IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආනයන සීමා කිරීමෙන් බිලියන 3.3 ක ඉතිරියක්

 

(හර්ෂණ තුෂාර සිල්වා)

ආනයන සීමා කිරීමෙන් මේ වසරේ මුල් මාස 10 තුළදී රුපියල් බිලියන 3.3ක මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සී. චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (26) පැවැසීය.

ආනයන සීමා පනවා ඇත්තේ ඇයි දැයි තේරුම් ගත යුතු බව ද හෙතෙම කීය.

මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය සී. චන්ද්‍රනාත් මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි සී.චන්ද්‍රනාත් මහතා මෙසේ ද කීය.

‘‘යුරෝපා සංගමය සහ තවත් රටවල් කිහිපයක් ආනයන සීමා සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අපත් අවධානය යොමු කළා. යුරෝපා සංගමය අපට ඉතා වැදගත් වෙළෙඳ පාර්ශවකරුවෙක්. ඇමෙරිකාව සහ යුරෝපා කලාපය යනු අපේ ප්‍රධානම අපනයන වෙළෙඳපොළවල්. ඒ කලාපය හා සැසඳීමේදීත් ද්විපාර්ශවීය වෙළෙඳාම දෙස බැලීමේත් අපේ ආසියානු වෙළෙඳ පාර්ශවකරුවන් සහ අපි තෙල් ආනයනය කරන රටවල් අතර පවතින්නේ වෙළෙඳ හිඟ බව කියන්න අවශ්‍යයි.

ඒ නිසා ඇමෙරිකාව සහ යුරෝපා කලාපයේ රටවල් සමඟ ද්විපාර්ශවීය වෙළෙඳාමේ තිබෙන අතිරික්ත දැනට තිබෙන මට්ටමේ පවත්වාගෙන යෑම සහ තවදුරටත් වර්ධනය කරගැනීම අපට ඉතා වැදගත්. ඒ වගේම ඉන්දියාව, චීනය හා අනෙකුත් ආසියානු රටවල් සමඟ තිබෙන වෙළෙඳ හිඟ අඩුකරගැනීමට ද පියවර ගත යුතුයි.

මේ සම්බන්ධයෙන් අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අයවැයෙන් ද ඒ සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික බව සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.

ආනයන සීමා සම්බන්ධයෙන් ආනයන සීමා පැනවීමෙන් එම රටවලින් කෙරෙන ආනයනවලට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් අපි අධ්‍යයනයක් කළා. ආනයන සීමා කිරීමෙන් සිදුව තිබෙන බලපෑම ඉතාම අඩු මට්ටමක තිබෙන බව එයින් පෙනී ගියා.

රජය ආනයන සීමා වැඩි වශයෙන් පනවා තිබෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලටයි. විශේෂයෙන්ම මෙම ආනයන සීමා පනවා තිබෙන්නේ මෝටර් රථ ආනයනයට සහ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනයටයි. රටේ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා කෘෂිකාර්මික ආනයනවලටත් සීමා පනවා තිබෙනවා. ඒ නිසා ඇතැම් ආනයන සීමා පවත්වාගෙන යෑම අවශ්‍යතාව ආණ්ඩුව අවධාරණය කර තිබෙනවා.

යුරෝපා සංගමය මීට පෙරත් අපේ අපනයනවලට සීමා පනවා තිබෙනවා. එයින් අපේ අපනයනවලට බලපෑම් එල්ල වුණා. කෙසේ නමුත් ජී.එස්.පී. සහ අනෙකුත් සහන හේතුවෙන් අපට අපේ අපනයන ඉහළ නංවාගන්න හැකියාව ලැබුණා.

විශේෂයෙන්ම මේ අපනයන සීමා පනවා තිබෙන්නේ ඇයි කියන කරුණ අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි මේ සීමා පනවා තිබෙන්නේ මේ මොහොතේ අපි සිටින දුෂ්කර තත්ත්වය නිසයි.

ආනයන අඩුවීම හේතුවෙන් මුල් මාස 10 යේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් ඉතිරි කරගන්න අපට හැකියාව ලැබුණා. ආනයන සීමා කිරීම හේතුවෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට වැඩි මුදලක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා.

ඒ හේතුවෙන් කිසිදු අතිරේක පීඩනයක් නොමැතිව අපට ණය පොලී ගෙවන්න අවස්ථාව ලැබෙනවා.

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා මෙසේ කීය.

‘‘ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ආනයන තහනම් කර නැහැ. ආනයනවලින් පිටතට ගලායන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙන්නේ මෝටර් රථවලට. මෝටර්රථවලට පැනවූ ආනයන සීමා තවත් වසරක් යනතුරු පවතිනු ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනය කිරීම ද නවතා දමා නැහැ.

නවතම සංඛ්‍යාදත්තවලට අනුව ආනයන සීමාවලින් සියයට 55කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ඉවත් කර තිබෙනවා’’ යැයිද ඔහු පැවසීය.



