( තිළිණි ද සිල්වා )
ජපානය සහ ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගීතාව දියුණු කිරීම සඳහා එකඟතාවකට පැමිණි බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කර සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
ජපාන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදයේ දෙවන වටය දෙරටේ විදේශ අමාත්‍යාංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදි එම තීරණයට එළඹ තිබේ.
මෙහිදි දෙරට අතර වාර්තාගත දේශපාලන හා සංස්කෘතික අන්තර් ක්රියාකාරීත්වයේ ශක්තිමත් පදනම පිළිබඳව සිහිපත් කරමින් දෙපාර්ශවයම ජාතික කලාපීය හා ජාත්‍යන්තර මට්ටම්වල ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ඉන්දියන් සාගරය තුළ නීතිරීති පදනම් කරගත් සමුද්‍රීය වැඩපිළිවෙළක වැදගත්කම ද මෙහිදී හඳුනාගත් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම බහුපාර්ශවීය වේදිකාවල සමුද්‍රීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහයෝගය වැඩිදියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ප්රයත්නයන් අඛණ්ඩව සිදුකිරීමට ද මෙහිදී දෙපාර්ශවයම එකඟතාවකට පැමිණියේය.
විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දී ඇති අතර ජපාන විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය මොරී ටකයෝ මහතා ජපාන පාර්ශවය මෙහෙය වු බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආර්ථික සහයෝගිතාවය දියුණු කිරීමට ජපානය සහ ලංකාව එකඟතාවයකට