IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එමිරේට්ස් ගුවන් සමාගම සිංගප්පූරුව කොළඹ අතර ගුවන් ගමන් 2ක් අත්හිටුවයි

(තිළිණි ද සිල්වා)

ඔක්තෝබර් මස අවසානයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර ගුවන් ගමන් දෙකක් අත්හිටුවීමට එමිරේට්ස් ගුවන්සේවා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව සිංගප්පූරුව සහ කොළඹ අතර ක‍්‍රියාත්මක වූ ඒ.කේ 348 සහ ඒ.කේ.349 යන ගුවන් යානා මෙලෙස අත්හිටුවෙන බවද එම සමාගම අද (16) නිවේදනය කළේය.

එමිරේට්ස් මෙහෙයුම් සඳහා එම ගුවන්යානාවන් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගැනීම පිළිබඳව කාලානුරූපව සමාලෝචනය කිරීමෙන් පසුව එමිරේට්ස් ගුවන් සේවා සමාගම මෙම තීරණය ගෙන ඇත.

මෙම තීරණය සමඟ ලබන  ඔක්තෝබර් 27 වැනිදා කොළඹ සිට සිංගප්පූරුව දක්වා සිදු කරන අවසන් ගුවන් වාරය වන අතර සිංගප්පූරුව සිට කොළඹ දක්වා සිදුවන අවසන් ගුවන් ගමන් වාරය ඔක්තෝබර් 28 වැනිදා සිදු කෙරේ.

මෙම මාර්ගයේ ගුවන් ගමන් වාර අත්හිටුවීම හේතුවෙන් ගුවන් මඟීන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගම සමාව ඉල්ලා සිටී.එමෙන්ම ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම එමිරේට්ස් සමාගමට වැදගත් ව්‍යාපාරික සහ විනෝද ගමනාන්තයක් වන අතර එය ඩුබායි සිට ශ්‍රී ලාංකේය වෙළඳපොළට දිගටම සේවය කරන බවද එම සමාගම සඳහන් කරයි.



අදහස් (17)

එමිරේට්ස් ගුවන් සමාගම සිංගප්පූරුව කොළඹ අතර ගුවන් ගමන් 2ක් අත්හිටුවයි

sanath Thursday, 16 August 2018 06:54 PM

ශ්‍රීලන්කන් ෆ්ලයිට්ස් ගණන වැඩිකරගන්න පුලුවන්වෙයි.

:       0       8

dasa Friday, 17 August 2018 12:19 AM

එහෙනම් දැන් සිංගප්පූරුව සහ කොළඹ අතර ටිකට් හොඳට ගණන් යයි.

:       2       23

විජිත් Friday, 17 August 2018 07:31 PM

කෙසේවෙතත් එමිරේට්ස් ගුවන්සමාගම ශ්‍රී ලංකාවට නයගැතිවියයුතු බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් ඇත. ....එමිරේට්ස් සමගම චන්ද්‍රික බණ්ඩාරනායක මැතිතුමියගේ කාලයේදී අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් සමග එකතුවන්නට පෙර, එමිරේට්ස් ගුවන් සමාගමට ස්විට්සර්ලන්තයට යාමට අවසර නොතිබිණ. ශ්‍රීලන්කන් සමගම හා එක්වුවිට ශ්‍රීලන්කන් බලපත්‍රය මත ඔවුන්ටත් ස්විට්සර්ලන්තයට ගුවන් ගමන් සඳහා අවසරය ලැබුනා.ඒ වගේමයි එමිරේට්ස් සමගම හා එක්වුනිසා අපේ ශ්‍රීලන්කන් ගුවන් සේවයත් ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන්ගත්තත් රාජපක්ෂ පාලනය යටතේදී ඉතාම අවාසනාවන්ත ලෙස ඒ වගේම ඉතාම අසාධාරණ ලෙස අපි එමිරේට්ස් වලින් වෙන්වුනා. එයින් ඒ අයටනම් පාඩුවක් වුනේ නැහැ ඒ අදටත් ඔවුන් ස්විට්සර්ලන්තයට ගුවන් ගවන් පවත්වාගෙන යන නිසයි. ක්‍රමයෙන් නගිසිටිය අපේ ජාතික ගුවන් සේවය එක පුද්ගලයෙකුගේ මෝඩ තීරණයක් නිසා අද නැත්තටම නැතිවී ලෝකෙටම ණයවී විකුණා ගන්නටත් කෙනෙක් නැතිවී අතරමංවී සිටි...ඒ අපේම අවාසනාවක් නොවන්නේද..

:       133       724

Saman Saturday, 18 August 2018 05:23 PM

එක පුද්ගලයෙකුගෙ මෝඩකම නිසා නිසා නෙවෙයි, උද්ධච්චකම නිසයි එමිරේට්ස් නැති වුනේ.

:       40       112

විජිත් Sunday, 19 August 2018 10:52 PM

ඔබ වඩාත් හරි සමන්., මට ඒ වචනය මතකයට ආවේ නැහැ. ස්තුතියි.