අදහස් (7)

ආනයන සීමා කිරීමෙන් බිලියන 3.3 ක ඉතිරියක්

Kamal Koyrala Friday, 27 November 2020 08:25 AM

බොහොම හොඳයි... එම ඉතිරියෙන් දැන් ණය බිලියන 3.3 අඩුවුණාද? නැතිනම් ඒ මුදල කෝ?

:       3       7

Rohana Friday, 27 November 2020 10:04 AM

රටක් දියුණුකිරීමට නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අානයනය සීමාකරමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමත් අපනයන වෙළඳපල වර්ධනය කරමින් රටට අතිරික්ත වෙළඳ ශේෂයක් පවත්වා ගැනීම හොඳ ආර්ථික ප්‍රතිපත්තියක්... නමුත් එක්තරා කලක අප අනුගමනය කලේ බොහෝදුරට විවෘත ආර්ථික ප්‍රතිපත්තියකි. එකල විදෙස් භාණ්ඩ වලින් වෙළඳපල පිරී ඉතිරී ගියේය. දේශීයව නිපදවනවාට වඩා ආනයනය තුළින් මිල අඩු ගුණාත්මක භාණ්ඩ සුලභ කරමින් අපනයනයත් දිරිමත් කිරීම විවෘත ආර්ථික ක්‍රමයක අරමුණ විය. විවෘත ආර්ථික ක්‍රමය සහ තරමක් සංවෘත ආර්ථික ප්‍රතිපත්ති හාත්පසින් එකිනෙකට පරස්පරය... කුමන හෝ එක ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම නිසා අප රට දැඩි ආර්ථික පසුබෑමකට මුහුණදී සිටින බව පෙනේ...

:       3       5

de silva Friday, 27 November 2020 02:19 PM

තම පුරවැසියන්ට රටට ඇතුල්වෙන්න බැරිවෙන්න ගුවන් තොටුපළ වහගෙන, ජනතාවට ආර්ථික සම්බාධක දමාගෙන දියුණුවන රටක් ලෝකයේ නැහැ. උතුරු කොරියාවේ මිනිස්සු එහෙම හිටියට ලංකාවේ මිනිස්සු මේවට කැමැති නැහැ.

:       5       5

Buddhika P Saturday, 28 November 2020 05:27 AM

ඔය මොනවා කිව්වත් වැඩක් නෑ. දුප්පත් මිනිස්සු ආර්ථිකව හිරවෙලා ඉන්නේ. හුඟක් කර්මාන්ත වැහිලා. පඩි බාගයයි ලැබෙන්නෙත් අනෙක් ඒවයින්. මිනිස්සු වේලක් දෙකක් කන ගානට රට වැටිලා. ඉගැන්වීම ඔන්ලයින් වුණත්, ටියුෂන් සල්ලි මුළු ගානම ගන්නවා. තව ඔන්ලයින් යන්න අමතර සල්ලි යනවා හුඟක්. ලොකු කොම්පැනිවලට මේවා සල්ලි ඉල්ලම්... මේවා ටිකක් හොයන්න.. බොරු කයිවාරු නැතුව. අඩුගානේ ඒ අයට ලයිට් වතුර ටෙලිෆෝන් TV බිල් වලට මාස තුනක ගෙවීම් කාලයක් වත් දෙන්න, කපන්න දෙන්න එපා. අවුරුද්ද අන්තිමේ, මෙච්චර බිලියන ගණන් ලාභයි කියලා විතරක් කොම්පැනි වලට අත හෝද ගන්න දෙන්න එපා. මේ වගේ වසංගත කාලෙක...

:       1       7

Rata Perata Saturday, 28 November 2020 08:27 AM

මහාචාර්ය ඔක්කොමලාගේ මොලේ කොළොප්පම්ද කොහේද? මොකද ඔක්කොම වයස පොරවල්නේ ඉන්නේ..කිසිම දැක්මක් නැති අසාර්ථක රජයක්.. නන්දසේන ෆේල්ම ෆේල්...

:       3       9

gamage Saturday, 28 November 2020 12:13 PM

ලංකාවේ මුළු ආනයන වියදම රුපියල් බිලියන 2500 කටත් වැඩියි . 3.3 ක් බේරා ගැනීම මහා අාශ්චර්යයකි.

:       0       0

sakalabujan Sunday, 29 November 2020 03:59 AM

ආනයන සීමා නිසා ණය අඩුවීමක් නෑ. පොලිය ගෙවා ගන්නයි මේ තරම් දඟලන්නේ. වැඩිම අපට ණය ගෙවන්න තියෙන්නේ චීනයට... නෙලුම් කුළුණ, මත්තල ගුවන් තොටුපල වගේ සුදු අලි වෙනුවෙන් දැන් මිනිස්සු දුක් විඳින්න ඕනෑ. රජපක්ෂලාගේ නම යනවා. අහිංසක මිනිස්සුන්ගේ හම යනවා. "ඒ හේතුවෙන් කිසිදු අතිරේක පීඩනයක් නොමැතිව අපට ණය පොලී ගෙවන්න අවස්ථාව ලැබෙනවා"

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1067 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site