ඇතැයි ‘එයාර්බස්’ සමාගම අද (13) නිවේදනය කළේය.
අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස්’ සමාගමට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වසරේදී විශාල වියදමක් දැරීමත් නිසා එයාර්බස් සමාගමට එලෙස පාඩු විඳීමට සිදුව ඇතැයි වාර්තා වේ.
‘එයාර්බස්’ සමාගම ඔවුන්ගේ ‘ඒ400එම්’ ප්‍රවාහන ගුවන් යානය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමතර පිරිවැයක් දැරුවේය.
සිය සමාගමේ මෙහෙයුම් ලාභ යූරෝ බිලියන 6.9ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක්) දක්වා ඉහළ ගිය බව ද ‘එයාර්බස්’ සමාගම සඳහන් කළේය.
2019 වසරේදී වාණිජ ගුවන් යානා 863ක් බාරදුන් බවත් මේ වසරේ දී එය 880ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම ප්‍රකාශ කළේය.
“අපි 2019 වසරේදී බොහෝ දේ අත්පත් කරගත්තා. අපි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළා. වාණිජ ගුවන් යානා අලෙවිය ඊට ප්‍රධාන වශයෙන් හේතු වුණා” යැයි එයාර්බස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගිලාම් ෆූරි පැවසීය.
සැක කටයුතු අයුරින් ගුවන් යානා අලෙවි කිරීම නිසා එයාර්බස් සමාගමට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ද පැවැත්වේ. ඒවා සමථයකට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ එක්සත් ජනපදයට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට එයාර්බස් සමාගම එකඟතාව පළ කර ඇත.
2018 වසරේදී වාණිජ ගුවන් යානා සඳහා ඇණවුම් 747ක් ලැබුණු බවත් පසුගිය වසරේ දී එය 768ක් දක්වා ඉහළ ගිය බවත් එයාර්බස් වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එයාර්බස් සමාගමට යුරෝ බිලියන 1.36 ක පාඩුවක්
lalithm Friday, 14 February 2020 02:15 PM
අපි හිතුවේ ජරාව කන්නෙත්, ගන්නෙත් අපේ ශ්‍රී ලංකාවේ විතරයි කියලා. බලනකොට සුද්දන්ටත් ජරාව කන්න උගන්නලානේ... අපේ ගුවන්සේවේ හිටපු ඇත්තෝ...
Su-J Sunday, 16 February 2020 08:25 AM
ලංකවේ අය කොහේ ගියත් කොතන හිටියත් ජල්තර දන එකේ අඩුවක් නේ. බොහොම කනගාටුයි කියන්න සමහර ලංකාව අය පිටරට ගිහිල්ලත් හොරකම තමා. අපේ ජාතියේ අඩුපාඩුවක් මේක. තමන්ගේ වැරදී හදාගන්නේ නැතුව අනුන්ගේ වැරද්දී හොයන එක.