හර්ෂණ තුෂාර සිල්වා
ඉකුත් අප්‍රේල් මාසයේදී උද්ධමනය සියයට 1.6ක් දක්වා පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.6ක් අඩු වී තිබේ.
මේ වසරේ මාර්තු මාසයේ පැවැති සියයට 2.8ට සාපේක්ෂව 2016 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් වාර්තා වූ අඩුම උද්ධමනය අප්‍රේල් මාසයේදී වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
පසුගිය අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනයේ සිදු වූ මෙම පහළ යෑමට පසුගිය වසරේ (2017) අප්‍රේල් මාසය තුළ දී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ මිල ගණන්වල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පැවැති ඉහළ පදනම් අගය දායක වූ බව ද මහ බැංකුව සඳහන් කරයි.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ මාර්තු මාසයේදී සියයට 6.7ක් වූ අතර එය අප්‍රේල් මාසයේදී සියයට 6.1ක් දක්වා අඩු වූ බව ද මහ බැංකුව කියයි.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 1.6කින් පහළට
Senarath Wednesday, 23 May 2018 08:34 AM
වට්ටක්ක විකුණගන්න බැරුව ගොවියෝ වට්ටක්ක විස්කලානේ. මිනිස්සු ඒවා කෑමට අරගෙන වෙන්න ඇති අප්‍රේල් මාසේ ජිවන වියදම 1.6 කින් පහල ගියේ. එහෙම නැතිව රටේ සංවර්ධනය වේගවත් වෙලාවත්, ඩොලරයේ මිලට සාපේක්ෂව රුපියලේ වටිනාකම වැඩි වෙලාවත් වෙන්න බැහැනේ. ඩොලරය දැන් රුපියල් 160 වෙලානේ.
sanath Wednesday, 30 May 2018 08:23 AM
මේක නම් අදහගන්න බැරි අඩුවීමක්, පැට්‍රොල්, ඩීසල් හා බූමිතෙල් පිළිවෙලින් රු 20, 14 හා 50 කින් වැඩි වෙලත් කොහොමද උද්ධමනය අඩුවෙන්නේ?