:       0       43

විකුම් රංගන Saturday, 18 August 2018 08:20 PM

අනේ විජිත් යනවා හලෝ යන්න මෙතන බයිලා කියන්නේ නැතිව,එමිරේට්ස් ගුවන් යානයට සුනඛයෝ පැටවීම අවම කරලා. තේරුනාද? හෙට අනිද්දා වෙද්දී, මකුණෝ පිරිච්ච ඉන්දියන් එයාර් ලයින් එකත් සුනඛයෝ පැටවීම නතර කරයි බලු මැක්කෝ බෝවෙයි කියන බයට???

:       241       192

ශාන්ත පෙරේරා - ශ්‍රී ලන්කන් ගුවන්යානා ඉංජිනේරු අංශය. Sunday, 19 August 2018 11:10 PM

මහත්තයෝ මේ පිටුව රස්තියාදු කාරයන්ට වෙන්වුන තැනක් නොවෙයි..වැදගත් අලුත් හොඳ අදහස් වගකීමෙන් දමන ඕනෑම කෙනෙකුට ගරු කරන්න ඉගෙන ගන්න.මම ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ වසර 14 ට වඩා සේවය කරන අතර විජිත් මහත්මයා කියන දෙය සම්පුර්ණ ඇත්ත බව ගුවන් ගමන් සම්බන්ධ රැකියාවන් කරන අය හොඳින්ම දන්නා දෙයක්. ( විජිත් කියන්නේ ලොක්හිඩ් වල රැකියාව කරන ගුවන්යානා විශේෂඥයෙක් ) විජිත් නොවෙයි මෙතන බයිලා කියන්නේ ඔබයි....සුනකයෝ,මකුණෝ ගැන කවුද කතා කලේ....?මාතෘකාවට අදහස් දක්වන්න වත් ඉගෙනගෙන නැති ඔබ වැනි " කුහකයින්" අංගොඩ මානසික රෝහලෙන් මොලය පරික්ෂ කරගත්තොත් ..ඔබගේ මොලයේ මකුණෝ වැටෙන්නට බෙහෙතක් දෙවි.

:       0       115

සිසිර වත්තෙවැව Sunday, 26 August 2018 10:21 AM

ඔබ හරි ශාන්ත මහත්තයෝ, මමත් මේ ගැන විමසිල්ලෙන් හිටියා කාලයක්.. මේ පිටුවේ ඉඩ තිබෙන්නේ වැදගත්, අලුත්, අපට සාමාන්‍ය ජීවිතයේදී වැදගත්වන, විශ්වාසදායක අදහස් දමන අයයි. මුලදිනම් එය ඒ ලෙසම සිදුවුණා. නමුත් කාලයකට පස්සේ රස්තියාදුකාරයෝ එකා දෙන්නා මෙහි පැමිණෙන්නට පටන්ගත්තා. එසේ නොවෙනවා නම් හොඳයි.

:       0       38

Lalith Perera Monday, 20 August 2018 08:07 AM

අපේ රට ව්යාකපාර කරන්න දන්නා රටක් නොවේ. මීට පෙර රජයන් යටෙතෙත් දිගටම පාඩු ලැබුවා. එමිරෙට්ස් නරිටා ගුවන් තොටුපොල ලැබුනේ අපි නිසා. අපිට ඕන නම් මේක දියුනු කරන්න පුළුවන්. අපිට ඕනේ නෑ. ඇපල් සමගම මුළුමනින්ම නැතිවී තිබිල ගොඩගත්තනම් මේක පුළුවන් දෙයක්.

:       0       0

sam Monday, 20 August 2018 08:46 AM

එමිරේට්ස් වලට චන්ද්‍රිකා ශ්‍රී ලන්කන් දුන්නේ කැබිනට් එකටවත් නොදන්වා. ඔබලා සමහරුන්ට නම් එමිරේට්ස් හොඳ ඇති එහෙත් ඔවුන් අපේ සංචාරක ව්‍යාපාරය වට්ටලා මාල දිවයින නැග්ගුව බව මතක නැද්ද. කොළඹට ඩිරෙක්ට් ෆ්ලයිට්ස් නැති කරලා මාලේ හරහා ආවේ. මාලේ සංචාරක කර්මාන්තය නැග්ගේ එතනින්. ලෝකේ කොයි රටකවත් තමුන්ගේ ජාතික ගුවන් සේවය වට්ටන්නේ නැහැ. මහින්ද නෙවෙයි ප්‍රේමදාස ජනාධිපතිතුමා වුනත් ඕක ආපහු ගන්නවා - හැබැයි එයත් මස්සිනා කෙනෙක්ට දෙන්න ඉඩ තිබුනා. ඒක වෙනම කතාවක්. නමුත් අපේ ජාතික ගුවන් සේවය පිට රටකට විකුණුවේ එහි දියුණුම කාලෙක. කාටද මොනවාද ලැබුනේ. මමත් ශ්‍රී ලන්කන් වැඩ කරපු කෙනෙක්. ඒ නිසයි ඔය ඇත්ත දන්නේ.

