හර්ෂණ තුෂාර සිල්වා
රෙදිපිළි හා ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරේදී සියයට 3කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 5,031.9 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණ පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී ප්ලස්) සහනය නැවත පිහිටුවීම නිසා යුරෝපයට කරන ලද රෙදිපිළි හා ඇඟළුම් අපනයන වැඩිවීම හේතුවෙන් මෙලෙද අපනයන ආදායම වැඩි වූ බව දෙසැම්බර් මාසයේ විදේශීය අංශ්‍රයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් රෙදිපිළි හා ඇඟළුම් අපනයනවලින් ලද ආදායම සියයට 19.4කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 470ක් දක්වා වැඩි වී තිබේ. ඊට පෙර එනම් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී රෙදිපිළි හා ඇඟළුම්බ අපනයනවලින් ලද ආදායම 393.6කි.
2016 වසර හා සැසඳීමේදී පසුගිය 2017 වසරේදී රෙදිපිළි හා ඇඟළුම් අපනයනවලින් ලද ආදායම සියයට 3කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 4,881.1 සිට 5,031.9 දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇඟළුම් අපනයන ආදායම සියයට 3කින් ඉහලට
sampath Friday, 16 March 2018 04:34 AM
අදායම වෙනස් වෙන්න විනිමය අනුපාතය තමා අපිට බලපාන්නේ..
Critical Saturday, 17 March 2018 10:40 AM
ඇසීමත් සතුටක්... තව අපිට කරන්න පුළුවන් !!!