(නිසංකා සන්දීපනී)
ලෝක ප්‍රකට ඇපල් සමාගම විසින් සිය ඇපල් අත් ඔරලෝසු මාලාවේ තුන්වන පරම්පරාව එළිදැක්වීමත් සමගින් මෙම අත්ඔරලෝසු භාවිතා කරන්නන්ට ඉලෙක්ට්‍රොනික වෛද්‍යවරයකු ලෙස ළඟ තබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
එමගින් හෘද ක්‍රියාකාරිත්වයේ යම් අසාමාන්‍ය තත්ත්වයක් ඇති වූ විට ඒ පිළිබඳ දැනුම්දීම් නිකුත් කිරීමේ හැකියාවද හෘදය පිළිබඳ දත්ත ලබාදීමේ වැඩිදියුණු කරන ලද යෙදුම්ද මේ තුළ අන්තර්ගතය.
වොච් ඕඑස් මෙහෙයුම් පද්ධතියේ වැඩිදියුණු කළ සංස්කරණයකින් බලගැන්වෙන මෙම ඔරලෝසුව තුළ හෘදය ක්‍රියාකිරීමේ සීඝ්‍රතාව මනින යෙදුම ද වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇත. ඒ ඔස්සේ විවේක ගැනීම, ප්‍රකෘතිමත් කිරීම, ඇවිදීම හා හෘද ස්පන්දනය ආදිය පිළිබඳව වැඩි තොරතුරු ප්‍රමාණයක් පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කිරීම වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දීමක් වශයෙන් පෙන්වා දිය හැකිය.
මෙම තුන්වන පරම්පරාවේ අත්ඔරලෝසුව තුළ සන්නිවේදන ශක්‍යතාවන් වැඩිදියුණු කරමින් වයි-ෆයි පහසුකම හා බ්ලූටූත් තාක්ෂණයේ කාර්යක්ෂමතාව සියයට 50 කින් වැඩි කිරීමට ද ඇපල් සමාගම කටයුතු කර තිබේ.
මෙම තුන්වන පරම්පරාවේ ඇපල් අත්ඔරලෝසුව ඩොලර් 329 ක් හා ඩොලර් 399 ක් ලෙස මිල කාණ්ඩ දෙකක් යටතේ මාදිලි දෙකකින් යුතුව වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇපල් සමාගම පියවර ගෙන තිබේ. ඩුවල් කෝර් ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මෙම තුන්වන පරම්පරාවේ අත්ඔරලෝසුව පැය 18 ක බැටරි ආයු කාලයක් ද සහිතය.
එසේම සංඥා ග්‍රහණය කළ හැකි ඇන්ටනාවක් සහ සිම්කාඩ් පතක් ඇතුළත් කිරීමට හැකි පහසුකම් ද සහිතව මෙම ඔරලෝසුව නිපදවා ඇති බැවින් ජංගම දුරකථනයක සම්බන්ධයකින් තොරව දුරකථන ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබීම නිසා ජංගම දුරකථන පහසුකම්ද මෙම ඔරලෝසුව තුළින් පාරිභෝගිකයින්ට ලබා දීමට ඇපල් සමාගම කටයුතු කර තිබේ.
මෙසේ ඇපල් ජංගම දුරකථනයක් අසළ නොමැතිව අත් ඔරලෝසුව මඟින් පමණක් දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම ඇපල් සමාගම සිය පාරිභෝගිකයින්ට ලබා දී ඇත්තේ පළමු වතාවට වීම මෙම තුන්වන පරම්පරාවේ අත්ඔරලෝසුව තුළ දැකිය හැකි සුවිශේෂත්වයකි.
වර්ණ කිහිපයකින් යුතුව හඳුන්වා දී ඇති නව පරම්පරාවේ ඔරලෝසුව පුළුල් පරාසයක වර්ණ ගණනාවකින් යුතුව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව රිදී, ස්පේස් ග්‍රේ, සෙරමික් ග්‍රේ සහ රන් වර්ණයෙන් යුතුව මෙම ඔරලෝසුව මිලදී ගත හැකිය.
තව ද විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා වන පහසුකම් ද මෙම තුන්වන පරම්පරාවේ ඇපල් ඔරලෝසුව තුළ වැඩි දියුණු කර පාරිභෝගිකයින් හට ලබා දීමට ඇපල් සමාගම කටයුතු කර ඇත.
එමඟින් ස්වයංක්‍රීයව ඇපල් සංගීත එකතුව තුළින් ගීත ධාවන ලැයිස්තු යාවත්කාලීන වීම ආදිය වැඩි දියුණු කිරීමට කටයුතු කීරීම තුළ පාරිභෝගිකයාගේ සංගීත රසවින්දනයට ඉහළ දායකත්වයක් සපයා තිබේ.
මෙසේ නව ආකර්ශණීය විශේෂාංග ගණනාවකින් යුතුව හඳුන්වා දී ඇති තුන්වන පරම්පරාවේ ඇපල් අත් ඔරලෝසුව ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඇපල් නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා සිටින ලොව පුරා පාරිභෝගියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වන බව නිසැකය.
(ඩේලිමේල් ඇසුරෙනි)
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉලෙක්ට්‍රොනික වෛද්‍යවරයෙක් විය හැකි ‘ඇපල්’ අත් ඔරලෝසුව