:       43       0

ප්‍රියන්ත හෙට්ටිගේ Monday, 20 August 2018 09:31 AM

විජිත්, බොරු කියන්න එපා. එමිරේට්ස් සහ එයා ලංකා සමාගම් දෙක එක්වීමට බොහෝ කලින් සිට එමිරේට්ස් ගුවන් සේවය ස්විට්සර්ලන්තයට පියාසර කළා. මම එමිරේට්ස් ගුවන් සේවයෙන් 1992, 1993 සහ 1994 වසරවල කොළඹ සිට සූරිච් නුවරට ගියේ එමිරේට්ස් ගුවන් සේවයෙන්. සමාගම් දෙක එකතු වුණේ 1998 වසරේ. ඉතින් කොහොමද ඔයා කියන්නේ එමිරේට්ස් සමාගමට ස්විට්සර්ලන්තයට යන්න අවසර තිබුණේ නෑ කියලා?

:       68       40

පිටිගල -මිලානෝ Monday, 20 August 2018 09:00 PM

නිකම් බොරු නොකියා ඉන්න මහත්තයෝ. මට පේන හැටියට ඔබ ඇවිල්ලා " බොරු ශෝබන " කාරයෙක්. ඔබ ස්විස් රට මොන පාටද කියලවත් නොදන්නා කෙනෙක් කියලයි මටනම් හිතෙන්නේ.

:       62       114

AthulaWednesday, 22 August 2018 02:13 AM

වෙන මොනව බලාපොරොත්තු වෙන්නද මේ වගේ අයගෙන්.

:       13       92

kiralaWednesday, 22 August 2018 06:27 AM

ප්‍රියන්ත නිවැරදියි. එමිරේට්ස් ගුවන් සමාගම සුරික් වලට පියාසර කිරීම පටන් ගත්තේ 1992 අගෝස්තු මාසයේදී.

:       107       54

දුෂ්මන්ත පෙරේරා - ලොස් ඇන්ජලිස්Wednesday, 22 August 2018 05:00 PM

මහත්මයාණෙනි, මමත් ඔය කියන ප්‍රශ්නය ගැන විශේෂයෙන්ම සොයා බැලුවා. මේකයි වෙලා තියෙන්නේ ඔබ කියන ඔය අවුරුදු වල එමිරේට්ස් ගුවන් සේවය ස්විට්සර්ලන්තයට ගුවන් ගමන් පවත්වාගෙන ගිහින් තියෙනවා. නමුත් ඒ අයගේ ලයිසන් එකකින් නොවෙයි. dnata ( dubai national tavel agency ) යන ඩුබායි සහ අරාබි එමිරේට්ස් ගුවන් ඒජන්සියේ අනුග්‍රහයෙන්. අවසානයේදී ශ්‍රී ලන්කන් සමග එකතු වුනහම එමිරේට්ස් - ශ්‍රීලන්කන් එයාර් සමාගමට, ශ්‍රී ලන්කන් එකට තුබුන ස්විස් ලයිසන් එකම ලැබුනා. අවසානයේදී ශ්‍රී ලන්කන් ඉවත්වුනත් එමිරේට්ස් ගුවන් සමාගමට ස්විස් අනුග්‍රහය ලැබුනා. ඔන්න ඕකයි ඇත්ත. ලෝකයේ ගුවන් ගමන් ගැන දන්නා ඕනෑම කෙනෙක් මේ ගැන දන්නවා. ඔයගොල්ලෝ මේ පිටුවේ තුල එක එක්කෙනාට මඩ ගසා ගන්න ඕනේ නැහැ.

:       0       27

pakaya Wednesday, 22 August 2018 02:19 AM

කලින් කාලේ ලාබ ලබපුව මේකාලේ පාඩු ලබනවා කියලා විකුනනවා කොමිස් ගහන්න. වෙනසක තරම. බැඳුම්කර ක්‍රමයට.

:       1       0

මම1 Wednesday, 22 August 2018 02:20 PM

මම නම් හිතන්නේ මේකට හේතුව ශ්‍රී ලංකන් එක දිනපතා මෙල්බන් වලට යන්න පටන් ගත්ත එක. ඊට පෙර මෙල්බන්, සිඩ්නි වැනි නගර වල සිට එන ලාංකිකයන් සිංගපූරුව හෝ මැලේසියාව හරහා ට්‍රාන්සිට් වුනා. ඒ වගේම මෙල්බන් වල සිටින විශාල දකුණු ඉන්දියානු පිරිසකුත් ශ්‍රී ලංකන් එකේ ඇවිත් ඉන්දියාවට යනවා. මේවා නිසා එමිරේට්ස්, මැලේසියන් ආයතන වලට මඟීන් අඩුවුණා. මේ තීරණ එම නිසා ගත්ත එකක් වෙන්න පුළුවන්.

:       0       4

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 27 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1986 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 648 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site