IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආර්ථික සංවර්ධනයට නව නීති

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ආර්ථික සංවර්ධනය උදෙසා ඉදිරියේදී නව නීති සහ රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ප්‍රකාශ කළේය.
 
ඒ අනුව නව මූල්‍ය නීතියක්, ආනයන අපනයන පනතක්, ව්‍යාපාර පහසු කිරීමේ පනතක්, නව ණය කළමනාකරණ පනතක් ආදී නව පනත් සහ රෙගුලාසි කිහිපයක් ම ගෙන එන බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය. 
 
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති සුරැකුම්පත් කොමිෂන් සභාවල ජාත්‍යන්තර සංවිධානයේ වර්ධන සහ නැගී එන වෙළෙඳපොළ කමිටුවල සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු පැවැසීය. 
 
එහිදි අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
 
“අප නව විනිමය පාලන පනතක් හඳුන්වා දුන්නා. මහ බැංකුව කෙරෙහි අවධානය කරමින් අපි නව මූල්‍ය පනතක් හඳුන්වා දෙන්න සූදානමින් සිටිනවා. මහ බැංකුවේ අවධානය අත්‍යාවශය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම පනත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ණය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට සූදානම්. ඊට අමතරව මුදල් අමාත්‍යාංශය යටතේ ජාතික ණය කාර්යාංශයක් ස්ථාපිත කරනවා. 
 
ඒ වගේම ව්‍යාපාර කිරීමේ පහසුව ස්ථාපිත කිරීම සඳහා නව පනතක් ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. තායිලන්තයත් එවැනි නීතියක් ගෙන ආවා. ආනයන අපනයන නීතියක් ගෙන ඒමටත් අපි සූදානමින් සිටිනවා. මේ වසරේදීත් ඉදිරි වසර දෙකේදීත් ආර්ථිකය සංවර්ධනය ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම සඳහා අපි නෛතික රාමුව සකස් කරනවා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය. 



අදහස් (9)

ආර්ථික සංවර්ධනයට නව නීති

Raveendra Wednesday, 20 September 2017 12:48 PM

සමහර තක්කඩි හොරුන් නිර්දේශ කර තියාගෙන කියන බොරු සමග කුමන නීති, පනත් ගෙනාවත් අප මව්බිමට නම් කිසිඳු සෙතක් නොවන බව ක්‍රියාවෙන්ම දැනටමත් හොඳින් දර්ශනය වේ.

:       17       286

Lapaya Wednesday, 20 September 2017 03:05 PM

මහබැංකුවටත් අලුත් නීතියක් දාන්න. ඉදිරියේදී මුකුත් නොවෙන්න... මොකද දැන් වැඩේ ශේප් නිසා....

:       90       183

lalith Thursday, 21 September 2017 12:08 AM

මේ සංවර්ධනෙත් වැනෙනවා විතරයි කවදාවත් බිමට කඩාගෙන වැටෙන්නේ නැහැ.

:       0       122

KUMARA (GULF) Thursday, 21 September 2017 04:19 AM

ඉතුරු වෙලා තියෙන ආර්තිකෙත් විනාස කරන්නේ නැතුව ඉන්න.

:       127       180

Rohana Thursday, 21 September 2017 05:36 AM

අගමැතිතුමනි, නව නීති නෙවි ඔබ ඇතුළු මැති ඇමතිවරුන්ට කියන්න රජයේ දේපොළ හොරකම් කරන්න එපා. රජයේ වාහන අවභාවිත කරන්න එපා. ටෙන්ඩර් වලින් ගහන්න එපා. තමන්ට ලැබෙන දීමනාව පමණක් ගන්න. පිළිගැනීම්, විවුර්ත කිරීම සදහා රජයේ මුදල් වියදම් කරන්න එපා. නියම විදියට අදායම් බදු ගෙවා අදර්සමත් වෙන්න. වසර දෙකකින් ලංකාව සුරපුරයක් !

:       237       259

RaveendraThursday, 21 September 2017 03:59 PM

රෝහණ මයා වෙත, ඔබගේ වැදගත් අදහස් ගොන්නට අප ගරු කරන්නෙමු. මෙම අදහස් කියවීමේදී අප කුඩාකල පංතිබාර ගුරුතුමිය අපට කියාදුන් ඉතා වටිනා අදහස් තවමත් අපගේ සිත්වල හොඳින් තැන්පත්ව ඇත. එය ඔබගේ දැනගැනීමට මෙසේ සඳහන් කරන්නෙමු. පුතේ, දුවේ මනසින් උසස්වූ තැනැත්තා මනුස්සයෙක් වන අතර ඔහුට හෝ ඇයට ලිවීමේ, කියවීමේ, තේරුම්ගැනීමේ හැකියාවන් හොඳින් ඇති නමුත් මනුස්ස වෙස් ගෙන සිටින තිරිසනුන් හට ලිවීමේ, කියවීමේ සහ තේරුම් ගැනීමේ හැකියාවන් කිසිසේත්ම නොමැති බව...

:       3       62

maheeFriday, 22 September 2017 08:47 PM

රෝහණ, අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනය ඕක තමයි. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඇයි? ලෝකයේ 90% ක් දේශපාලකයෝ රජයේ දේපොළ හොරකම් කරන්න හිතන, ටෙන්ඩර්වලින් ගහන්න හිතන, රජයේ වාහන අවභාවිත කරන්න හිතන, විවෘත්ත කිරීම්වලට මහජන මුදල් නාස්ති කරන්න හිතන කට්ටිය තමයි. නමුත් බොහෝ (දියුණු) රටවල දේශපාලකයෝ එහෙම කරන්නේ නෑ. ඇයි? ඔවුන් සියලු කෙලෙස් දුරලා තණ්හාව නැති කළ අය නිසාද? නෑ, ඔවුනුත් කෙලෙස් භරිත සාමාන්‍ය මිනිස්සු. නමුත් බයයි. කාටද බය? නීතියට සහ නීතියේ ආධිපත්‍යයට බයයි. නීතිය විසින් ස්ථාපිත කර තිබෙන සම්ප්‍රදායන්ට බයයි. මහජනයා ගොනාට අන්දන්න බැරි නිසා, කැපුවත් ලේ අහවල් පාටයි කියන මෝඩ තකතිරු පිරිස ඉතාම අඩු නිසා, මහා ජනතාවට බයයි. ජනමතයට බයයි. අපේ රටෙත් ඔන්න ඔය ටික කෙරුණු දාට අපේ ප්‍රාර්ථනය හරි යයි, රෝහණ.

:       0       39

athula Friday, 22 September 2017 03:42 AM

ලෝකෙම ලොකුම බොරුව තියෙන්නේ අපේ ලංකාවේ දේශපාලුවන්ගේ.

:       0       51

prakaash Saturday, 23 September 2017 09:05 AM

මේ කියන කිසිදෙයක් ඇත්ත නොවේ. රටේ ජනතාව රවටා විදේශිකයින්ට අවශ්‍ය ලෙස රට විනාශ කරන එක තමයි කරන්නේ.

:       0       48

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 93 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 67 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site