IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉහළ වටිනාකමක් ඇති නිල් ආරුනූල් මාණික්‍ය මහජන ප්‍රදර්ශනයට

ලොව වැඩිම වාණිජ වටිනාකමකින් සමන්විත බව කියන නිල් ආරුනූල් මාණික්‍යය මහනුවර, පේරාදෙණිය පාරේ අංක 676 පිහිටි ස්ථානයේ මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ යනුවෙන් හඳුන්වන මෙම මැණික ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙරට විශාලතම ආභරණ ප්‍රදර්ශනාගාරය වන මහනුවර, පේරාදෙණිය පාරේ  පිහිටි ‘ටියේෂ්’ ප්‍රදර්ශනාගාරයේ ය.කැරට් 332කින් බරින් යුතු ශ්‍රී ලංකාවේ නිල ආරුනූල් මැණිකක් වන මෙම ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මාණික්‍යයේ වත්මන් හිමිකරුවන් වන්නේ ‘ටියේෂ්’ ආයතනයේ හිමිකරුවන් වන ‘ද ෆොන්සේකා’ පවුලයි.

මෙම මැණික අවුරුදු මිලියන 800ක ඉතිහාසයකට හිමිකම් කියන බව දැනට ගණනය කර තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ගම්මානයේ පතලකින් ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මාණික්‍යයේ මවු පාෂාණය සොයාගෙන ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේදීය. එහි බර කැරට් 201,500ක් එනම් කිලෝග්‍රෑම් 40.03ක් ලෙස ගණනය කර තිබිණි.

කැරට් 18ක කහ සහ සුදු රත්තරංවලින් නිමවා ඇති මෙරට තවත් වටිනා මැණික් ගල් ඔබ්බවනු ලැබූ කිරුළක ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මැණික රඳවා ඇත. මැණික තබා ඇති ගොඩනැගිල්ලට පැය 24 මුළුල්ලේ ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාවක් ද ලබා දී තිබේ. 

055

 

 



අදහස් (2)

ඉහළ වටිනාකමක් ඇති නිල් ආරුනූල් මාණික්‍ය මහජන ප්‍රදර්ශනයට

Chathuri Friday, 09 August 2019 03:49 PM

සාමාන්‍ය හොරුන්ගෙන් නෙමේ ආරක්ෂා කරන්නේ. රට බාරගන්න එන නායකයින්ගෙන් වැඩි අරක්ෂාවට කියලා ඔහුගේ බිරිඳට දෙන්න ඉඩ තියෙන නිසා කොයිතරම් රටේ සම්පත් තම බලය පාවිච්චි කරමින් ඔහු බාරයට ගත්තද?

:       25       165

Uditha - London Sunday, 18 August 2019 01:27 PM

සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බය වෙන්න දෙයක් නැහැ.. රටේ ඉන්න ඉහල පෙලේ ලොකු අයගෙන් ඕක පරිස්සම් කර ගන්න...

:       0       48

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 8 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site