IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමැති ප්‍රසන්නගෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස්

(නාලක සංජීව දහනායක)

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආයෝජන අවස්ථාවන් සිදුකිරීමට අවසර ගැනීමේදී සිදුවන ප‍්‍රමාදයන් අවම කිරීම සඳහා කඩිනමින් නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන,සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇත. 

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා තාවකාලිකව අන්තර්ජාලය ඔස්සේම අනුමැතිය ලබාදීමටත් පියවර ගෙන තිබේ.

කිසියම් ආයෝජකයකුට මෙරට ආයෝජනය කිරීමේදී තවත් රාජ්‍ය ආයතන රාශියක අනුමැති ලබාගැනීමට සිදුවේ. ඒ ඒ ආයෝජනයේ ස්වභාවය අනුව එලෙස අනුමැතිය ලබාගත යුතු ආයතන සංඛ්‍යාව 28 යැයි හඳුනාගෙන ඇත.

රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, භූ විද්‍යාත්මක සමීක්‍ෂණ සහ පතල් කාර්යංශය, ආගම හා විගමන දෙපාර්තමේන්තුව, නගර සභා පළාත් පාලන ආයතන, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය” ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධන සංස්ථාව, වනජීවි දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායන ඖෂධ පාලන දෙපාර්තමේන්තුව එලෙස හඳුනාගෙන ඇති ආයතන වේ.



අදහස් (13)

ඇමැති ප්‍රසන්නගෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස්

loku ayaya Sunday, 22 December 2019 10:54 AM

අර ඉඩම නිරවුල් කරලා දෙන්න ඉල්ලපු බර ගාන වගේ ගානක් ඉල්ලයිද දන්නේ නැහැ උපදෙස් දෙන්න. මණ්ඩලේට උපදෙස් දෙන්න තරම් මෙයා බුද්ධිමතෙක්ද? මෙයාගේ සුදුසුකම ටිකක් අපි දැනගන්න කැමතියි.

:       0       458

kanthi - ragamaSunday, 22 December 2019 02:17 PM

අපොස කලා වැඩ 5 සමත්... මහජනයාගේ දේපළ පිළිබඳව පශ්චාත් උපාධියක් ඇත. කතා කිරීම පිළිබඳව ආචාර්ය උපාධිය ඇත.

:       0       291

samSunday, 22 December 2019 08:44 PM

ලොකු අයියේ , ඒ සිද්ධියේ හඬ පටය ඔයා අහලා තියනවාද ?

:       0       109

bandaMonday, 23 December 2019 10:15 AM

ඔව් ඔව් අර මොකකින්ද ගහන්නේ නැහැ' කියන එක නේද..?

:       0       113

Loku ayya Monday, 23 December 2019 12:29 PM

අනේ මෙයාගේ කටහඬ හොඳට අඳුනන්න පුළුවන්. අනේ අපේ නායකයන්...

:       0       129

Walter White Sunday, 22 December 2019 11:59 AM

උපදෙස් දෙන්න කියාපු කෙනා...

:       1       114

Mama Sunday, 22 December 2019 12:07 PM

මෙයාගේ උපදෙස් ගත්තොත් සුසන්ත කපෝති... BOI එක හාන්සියි..

:       0       606

silvaMonday, 23 December 2019 12:49 PM

සුසන්ත රත්නායක ඉතිහාසයේ කුණු බක්කියට යන්න හදන්නේ.

:       0       206

රවින් Sunday, 22 December 2019 01:48 PM

පොදුජනතාව කෙසේවෙතත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සැවොම දන්නවා පත්කරලා තියෙන ආයෝජන මණ්ඩල සභාපතිතුමා ගැන... නොදන්නා අයගේ දැනගැනීම පිණිස මේ පවසන්නේ, කාලෝචිත නිසි ආයෝජනයන්ගෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙච්ච සමාගම් සමූහයක හිටපු සභාපතිවරයකුට උපදෙස් දෙනවායි කියන්නේ කවුද? එහෙයින් ඔහුගේ ආයෝජන නිසිලෙස විමර්ශනය කර යෙදවීමේ හැකියාව ගැන හා අධ්‍යාපන කුසලතාවයන් ගැන වැඩි අටුවා, ටීකා, අනවශ්‍යයයි. පටු දේශපාලු ඇඟිලි ගැසීම් නැති වුවහොත් මෙරටට අත්‍යාවශ්‍ය දිගුකාලීන ආයෝජකයින්ගෙන් අඩුවක් නැතිවේවි කියන විශ්වාසයත් ඇති කරගත හැකිවේවි...!!! අපි කෙරුවා පරම්පරා ගාණකට හම්බ කරගත්තා යැයි කියන්න විතරක් දේශපාලුවෝ ටික හිටියාම ඇති...

:       0       97

වැල්ල Sunday, 22 December 2019 02:36 PM

මම හිටපු කැබිනට් ඇමති කෙනෙක් දැන් මම මෙයාගේ යටතේ රාජ්‍ය ඇමති... මේ ඇමතිගේ සුදුසුකම් ගැන මුළු රටම දන්නවා ඒ නිසා මම කටවහගෙන ඉන්නවා.

:       0       107

මෝ Tuesday, 24 December 2019 12:02 AM

ජනතාව විසින් රට වෙනුවෙන් කලයුතු විශාල යුතුකමක් තියෙනවා. එනම් මහ ඡන්දයේදී සුදුසුකම් සහිතව වෘත්තීය පලපුරුද්දක් සහිත පුද්ගලයින් ඔබේ ඡන්ද කොට්ඨාශයෙන් පාර්ලිමේන්තු යැවීමයි.

:       0       130

NuwanWednesday, 25 December 2019 11:57 AM

එහෙම යවන්න නම් එහෙම සුදුසුකම් සහිත මිනිස්සුන්ට පක්ෂයෙන් නාමයෝජනා දෙන්න එපෑයැ. හරක් ටිකකින් කොහොමද සිංහයෙක් තෝරන්නේ..?

:       0       113

mama Tuesday, 24 December 2019 10:44 AM

ගෝඨාභය මහත්තයෝ අපි ඔබ තුමාට ඡන්දෙ දුන්නේ මේ වගේ අයට ඇමති කම දෙන්නද.

:       0       125

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 26 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1966 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 645 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site